Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
හිත් පිත් නැති COVID 19, ප්‍රංශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් වූ ජුලීව අවසන් ගමන් යැවූ හැටි මෙන්න - Photos

- හිත් පිත් නැති COVID 19, ප්‍රංශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් වූ ජුලීව අවසන් ගමන් යැවූ හැටි මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,230 Views
"ඒක ඇත්තටම භයානකයි.. ඇය මගේ දියණිය..."
"ඒත් ඒක පිළිගන්න බැරි තරම් දුෂ්කරයි.."
"අනිත් හැමෝම වගේ අපිත් ඒ දේ විශ්වාස කළා..."
 
මේ වන විට ලොව පුරා ආධිපත්‍යය පතුරුවන මාරාන්තික කොරෝනා වෛරසය, ජීවිත 27, 364ක් බිලිගෙන අවසන්.
 
ඉතාලි රාජ්‍ය තුළ වැඩිම පිරිසක් මරණයට පත්ව ඇති අතර, පිළිවෙලින් ස්පාඤ්ඤය, චීනය, ඉරානය මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.

ප්‍රංශයෙනුත් මරණ 1995ක ප්‍රමාණයක් වාර්තා වනවා. කෙසේ වෙතත් ප්‍රංශයේදී කොරෝනාවට ගොදුරුව අවසන් ගමන් ගිය පාසල් සිසුවියක් පිළිබඳ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
16 හැවිරිදි ජූලී ප්‍රංශයේ පාසැල් සිසුවියක්.
 
මීට දින කිහිපයකට පෙර හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇගේ දෙමාපියන් විසින් පැරිස් නගරයේ රෝහලකට ඇයව ඇතුළත් කරනු ලැබ තිබෙනවා.
 
එහෙත් හිත්පිත් නැති කොවිඩ් 19, මේ නව යොවුන්වියේ සිටි සුන්දර තරුණිය අවසන් ගමන් යැව්වා.
 
ප්‍රංශයේ මියගිය අඩුම වයස හිමි කොරෝනා රෝගියා වන්නේ ද ජූලීයි.
 
සුළු මොහොතකින් නිමා කළ ඇයගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූයේ පවුලේ සාමාජිකයින් පමණක් බවයි වාර්තා වූයේ.
 
ඇය වෙනුවෙන් තමා උගත් පාසැල පවත්වන ශෝක දිනයද වසංගතය නිමාවන දිනයක පවත්වන්නට ඇයගේ පාසැල් මිතුරු මිතුරියන් ගුරුවරුන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.
 
කොරෝනා වෛරසය වැඩිහිටි පුද්ගලයින්ට පමණක් මරණය ගෙන එන බවට ඇති කරගත් මතයට නිසි පිළිතුරක් ජුලී ගේ අවාසනාවන්ත මරණයත් සමගම ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
සිය දියණියගේ මරණය පිළිගැනීම අපහසු බව පවසන ඇගේ මව මෙසේ සඳහන් කළා.
 
"ඒක ඇත්තටම භයානකයි.. ඇය මගේ දියණිය. ඒත් ඒක පිළිගන්න බැරි තරම් දුෂ්කරයි.."
 
ජුලිගේ වැඩිමහල් සහෝදරිය පැවසුවේ මෙවැන්නක්,
 
"මුල සිටම අපිට කියා තිබුණේ කොරෝනා තරුණ අයට බලපාන්නේ නැති බවයි. අනිත් හැමෝම වගේ අපිත් ඒ දේ විශ්වාස කළා..."
 
ජුලී පරීක්ෂාවට ලක් කළ මහාචාර්ය ජෙරොම් සලමොන් පැවසුවේ, "ජූලි යෞවනයන් අතර අතිශය දුර්ලභ රෝගයකට ගොදුරු වූ" බවයි.
 
විදෙස් මාධ්‍ය ඇසුරිනි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top