Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
28
රත්නපුරේ පවුල් 50කට ආහාර දුෂ්කරතාවක්

- රත්නපුරේ පවුල් 50කට ආහාර දුෂ්කරතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,467 Views
කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානමත් සමඟ ඇති වූ තත්ත්වයත් සමඟ රත්නපුර - බානගොඩ වතු නිවාසවල රැදී සිටින පවුල් 50 කට අයත් පුද්ගලයින් 200 කට අධික පිරිසක් ආහාර නොමැතිවීම හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

වතුකම්කරුවන්ට දෛනික වතු වැඩ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මුදල් නොමැති තත්ත්වයක් පවතින බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අදාළ ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ද බීමට සුදුසු තත්ත්වයේ නොපවතින අතර, පසුගිය දිනක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද බානගොඩ වතු නිවාසවල ජනතාවට එම ජලය බීමට නොගන්නා ලෙස දැනුවත් කර තිබුණා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ ඔවුන් මේ වනවිට එම අපිරිසිදු ජලය බීමට ගන්නා බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ගොවිතැන් කටයුතු සඳහා ඇඳීරි නීතිය පවතින කාලසීමාවේ විශේෂ අවසරයක් හිමිවීම හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් තම දෛනික වතු වැඩ වල නිරත වන බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top