Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
කොරෝනා වෛරසය ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ගැන තවත් තොරතුරු එළියට එයි - අවසන් කටයුතු එරටදීම සිදු කෙරෙයි - Video

- කොරෝනා වෛරසය ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා ගැන තවත් තොරතුරු එළියට එයි - අවසන් කටයුතු එරටදීම සිදු කෙරෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,363 Views
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදීම සිදුකරන බව වාර්තාවනවා.
 
මෙම පුද්ගලයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එරට පිහිටි තනාපති කාර්යාලය සමග සිදු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
 
යාපනය - පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ  මෙම 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ඊසානදිග ස්විට්සර්ලන්තයේ සෙන් - ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්.

ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.
 
පසුගිය 25 වන දා මිය ගොස් ඇති ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නයින්ටීන් වෛරසය බව සනාථ වී තිබෙනවා.
 
ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය, ලක් රජය වෙත නිළ දැනුම්දීමක් සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
 
ස්විට්සර්ලන්තයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 11,951 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 197ක් ද වාර්තා වුණා.
 
ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 106ක්.
 
ඉන් 6 දෙනෙකු ප්‍රතිකාර ලබා මේ වන විට රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර, 4 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පුද්ගලයින් 238 දෙනෙකු මේ වන විට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.
 
කොරෝනා බවට සැකකෙරෙන රොගින් 24 දෙනෙක් ප්‍රතිකාර ලබන හෝමාගම මුලික රෝහලේ කටයුතු සඳහා රොබෝ යන්ත්‍රයක් යොදා ගැනිම සඳහා පෞද්ගලික සමාගමක් එක්ව අවශ්‍ය කටයුතු සිදු කිරිමට රෝහල් බළධාරින් කටයුතු කළා.
 
එම රොබෝ යන්ත්‍රය හෙට සිට ක්‍රියාත්මක කිරිමටයි නියමිතව ඇත්තේ.
 
එමෙන්ම කොරෝනා වෛරසය මැඬ පැවැත්වීම සඳහා වන දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික කමිටුව සිය වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරියට භාර දී තිබෙනවා.
 
මේ අතර, හලාවත ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ඇති සියලූම ගොඩනැගිලි කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ගත් තිරණයත් සමඟ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචී එම ස්ථානයේ නිරික්ෂණය චාරිකාවකට එක් වුණා.
 
එසේම, මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා කාලය තීරණාත්මක කාලයක් බවත්, එම කාලය තුළ සියයට 75 කට වැඩි සමාජ දුරස්ථකරණයක වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ අද වනවිට ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා රෝගීන් 85,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.
 
මෙරට ජනතාව ද සමාජ දුරස්ථකරණය සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්වුවහොත් රෝග ව්‍යාප්තිය යළිත් ඉහළ යා හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top