වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලුම ඖෂධ අලෙවිසැල් වහා වසා දමන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව, ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා පමණක් අවසර ලබාදී තිබෙනවා.
එමෙන්ම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සුපිරි වෙළඳසැල්වලට අවසර ලබාදී ඇති අතර, එම වෙළඳසැල් විවෘත කර පාරිභෝගිකයන්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහා එම වෙළඳසැල් ද වසා දමන ලෙසයි නියෝග කර ඇත්තේ.