Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
අටළුගම COVID 19 ආසාදිතයාගේ පියා සහ සහෝදරිය හදිසියේ රෝහල් ගත කරයි - ප්‍රදේශයේ ආරක්ෂාවත් තර කෙරේ

- අටළුගම COVID 19 ආසාදිතයාගේ පියා සහ සහෝදරිය හදිසියේ රෝහල් ගත කරයි - ප්‍රදේශයේ ආරක්ෂාවත් තර කෙරේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,524 Views
බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේදී හමුවූ කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය කොරෝනා බවට සැක කෙරෙන රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ අද පෙරවරුවේ ඔවුන් කළුතර - නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි.

කොරෝනා ආසාදිතයෙකු පසුගිය දා හමුවීමත් සමඟ අටළුගම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය ඊයේ පියවර ගත්තා.

පසුගිය දින 5 පුරා අදාළ රෝගියා ගැවසුණු ස්ථානවලට ජනතාවට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදුන් අතර, ප්‍රදේශයට ඇතුළුවීමට ඇති ප්‍රවේශ මාර්ග 8ක් ද මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.

අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ ප්‍රදේශයේ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම ද අද පෙරවරුවේ සිට සිදුකෙරෙන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top