Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
"හැම කඩප්පුලි කතාවම ඉවසගෙන මේ රටේ මිනිස්සු එක්කම මේකට මුණදෙමු අපි.." - හොරෙන් රටට එන්න ආපු දුප්පත් අප්‍රිකානුවන් මූදේ මැරුණාම, මුදට මල් ඉහපු රට ගැන, එහෙ ඉන්න ලංකාවේ තරුණියක් තියපු සංවේදී සටහන - Photos

- "හැම කඩප්පුලි කතාවම ඉවසගෙන මේ රටේ මිනිස්සු එක්කම මේකට මුණදෙමු අපි.." - හොරෙන් රටට එන්න ආපු දුප්පත් අප්‍රිකානුවන් මූදේ මැරුණාම, මුදට මල් ඉහපු රට ගැන, එහෙ ඉන්න ලංකාවේ තරුණියක් තියපු සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,188 Views
ලස්සනට මල් තියලා පුංචි ළමයින්ට ලස්සන සුදු පෙට්ටි හදලා..
අප්රිකාවේ ඉඳලා ආපු හිඟන්නෝ කියලා කිව්වේ නෑ..
ඒ මිනිස්සු මනුස්ස ගෞරවය කියන එක පහතින් තියන්නෙ ​නෑ..
 
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති COVID 19 හෙවත් කොරෝනා වෛරසයෙන් 24, 075ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
මේ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලි රාජ්‍යයෙන් වන අතර එය 8215ක්. ඉතාලියේ ආසාදිත පුද්ගලයින් 80, 000 ඉක්මවා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉතාලියේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ දකින්නට අහන්නට ලැබුණා.
 
මේ පිළිබඳව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද විවිධ අදහස් දක්වා තිබුණා.
 
මේ... ඉතාලියේ ශ්‍රී ලාංකීක කාන්තාවක් මුහුණු පොතේ තැබූ එවන් සටහනක්..
 
"මේ පෝස්ට් එක ලියන්නෙ බොහොම රිදුන හිතෙන්. ලංකාවේ වගකිවයුතු නිලයක කෙනෙක්ගෙන් පටන් අරන් බොහොමයක් කියලා තිබුනා ඉතාලියෙ මිනි වල දාන්නෙ ඇදුමක්වත් නැතුව පැකට් කරලා. ඔහේ වලවල් වලට අතාරිනවා කියලා කිසිම ආගමික වතාවතක්වත් කරන්නෙ නැතු​ව. හරියට බෙර්ගමෝ ඇවිත් ඒවා බලන් හිටියා වගේ කියන්නේ. තමුන්ගෙ රටේ මිනිස්සුන්ව බය කරලා ලෙ​ඩකින් බේරගන්න කියලා අනුන්ගෙ රටක ගෞරවය බින්දුවට දාන්නෙ නෑ හැබෑ මිනිස්​සු..."
 
"මේ මිනිස්සු පන පිටින් හිටිය​ත් මැරුනත් මනුස්සයෙක්ට උපරිම ගෞරවය දෙන මිනිස්සු."
 
"මොනම අමාරු අවස්තාවකව​ත් ඒ මිනිස්සු මනුස්ස ගෞරවය කියන එක පහතින් තියන්නෙ ​නෑ. තමුන්ගෙ රටට නීතිවිරෝදිව ඇතුල්වෙන්න හදපු මිනිස්සු මුහුදෙ මැරුනම ලාභ පෙට්ටිවල දාලා එක වලකට දාලා වලලන්නෙ නැතුව වෙන වෙනම පෙට්ටි වල දා​ලා ලස්සනට මල් තියලා පුන්චි ලමයින්ට ලස්සන සුදු පෙට්ටි හදලා පුන්චි සෙල්ලම් වලස්සු තියලා අවසන් ගෞරවය පුදලා වල දැම්මේ එ​යාලා. ඕකුන් අප්රිකාවේ ඉදලා ආපු හිගන්නො​නෙ කියලා එක වලකට දාලා වැහුවෙ නෑ. මුහුදෙ වතුර යට සදහටම හැන්ගිලා ගිය ඒ කලු මිනිස්සු වෙනුවෙ​න් මුහුදට ම​ල් ඉහපු මිනිස්සු ඒ.මේ තියෙන්නෙ බෝට්ටු වල ඇවිත් මුහුදෙදි මැරුන අෆ්‍රික​න් අයට එයාල දක්වපු ගෞරවය
එහෙව් මිනිස්සු එයාලා"
 
ඇය සිය ෆේස් බුක් ගිණුමේ තබා තිබූ තවත් සටහනක මෙසේ තිබුනා.
 
"මේ වෙලාවේ සමහර කතා නිසා හිත රිද්දගෙන ඉන්න ඉතාලියෙ ඉන්න ලන්කාවේ හැම කෙනෙක්ගෙම අත මම තදින් අල්ලගන්නවා.
මේ මිනිස්සු අපිට අනන්ත යහපත් දේවල් දුන්නා.
ඔය අපේම මිනිස්සු කියලා අපි හිතන් උන්න අය කියන
හැම කඩප්පුලි කතාවක්මත් ඉවසගෙන
මේ මිනිස්සු එක්කම මේකට මුන දෙමු අපි..
කවදා හරි දවසක අපිට මහ සතුට​ක් දැනෙයි
අපි ඉතාලිය එක්​ක සැප​ටත් හිටියා.දුකටත් හිටියා කිය​ලා"
 
ඒකම ඇති අපිට මේ රටේදි හරියන්​න
ඔයාලා හොදට බලන්න මේ ෆොටෝ දිහා... සතුටක් දැනෙනවා නේද..
අපි ගෙවල් අස්සෙ හිරවෙ​ලා අමාරු කාලයක් ගෙවන්නේ
මෙහෙව් ජාතියක් එක්​ක...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top