මුලින්ම අපි රටට, ලෝකයට මේ සිද්ධ වෙලා තිබෙන දේ ගැන මානුෂිකව බලන්න ඕනේ. අපි මේ වෙලාවේ ආත්මාර්ථකාමී වෙලා වැඩක් නැහැ.
මම මගේ චිත්‍රපටය තිරගත කරන්න ඕනේ කියලා ආත්මාර්ථකාමී වෙලා බෑ. මේ ඇති වෙලා තිබෙන විනාශයෙන් රට ගලවා ගන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි.
මගේ ‘සුපර්ණා’ චිත්‍රපටය පැත්තෙන් ගත්තොත් මේ ඇති වුණු තත්ත්වයට මුහුණ දීම දැවැන්ත පාඩුවක් තමයි. දැනට තිරගත වෙමින් තිබුණු හැම චිත්‍රපටයකටම ඒ පාඩුව බලපානවා.
මේ ව්‍යසනකාරී තත්ත්වය දුරුවෙලා චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කරන්න පුළුවන් කාලයක් එනවා. එවිට චිත්‍රපටය පෙන්වන්න පුළුවන් වටපිටාවක් සකස් කරගන්න ඕනේ.
චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය ආරම්භ කරද්දී සිනමාශාලා ඒ තත්ත්වයට කොහොම ප්‍රතිචාර දක්වයිද දන්නේ නෑ. මොකද තවත් චිත්‍රපට තිරගත වෙන්න තිබෙනවා. නැවත චිත්‍රපටය ප්‍රදර්ශනයට සහන කාලයක් ලැබෙනවා නම් හොඳයි.
අපි ඉස්සෙල්ලාම ජීවත් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ රසවින්දනය ගැන හිතන්න පුළුවන්. අපි සුපර්ණා චිත්‍රපටයෙනුත් කතා කරන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරන වයිරසයක් ගැන.
සංවර්ධනය මුවාවෙන් ගහකොළ, සතා, සිවුපාවා, ස්වභාවදහම විනාශ කිරීම ගැන තමයි අපි කතා කරන්නේ. සමස්ත ජනතාවට අපි කියන්නේ මීට වඩා ඥානවන්ත වෙලා රට ගැන හිතලා ස්වභාවදහම රැකගන්න. නැත්නම් මීට වඩා භයානක තත්ත්වයන්ට ලෝකයටම මුහුණ දෙන්න වෙන්න පුළුවන්.