Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Mar
28
"රට වෙනුවෙන් කියලා දේශපාලනයට එන අය විහිළුවක් කරන්නේ කියලා මුළු රටම දන්නවා..." - ගිහාන් ප්‍රනාන්දු

- "රට වෙනුවෙන් කියලා දේශපාලනයට එන අය විහිළුවක් කරන්නේ කියලා මුළු රටම දන්නවා..." - ගිහාන් ප්‍රනාන්දුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
"මම දේශපාලනයට එන්නෙ නෑ.."

" මෙයටත් වඩා දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ..."

එළැඹෙන මහ මැතිවරණයට තව සුළු කාලයයි. හතර වටින් අපට අසන්නට ලැබෙන්නේ විවිධ කලා ශිල්පීන් දේශපාලනයට ඉදිරිපත් වීම සම්බන්ධ තොරතුරුයි. ඉතින් මොවුන් රටේ යහපත වෙනුවෙන් එහෙමත් නැතිනම් කලාව වෙනුවෙන් මොනවා කරයිද? මේ කරුණු කාරණා ගැන රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු කියන්නේ මෙහෙම කතාවක්.

ගිහාන් මේ දවස්වල පුංචි තිරයේ නිතරම දකිනවා?
ඔව්. ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. විශේෂයෙන්ම මම මුල් කාලයේ කරපු ටෙලිනාට්‍ය කිහිපයකුත් විකාශය වෙනවා. ඒවාට හොඳ ප්‍රතිචාර මඟතොටේදී ලැබෙනවා.

කොහොමද ඔය තරම් සාර්ථකව චරිතවලට මාරුවෙන්නේ?
රංග අභ්‍යාස මූලික කරගෙන වැඩ කටයුතු කිරීමේදී චරිත වෙනස් කර නිරූපණය කිරීම සරල දෙයක්. මම උත්සාහ කරන්නේ පිටපතේ චරිතයෙන් මතුවන දේ නිරූපණය කිරීමටයි.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයේ ඔබේ සමකාලීන මිතුරන් ක්‍රියාකාරීව කටයුතු කරනවා. ඔබේ අදහසක් නැතිද දේශපාලනයට පිවිසීමට?
මම හිතන්නේ මේ ලෝකෙට අපි උපදිනකොට එකිනෙකාට කරන්න විවිධ කාර්යයන් අරගෙන තමයි එන්නේ. ඉතින් මම රංගන වෘත්තිය අරගෙන ආවා. මම ආර්ට් එකේ දේශපාලනය කරනවා. ඔය විදියට අනෙකුත් අයත් විවිධ අංශවල වැඩ කරන්නේ ඔවුන් රැගෙන ආ සහජ හැකියාවන් එක්ක තමයි.

ජනප්‍රියතාව වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ නේද?
මම ජනප්‍රිය වුණේ කලාව නිසා. ජනතාවගෙන් ලැබුණ ආදරය, ගෞරවය නිසා. ඉතින් ඔවුන්ගේ ඒ සතුට වෙනුවෙන් මම රටට දෙයක් කරනවා. ඒ ජනප්‍රියතාවට හානි කරගෙන කටයුතු කරන්න මම කැමැති නැහැ. රට වෙනුවෙන් මම මේ කරන දේ හොඳට ඇති. ලංකාවේ කෝටි දෙකක් ඉන්නව කියපු ඔවුන්ව සතුටු කරන්න පුළුවන් දේවල් මම කරනවා. ඔවුන් හමුවුණාම දක්වන ප්‍රතිචාරය මට ඇති.

ඔබට මෙයට වඩා තවත් යමක් කළ හැකියි කියලා අපි කිව්වොත්?
මම අවුරුදු පනහක් ජීවත් වුණා. එයින් අවුරුදු තිහක්ම කළේ කලාව. මම මිනිසුන් උපරිම සතුටු කළා. මෙයටත් වඩා තවත් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

රට වෙනුවෙන් කියලා හිතාගෙන දේශපාලනයට එන අය කරන්නේ රැවටීමක් කියලද ඔබ හිතන්නෙ?
එය මට වඩා රටේ ජනතාව දන්නවා. රට වෙනුවෙන් කියලා දේශපාලනයට එන අය විහිළුවක් කරන්නේ කියලා මුළු රටම දන්නවා.

ඔබ එලෙස අදහස් කරන්නේ කලා ක්ෂේත්‍රයෙන් දේශපාලනයට එන අය ගැනද?
මම කලා ක්ෂේත්‍රයෙන් දේශපාලනයට එන අයට දොස් කියනවා නෙමේ. ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ගේ සිට මහා මැතිවරණවලින් පාර්ලිමේන්තුවට ආපු අය දක්වා බහුතරයක් කළේ බොරු පමණයි. ඔවුන්ට වාහනයක් දෙනවා නම් රියැදුරෙක් දෙනවා නම්, ආරක්ෂාවක් දෙනවා නම් එච්චරයි කියලා හිතනවා. ඒත් රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. කවුරු ආරාධනා කළත් මම නම් යන්නෙ නැහැ දේශපාලනයට.

ඒ කියන්නේ ඔබට පක්ෂ භේදයක් නැතිද?
මම දේශපාලනයට කැමැති නැහැ. පාට, පක්ෂ භේදයකින් තොරව අපේ ජනතාව අපේ නිර්මාණ රසවිඳිනවා. එය සතුටට කරුණක්.

කලාකරුවෝ දේශපාලනයට ගිහින් කලාව වෙනුවෙන් මොනවා හරි කළා කියලා හිතනවද?
කලා ක්ෂේත්‍රයේ කෙනෙක් දේශපාලනයට ගිහින් කලාව වෙනුවෙන් දෙයක් කෙරුවේ නැහැ කියන අදහසට මම විරුද්ධයි. රටේ ජනතාව කලාව රසවිඳිනවා. එන නාට්‍ය බලනවා. රටේ ජනාධිපතිවරුන්, නායකයන් කලාවේ අඩුපාඩු ගැන සොයා බැලිය යුතුයි. පාර්ලිමේන්තුවට යන 225 අතරේ කලාකරුවන් විසිපස් දෙනෙක් හිටියොත් මෙයට වඩා කලාව පෝෂණය වෙයි. ඒත් එහෙම යන්න පුළුවන් වෙයිද?

කාලෙක ඉඳල ඔබ සිහින දකිනවා නිර්මාණයක් කිරීමට. තවම ප්‍රමාද?
නිර්මාණයක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එයට සූදානම් වෙනකොට තවත් නිර්මාණවලින් මට ආරාධනා කරනවා. ආවට ගියාට නිර්මාණයක් කරන්න බැහැ. හොඳට සැලැසුම් කරලා කාලය අරගෙන කරන්න ඕනෑ.

වේදිකාවේ, සිනමාවේ, පුංචි තිරයේ ඔබ කාර්යබහුල රංගන ශිල්පියෙක්. කොහොමද මේ සියල්ල සැලැසුම් කරන්නේ?
මම ගැන දන්න අය දන්නවා හැම වෙලාවෙම හොඳ සැලැස්මක් ඇතිවයි මම වැඩ කරන්නේ. මම මාසෙකට කරන්න තියෙන වැඩ ටික මට කටපාඩම්. ආර්ථිකය ගැන හිතලා මම වැඩ බදාගෙන කරන්නේ නැහැ. ඔය සැලැසුම් අතර මගේ පෞද්ගලික වැඩකටයුතුත් කිසිම ප්‍රශ්නයක් නැතුව කරනවා.

ජනප්‍රිය නළුවකු සමඟ එකතු වෙලා වෙනස්ම වැඩකටයුත්තක් කරගෙන යනවා නේද?
මමයි කුමාර තිරමාදුරයි එකතු වෙලා තමයි මේ ප්‍රසංගය කරන්නේ. එය “වත්තල ගිහාන් විත් මහරගම කුමා” නමින් කරගෙන යන්නේ.

වසන්ත විතාරණගේ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top