Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Mar
27
"ඒ වගේ චෝදනාවක් වෙන කෙනෙකුට වුණා නම් මම නීතිමය පියවර ගන්නවා, ඒ සිදුවීම මම අමතක කළා.." - පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ

- "ඒ වගේ චෝදනාවක් වෙන කෙනෙකුට වුණා නම් මම නීතිමය පියවර ගන්නවා, ඒ සිදුවීම මම අමතක කළා.." - පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"ඒ ගැන මගේ බිරිද ඉන්නේ හොද අවබෝධයකින්.."

"කොලඹ හිගන්නෝ නම් බිස්නස් එකට හිගා කන්නේ.."

"මට ඊයේ ඇමතුමක් ආවා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුගෙන්.."

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට මේවන විට රටවල් 199ක් කොරෝනා වෛරස් තත්ත්වයට මුහුණ දෙමින් සිටිනවා. අපේ රටත් ඊට ඇතුළත්. එම වසංගත තත්ත්වය සමග ශ්‍රී ලාංකික ජනතාවට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ උපදෙස් දෙන චරිතයක් සිටිනවා, ඒ වෙන කවුරුවත් නෙමෙයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කේ. අජිත් රෝහණ. පොලිස් නීති කොට්ඨාශයේ විනය සහ කල් ක්‍රියා පිළිබඳ සොයා බැලීම ඔහු විසින් සිදු කරනවා. කොරෝනා වසංගතයට සක්‍රිය දායකත්වය ලබා දෙන ඔහුට බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඒ නිසා ඔහු සමග කතා කරන්න ඔහුව සම්බන්ධ කරගත්තා. මේ ඔහු කියන කතාවයි.

ලෝකයම කොරෝනා වසංගතයට ගොදුරක් වෙමින් තියෙන මොහොතක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබත් වෙහෙසකර ලෙස රාජකාරියේ යෙදෙනවා. මේ අවධානම එක්ක ගණුදෙනු කරද්දී ඔබට ජීවිතය ගැන බයක් නොහිතුණා කිව්වොත් එය බොරුවක් නේද..මුලින්ම අපි ඒ ගැන කතා කරමු..?
ඇත්තම කිව්වොත් 100% අවධානම තියෙනවා කියන එක මටත් දැනෙනවා. කොරියාව, චීනය , ඉතාලිය ඉරානය වගේ රටවල පවතින අධික අවධානම් තත්ත්වය අපිට දකින්න ලැබෙනවා. අපේ තත්ත්වයත් අපිට හැබැහින් දකින්න ලැබෙනවා. ඒ නිසා අවධානමක් තියෙනවා කියන එක පිළිගන්න ඕන. ඒ බය මනුස්සයෙක් විදිහට මටත් දැනෙනවා. නමුත් රට ගොඩ ගන්න නම් ඒ අවධානම එක්කම අපිට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. රට මේ කොරෝනා මාරයාගෙන් බේරා ගන්න. මහජනයාව ඉන් බේරා ගන්න අපි ගැන නොහිතා කවුරුත් වෙහෙසෙන්නේ එකයි. අවධානම නොදැනෙනවා නෙමෙයි. යම් කිසි බලවේගයක් විසින් හෝ අපිවත් ආරක්ෂා වෙයි කියලා විශ්වාස කරනවා.

ඔබ නිරන්තරයෙන්ම සමාජයත් එක්ක ගැවසෙනවා. ඔබේ අවධානම් තත්ත්වය නිසා එය ඔබේ කුටුම්බයට බලපාන්න පුළුවන් නේද..?
අනිවාර්යෙන්ම ඔව්. මම නිසා මගේ පවුලත් මේ වෙද්දී අවධානම් තත්ත්වයක ඉන්නේ. ඒ නිසා මම රාජකාරි කටයුතු අවසන් වෙලා කීයට හරි ගෙදර ගියොත් එයාලගෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. මේ කොරෝනා තත්ත්වය අපේ රටට බලපෑමක් වෙයි කියලා මට දැනුණා. ඊට දවස් දෙකක් විතර ගියාට පස්සේ මම මගේ බිරිදට කිව්වා පුතා එක්ක උඩු මහළට වෙලා ආරක්ෂිතව ඉන්න කියලා. එයාලා සියලු ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරනවා. මමත් මේ කාලය පුරාවටම එයාලා එක්ක කතා කරන්නේ ඈතින් ඉදලා. ඒ නිසා අවධානම අඩු කරගන්න පුළුවන්. මේ දවස්වල මමත් ස්වයං නිරෝධායනය වෙනවා වගේ තමයි ජිවත් වෙන්නෙත්.

ඒ නිසා බිරිද කියන්නේ නැද්ද මේ කටයුතු වලින් ඉවත් වෙලා ඔබට ආරක්ෂා වෙන්න කියලා..?
මගේ රාජකාරිය මොකක්ද, රටට ඇතිව ඇති තත්ත්වය මොකක්ද කියන එක ගැන මගේ බිරිදට හොද අවබෝධයක් තිබෙනවා. මේ වෙලාවේ මගේ සේවයත් රටට අවශ්‍යයි. මගේ ජිවිතේ ගැන බයක් ඇයටත් අනිවාර්යයෙන්ම ඇති. නමුත් ගෙදරට වෙලා ඉන්න කියලා මට ඇය කියන්නේ නැහැ. මගේ දුරකථන අංකය කාර්ය බහුලයි වගේම තමයි මගේ බිරිදගේ දුරකථන අංකයත් මේ දිනවල කාර්යබහුලයි. මොකද නිරෝධායනය වෙන්න අවශ්‍ය කෙනෙක් හිටියොත් එයාගේ අංකයට හෝ කතා කර මට පණිවිඩය දෙන්න කියලා කියන පිරිස් ඉන්නවා. ඒ වගේම රටේ පවතින ඇදිරිනීති තත්ත්වය ගැන එහෙම ඇයගෙන් විමසන පිරිසකුත් ඉන්නවා. ඇය ඊට සුබවාදීව මුහුණ දෙනවා.

ඔබ මේ රටේ ජනප්‍රිය චරිතයක්. ඔබේ ජනප්‍රියත්වයට දරුවන්ගේ ප්‍රතිචාර කොයි වගේද..?
මගේ දුව Belarus වල කියන රටේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබනවා. පුතා ඉගෙන ගන්නේ ලංකාවේ. මේ දෙන්නට වගේම බිරිදටත් විවිධ අයුරින් මම නිසා ප්‍රතිචාර ලැබෙනවා කියලා මාත් එක්ක කතා කරලා තියෙනවා.

දුව විදෙස්ගතව ඉන්නේ. මේ වසංගත තත්ත්වය එක්ක ඇය විදෙස්ගත ඉන්න එක ඔබට මානසිකව බලපානවා ඇති..?
දුව වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නේ. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් නිසා එයාගේ සෞඛ්‍ය පහසුකම් සලසා ගන්න එයාට අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි මම බය නැතුව ඉන්නේ. එයා ගැන මට දුක් වෙන්න හේතුවක් තවම නැහැ.

මේ ව්‍යසනය එක්ක ඔබ නිරන්තරයෙන්ම මාධ්‍ය එක්ක ගණුදෙනු කරනවා. පසුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට එරෙහිව කතා කළ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කාන්තාවක් "උඹගෙ ඔය පොලිස් ඇඳුම ගලවලා ගෙදර නැවතියන්..' යැයි කළ අපහාසාත්මක වීඩියෝව ගැන බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා. රට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන ඔබට ඒ ගැන කණගාටුවක් නැද්ද..?
ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකිකයින්ව හෙලා දකින්න කොහෙත්ම මම හිතුවේ නැහැ. මම හිතුව එකම දේ තමයි ඉතාලියේ තියෙන භයානක තත්ත්වය පෙන්නලා දීලා ලංකාවේ ජනතාවට පණිවිඩයක් දෙන එක. ඉතාලිය කියන්නේ ලෝකේ දෙවැනි තැනට සෞඛ්‍ය පහසුකම් ඇති හොදම රට. ඒ රටේ ජනතාවගෙන් ලක්ෂයකට රෝගී ඇදන් 12ක් තියෙනවා. ඒ වගේ පහසුකම් තිබිලත් කොරෝනා වෛරසය මැඩපවත්වන්න අපොහොසත් වුණා. ඒ වගේම කියන්න ඕන මම මිට පෙර මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරලා තියෙන කාලවකවානුවල මිට වඩා අභියෝගවලට මුහුණ දීලා තියෙනවා කියන එක. ඒ නිසා මේ තත්ත්වයේදී මම සැලෙන්නේ නැහැ. මෙවැනි සිද්ධියක් වෙන කෙනෙකුට වුණානම් එම වීඩියෝ එක සමාජගත කරන්න මුල්වුණු අයට හෝ නීතිමය පියවර ගන්න මම උත්සහ කරනවා. මෙම සිදුවීම මට වුනු නිසා මම නීතිමය පියවරක් ගන්නේ නැහැ. මම එම සිදුවීම අමතක කළා. නමුත් මෙවැනි දේවල්වලින් අපිව වට්ටන්න බැහැ තවත් අපි ශක්තිමත් වෙනවා හැර.

ඔබගේ සේවා කාලය වර්ෂ 30ක් වෙනවා. මේ කාලය තුළදී ඔබ විවිධ අයුරින් පොලිසියට, රටට සේවය කර තිබෙනවා. නමුත් ඔබ ජනතාවට සමීප වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියටයි. මෙවැනි ජනප්‍රියත්වයක් හැමෝටම ලැබෙන්නේ නැහැ.මේ දිනවල ඔබ වඩාත් කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා..?
ඔව් මගේ සේවා කාලය 30වසර ක් වෙනවා. වසර 10ක් පමණ මම මාධ්‍ය එක්ක කටයුතු කළා. මාධ්‍ය ප්‍රකාශක හැටියටත් කටයුතු කළා. මේ කාලය තුලදී පොලිස් සේවයට වගේම රටට විවිධ අයුරින් සේවය කරන්න අවස්ථාව මට ලැබිලා තියෙනවා. නමුත් මට හිතෙන්නේ මේ කාලය තමයි මගේ සේවා කාලය තුළ උපරිම සේවයක් පුළුවන් හොදම කාලය කියලා. මොකද ගෝලීය වසංගතයක් පවතින අවස්ථාවක් මේ පවතින්නේ. ඒ වගේ අවස්ථාවක ලංකාවට සේවය කරන්න ලැබීම ලොකු දෙයක්. මිනිස්සුන්ට දැනෙන විදිහට කියන්න ඕන. නැත්තනම් මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම හිතනවා මට ඒ හැකියාව තියෙනවා කියලා. ඒ වගේම ජනතාවගේ ආදර ලැබීම ගැන මට සතුටු වෙන්න පුළුවන්. එය නිහතමානි සතුටක්.

කොරෝනා වසංගත තත්ත්වය ගැන ඇතැම් අය සැහැල්ලුවට ගෙන තිබෙන අවස්ථාත් දැකගන්න ලැබෙනවා. මේ වගේ අවස්ථාවක මාධ්‍ය ප්‍රකාශක හැටියට මාධ්‍ය ඔස්සේ ඔබ දෙන උපදෙස් පිළිගන්නවා කියලා ඔබ හිතනවද..?
මාධ්‍ය ප්‍රකාශක හැටියට මම දෙන උපදෙස් සමස්ථ ජනතාවගෙන් සියයට 90ක් පිළිපදිනවා. සියයට දහයක් පමණ ඉන්නවා මෙවැනි බරපතල තත්ත්වයක් හමුවේ වැරදි ලෙස කටයුතු කරන . ඇතැම් අයට තවමත් මෙහි බරපතල තත්ත්වය තේරෙන්නේ නැහැ. අවබෝධයක් නැහැ. ඒ නිසයි එහෙම කටයුතු කරන්නේ. අපි කියන දේවල් පිළිපදින නිසා තමයි මිනිස්සුන්ගේ චර්යාව මේ තරම් දුරට පාලනය කරගන්න පුළුවන් වුණේ.

මේ දිනවල පවතින ඇදිරි නීති තත්ත්වය එක්ක ඇතැම් පිරිස් ආහාර පාන නිසා අපහසුතාවට පත් වෙලා. ඔබ සංවේදී වූ අවස්ථාත් ඇති..?
මේ ව්‍යසන තත්ත්වය එක්ක සංවේදී අවස්ථා බොහොමයක් දැකගන්න අහන්න ලැබෙනවා. මට ඊයේ ඇමතුමක් ආවා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කන්න බොන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නවා කියලා. පොළොන්නරුව ගමකින්. මම ඊට අවශ්‍ය පියවර ගන්න කියලා අදාල බලධාරීන් දැණුවත් කළා. ඒ වගේ සිද්ධි හරිම සංවේදී අවස්ථා නමුත් මේ වෙලාවේ අපි රට ගැන හිතන්න ඕන. රට බේරුනොත් තමයි අපි බේරෙන්නේ.

මහමග සිගන පිරිසත් මේ දිනවල අසරණ තත්ත්වයක ඉන්නේ..?
කොලඹ හිගන්නෝ නම් බිස්නස් එකට හිගා කන්නේ. නමුත් අසරණ වුනු යාචකයින් ඉන්නවා. ඒ අය ගැන හොයලා බලලා කෑම බීම සපයන්න කටයුතු කරනවා.

මාරාන්තික කොරෝනා තත්ත්වය ගැන සමාජ මාධ්‍ය විවිධ මත පල කරනවා. ඒ ඔස්සේ ජනතාවට යම්තාක් දුරට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ ගැන ඔබට අවසන් වශයෙන් මොනවාද කියන්න තියෙන්නේ..?
කොරෝනා කියන්නේ සත්තුන්ගෙන් බෝවන රෝගයක් නෙමෙයි. මිනිස්සුන්ගෙන් බෝවන රෝගයක්. ඒ නිසා අසත්‍ය ප්‍රචාර ප්‍රචාරණය කරන්න හොද නැහැ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ ජනතාවගේ විනයගරුක තත්ත්වය මත බව කවුරුත් මතක තබා ගෙන කටයුතු කරන්න ඕන කියලා තමයි කියන්න ඕනේ.

හර්ෂණී වීරරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top