Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
කොරෝනාවටත් වඩා භයානක මැලේරියා වසංගතය අවුරුදු 86කට ඉස්සර මට්ටු කරපු හැටි

- කොරෝනාවටත් වඩා භයානක මැලේරියා වසංගතය අවුරුදු 86කට ඉස්සර මට්ටු කරපු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,994 Views
මෙදා චීනයෙන් ආරම්භ වී රටවල් කිහිපයකම පැතිරයමින් ඇති මාරාන්තික කොරෝනා වයිරසයෙන් මෙතෙක් සිදුවී තිබෙන වින්නැහිය හා සසඳන විට මින් වසර අසූහයකට පෙර එනම්, වර්ෂ 1934 අවසානයේ කෑගලු දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ආරම්භ වී පසුව මුළු දිස්ත්‍රික්කයම එකම ආරෝග්‍යශාලාවක් හා මළගෙයක් බවට පත් කෙරෙමින් පැතිර ගිය මැලේරියා වසංගතය අපේ අවධානයෙන් බැහැර කළ නොහැකිය.

සුදු ජාතිකයන්ගේ රබර් වතු හා තේ වතුවලින් යුතුව පැවැති කෑගල්ල දිස්ත්‍රික්කයේ එම වතු ආශ්‍රිතව මුලින්ම මෙම මැලේරියා වසංගතය පැතිර ගියේ වතු සේවකයන්ගේ ලයින් කාමර පෙදෙස් නිසි ලෙස සුද්ද පවිත්‍ර නොකිරීම නිසා බව හෙළිව තිබේ. එහි කානු ආශ්‍රිතව බෝවුණු මැලේරියා බෝ කරන මදුරුවන් මාර්ගයෙන් රෝගය ඉතා ඉක්මනින් කෑගලු දිස්ත්‍රික්කය පුරා පැතිර ගියේය.
 
එකල පළවූ ‘දිනමිණ’ පත්‍රයේ මුල් පිටුවෙන්ම හෙළි කර තිබුණේ වර්ෂ 1934 දෙසැම්බරයෙන් ආරම්භ වූ මෙම මැලේරියා වසංගත උවදුරෙන් කෑගලු දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම්වල පමණක් මියගිය අයගේ ගණන 3027 දෙනකු බවය. ඉන් 2600ක් ළදරුවෝ වූහ.

“ජනවාරි මාසයේ මුල් දෙසතිය ඇතුළත මැලේරියාවෙන් 1976 දෙනකු මළ බව දැනගන්නට ලැබී තිබේ. මෙයින්ද 1470 දෙනෙක් ළදරුවෝය. මේ අනුව සලකා බලන විට පසුගිය මාස එකහමාරක කාලය ඇතුළත කෑගලු දිස්ත්‍රික්කයේ පමණක් ළමයින් 3500ක් පමණ මළ බව පෙනේ.” යනුවෙන් එම වාර්තාවේ සඳහන් විය.

අදාළ වාර්තාව අධීක්ෂණය කරන විට පෙනී යන්නේ එකල සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ මන්දගාමීභාවය නිසා වසංගතය උග්‍රවූ බවය. වසංගතය පිළිබඳ ප්‍රවෘත්ති පත්‍ර මඟින් හෙළිදරව්වීම පිළිබඳව ආරෝග්‍යශාලා බලධාරීන් විරුද්ධවීම ගැන තොරතුරුද එහි සඳහන් වන්නේ මෙසේය.

‘මැලේරියා වසංගතය නැති කිරීම උදෙසා සටන් කිරීමට ලංකාරක්ෂක භට හමුදාවේ සේවය ලබාදීමට කැමැති බව යුද්ධාරක්ෂක හමුදාවේ නිලධාරීන් විසින් ආණ්ඩුවට දන්වන ලද නමුත් සෞඛ්‍ය පාලකයන් විසින් එය තවම භාරගෙන නැත. මේ අතර කොළඹ මහාරෝග්‍යශාලාවේ මැලේරියා රෝගීන් සම්බන්ධයෙන් ඊයේ පටන් පුවත්පත්වලට තොරතුරු නොදීමට ස්වකීය කාර්ය මණ්ඩලය වෙත චක්‍රලේඛයක් නිකුත් කළ බවද දැන ගන්නට ඇත,’ යනුවෙන් එම පත්‍රයේ මුල්පිටුවේ පළවී තිබේ. එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

“මැලේරියා වසංගතය පිළිබඳව වැදගත් වූද ශාස්ත්‍රීය වූද ආණ්ඩුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවකදී සලකා බලන ලදී. මේ සාකච්ඡාවට වතු හිමියන්ගේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ශාස්ත්‍රීය උපදේශක ධුරය දරන ලෙප්ටිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්. ක්ලෙමියා මහතාද පැමිණ සිටියේය.
සාකච්ඡාවට සහභාගි වූ වෛද්‍ය නිලධාරීන් අතර වෛද්‍ය හා සෞඛ්‍ය අධ්‍යක්ෂ තැන්පත් ‍ෙදාස්තර ආර්. බි්‍රයර් ක්ලිප් මහතා, වෛද්‍ය හා සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපාධ්‍යක්ෂ ‍ෙදාස්තර ඇස්.පී. ගුණසේකර මහතා, මැලේරියා මර්දන ව්‍යාපාරයේ සුපිරින්ටන්ඩන්ට් තැන්පත් ‍ෙදාස්තර කේ.ජී. රස්ටම්ජි මහතා සහ විශේෂ ප්‍රතිෂ්ඨාධාර කොමසාරිස් එම්.ඊ. නිවුන්හැම් මහතාද වූහ. වසංගතය ඉදිරි කාලයේදී පත්විය හැකි තත්ත්වය හා එය අභිභවනය කිරීමට කළයුතු උපක්‍රමද වෙනත් කරුණු සමඟ සාකච්ඡාවට ලක් වූ බව දැනගන්නට ලැබී තිබේ.

‘බොහොම කනගාටුයි. පත්‍රවලට තොරතුරු දීමක් නෑ’. ඊයේ කොළඹ මහ රෝග්‍යශාලාවේ සුපිරින්ටැන්ඩන්ට් මහතාගේ කාර්යාලයට ගොස් ඊට පෙරදින එහි ඇතුළත් කරගත් රෝගීන්ගේ ගණන හා සිදුවූ මරණ ගැන විමසූ පත්‍ර වාර්තාකරුවන්ට ලැබුණු උත්තරයයි ඒ. ඊයේ උදෑසන වෛද්‍ය සුපිරින්ටැන්ඩන් මහතා සියලුම ප්‍රවෘත්ති පත්‍රවලට කිසිදු තොරතුරක් නොදෙන ලෙස තහනම් කර සිය කාර්ය මණ්ඩලය වෙත චක්‍රලේඛයක් යැවූ බවද වාර්තා විය.

ඉතා යහපත් සෘතු ගුණයක් ළඟ අනාගතයේදී ඇති වන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ ගැන වෛද්‍ය නිලධාරීන් මහත් සැලකිල්ලක් යොමු කරන බවද දැනගන්නට ලැබී තිබේ. මේ හෙයින් මෙම රෝග තත්ත්වය අඩු වීම හෝ වැඩි වීම මෙම සෘතු ගුණය පිට ර¼දා පවතින බව සැලකිය හැකිය. වසංගත තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුව හා සෞඛ්‍ය බලධාරීහු සිය උපරිම බලය යොදා කටයුතු කරති. ඊට දැනට ස්වේච්ඡා සේවකයන්ගේද මහජන සංවිධානවලද සහයෝගය ලැබෙමින් පවතී.

ආණ්ඩුකාරතුමාට මෙම තත්ත්වය දන්වන ලද්දේ සෑහෙන කාලයක් ගතවූවාට පසුවයි. ඒ ගැන එතුමා බලවත් කනගාටුවට පත්වේ.

මෙසේ රටේ එක් දිස්ත්‍රික්කයක් පුරා මෙවන් වසංගත තත්ත්වයක් ඇති වී තිබියදීත් එම තත්ත්වය පිළිබඳව එකල රටේ ආණ්ඩුකාර පදවිය දරමින් සිටි ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටවේස් තුමාණන්ට නිලධාරීන් විසින් දන්වන ලද්දේ තරමක කාලයක් ගත වූවාටද පසුවය. ඒ පිළිබඳව එතුමෝ බලවත් සේ විරෝධය දැක්වූහ.

“මම මේ රටේ පාලකයා. ඔවුන් යටත්වැසියෝ පමණක් නොවෙයි. මේ අවස්ථාවේදී මා ඔවුන්ගේ දුක සැප පියෙක් වගේ බලන්න ඕනෑ. ඔවුන් මගේ දරුවන් වගේ. ඒ නිසා මම වහාම එම රෝගස්ථ ප්‍රදේශවලට ගිහින් ඔවුන් ගැන බලන්න ඕනෑ” යනුවෙන්ද එතුමෝ එම අවස්ථාවේදී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළහ.

මෙහිදී ආණ්ඩුකාරතුමන් එහි යන්නට .ලෑස්ති වන ගමන ගැන නිලධාරීහු නොසතුටට පත්වූහ.

“ඔබතුමා එහි යන්නට වුවමනා නෑ. එහිදී ඔබතුමාට මේ භයානක ලෙඩේ බෝ වෙන්න පුළුවන්” යනුවෙන් ඔවුහු කීහ.

එහෙත් ස්ටවේස් ආණ්ඩුකාරතුමෝ පසුදින සිය නිලධාරීන් කිහිපදෙනකු සමඟ එම රෝගස්ථ ප්‍රදේශ කරා ගියහ. විශේෂයෙන්ම එහි වූ සුදු ජාතිකයන් පාලනය කරන වතුවල රෝගීන්ගේ තත්ත්වය බැලීමට එතුමන් යෑම තමන්ට කරන ලද සැලකිල්ලක් ලෙස එම වතු අධිකාරීහු සැලකූහ.

ඒ සමඟම ඒ වනවිට මෙම වසංගතය මැඬලීම උදෙසා ප්‍රදේශයේ කානු, මාර්ග හා ජලාශ්‍රිත ප්‍රදේශ සුද්ද පවිත්‍ර කරන්නට යුද්ධ හමුදාවේ ස්වේච්ඡා භට හමුදාවේ සේවය ලබාදිය හැකි බව දන්වා සිටියද ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් පියවරක් නොගැනීම ගැන නොසෑහීමට පත් ආණ්ඩුකාරතුමෝ වහාම එම කටයුතු ඉටු කරන ලෙස ඔවුන්ට ආරාධනය කර සිටියහ. ඒ අනුව මදුරුවන් බෝවන ස්ථානවලට, ජලාශ්‍රිත ප්‍රදේශවලට මදුරු නාශක ද්‍රව්‍ය විදීමටද කානු පද්ධති නිසිලෙස සුද්ද පවිත්‍ර කිරීමටද යුද හමුදා ස්වේච්ජා බළකාය විධිවිධාන යෙදූහ.

“මෙවන් කටයුතුවලදී තත්ත්වය පැතිරී යන්නට ඉඩ නොදී වහාම ක්‍රියාත්මක වන්නට ඕනෑ. මින්පෙර එක්දහස්නවසියපහළොවේ සිංහල - මුස්ලිම් අරගලය එසේ මහත් වූ විනාශයක් කරා ගියේත් එකල රාජ්‍ය පාලකයනුත් පොලිසියත් ඉක්මනින් ක්‍රියාත්මක නොවූ නිසයි. ඒ නිසා මුළු දිස්ත්‍රික්කය පුරාම කටයුතු ඉක්මන් කරන්න ඕනෑ. බොහෝ විට ආහාර ද්‍රව්‍ය, සාත්තු සප්පායම් ගැන බැලීමටත් විමසිල්ලෙන් යුතුව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මේ අවස්ථාවේදී රටේ පොදු මහජනයා අතරෙන්ද ස්වේච්ඡා සේවකයන් පැමිණ මෙම රෝගීන්ගේ තත්ත්වය යහපත් කිරීමට කටයුතු කරන බව දක්නට ලැබීම ගැන ඔවුන්ට මගේ ස්තුතිය පළ කරනවා” යනුවෙන් ආණ්ඩුකාරතුමෝ කියා සිටියහ.

මේ අතර මහනුවර නගර සීමාව තුළද රෝගය වඩවඩාත් පැතිරයෑම වැළැක්වීම උදෙසා ආයුර්වේද වෛද්‍ය සංගමය මඟින් ආරෝග්‍යශාලා කිහිපයක් විවෘත කිරීමට දුම්බර රාජ්‍ය මන්ත්‍රි ඒ. රත්නායක මැතිතුමා ඇතුළු පිරිසක් කටයුතු කරගෙන යෑම පිළිබඳවද එතුමෝ සිය සතුට පළ කළහ.

මේ වනවිට මෙම මහා වසංගතය පිළිබඳව ආරංචියෙන් කම්පාවට පත් සිත් ඇති රටේ ජනයාද තම තමනට හැකි පමණින් උවදුර වළක්වා ගැනීමටත්, රෝගස්ථ ජනයාට තම තමනට හැකි අයුරින් පිහිටවීමටත් කතිකා කරගත්හ. ඒ අනුව විවිධ සමිති සමාගම් මඟින්ද ආගමික සංවිධාන මඟින්ද බෙහෙත් ද්‍රව්‍ය, වියළි ආහාර ද්‍රව්‍ය ආදියද කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි මෙන්ම මදුරුදැල්ද එකතු කරවාගෙන කෑගලු දිස්ත්‍රික්කයට පැමිණ ඒවා නිසි ලෙස බෙදා දෙන්නට කටයුතු කරන ලදී. එයද ලෙඩනුට මෙන්ම එහි අදාළ කටයුතුවල නියැළී සිටි සෞඛ්‍ය බලධාරීන්ටද මහත් රුකුලක් වූ බව පෙනිණි.

යුරෝපා රටවලට ගොස් උසස් අධ්‍යාපන ලබා සිය රට පැමිණ මාක්ස්වාදී දර්ශනය අනුව ‘සම සමාජ පක්ෂය’ නම් පක්ෂයක් පිහිටුවන්ට මුල් වූ තරුණ පිරිසක්ද ආධාර මුදල් හා බෙහෙත්, වියළි ආහාර ද්‍රව්‍ය සපයා ගෙන ලොරි දෙකක් මඟින් එම පෙදෙසට ගොස් ඒවා බෙදා දෙන්නට වූහ.

ඔවුන් අතර බොරලුගොඩ මහගෙදර පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන දෙදෙනාද, තොටළඟ නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා තරුණයාද, වැල්ලම්පිටියේ කටුපැළැල්ලවත්තේ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතාද, මෙකල මොරවක රාජ්‍ය මන්ත්‍රි වූ ‍ෙදාස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතාද, කොල්වින් ආර්. ද සිල්වා, ටෙරන්ස් එස්. ද සිල්වා යන මහත්වරුද වූහ. එහි ගිය ඔවුනට දක්නට ලැබුණේ මුළු පළාතම එකම විසාලා මහනුවරක් බවට පත්වී තිබෙන බවය. හැම ගෙයකම සියල්ලන්ටම මැලේරියා උණ වැලඳිලා තිබිණි. නිවෙස්වල එක්කෙනකු - දෙදෙනකු බැගින් රෝගයෙන් මියගොස්ද තිබිණි. ඔවුන්ට සිය මියගිය ඥාතීන්ගේ මළකඳන් වළලා ගැනීමටද තරම් හැකියාවක්ද නොවූයේ පවුලේ සියල්ලක්ම රෝගීව සිටි බැවිනි. සමහරුන් රෝගය නිසා විලාප නැඟූ අතර තවත් සමහරකුට විලාප නඟන්ට තරම්වත් හයියක් නොවීය.
කෑමක් උයා පිහා ගැනීමටවත් හැකියාවක් නොවූ වැඩිදෙනා සිටියේ කුසගින්නෙනි. මෙවන් කටයුතු දුටු සමසමාජ පක්ෂයේ තරුණයන් කළේ තම තමන්ට හැකි ලෙසට රෝගීන්ට බෙහෙත් දීමය. කෑමට කටයුතු සලසා දීමය. රටේ වෙනත් ප්‍රදේශවලින් පැමිණි ස්වේච්ඡා හා සමාජ සේවකයන්ද වරින් වර එම නිවෙස්වලට පැමිණ එම රෝගීන්ගේ දුක සැප බැලූහ.

එසේ පැමිණි රෝගීනට හා ඔවුන්ගේ පවුල්වලට නොයෙක් අන්දමින් සහාය වූ ප්‍රියමනාප තරුණයෙක් තමන් ගෙනැවිත් තිබූ පරිප්පු බෙදා දෙන්නට මුල් වූයේය. ඔහුගේ ප්‍රියමනාප කතාවෙන් වශීවූවන් ඔහුට ‘පරිප්පු මහත්තයා’ යැයි නමක්ද පටබැන්දහ.

එම අවස්ථාවේදී එහි පැමිණ සිටි මොරවක රාජ්‍ය සභා මන්ත්‍රි ‍ෙදාස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතා රෝගීන්ට ප්‍රතිකාර කරද්දී සහායට ආවේ එම පක්ෂයේ මුල්ම සභාපතිවරයා වූ කොල්වින් ආර්. ද සිල්වා මහතාය.

වර්ෂ 1931දී ඇතිවූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරුන් ලෙස පත්වූ දුම්බර මන්ත්‍රිවර ඒ. රත්නායක මහතාත් මොරවක මන්ත්‍රි වූ ‍ෙදාස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ මහතාත් මෙම අවස්ථාවේදී මැලේරියා වසංගතය නිමා කිරීමට කළ සේවාව ඉහළින් වාර්තා වී ඇත.

ඉන් පසු වර්ෂ 1936 පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ජනතාව වසංගතය පාලනය කිරීම උදෙසා මහත් සේ උපකාරී වූ පරිප්පු මහත්තයා රුවන්වැල්ල ආසනයේ මන්ත්‍රිවරයා බවට පත්කර ගත්හ. පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ල මන්ත්‍රිවරයා බවට පත්කර ගැනීමට අදාළ ප්‍රදේශවාසීහු මුල් වූහ. රුවන්වැල්ල ජනතාව පරිප්පු මහත්තයා සිය මන්ත්‍රිවරයා බවට පත්කර ගත්තේ එතෙක් එහි මන්ත්‍රිවරිය වූ ඇඩ්ලින් මොලමුරේ ආර්යාව පරද්දමිනි. ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් ආණ්ඩුකාරතුමා ක්ෂණිකව ගත් රාජ්‍යතාන්ත්‍රික පියවර නිසාත් එයට අනුකූලව යුද්ධ හමුදා ස්වේච්ඡා බළකාය ගත් ක්‍රියාමාර්ගයන් නිසාත් මැලේරියා වසංගතය ක්‍රමයෙන් දුරුවී ගියේය.

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන්ද මැලේරියා මර්දනයට සෑහෙන සේවයක් සිදුවුණා.

මහනුවර නගර සීමාවේ පිහිටි ගම්වල මැලේරියා රෝගීන්ගේ ප්‍රයෝජනයන් සඳහා මලබාර් වීදියේ ආණ්ඩුවේ පාඨශාලාව තුළ ආයුර්වේද වෛද්‍ය සංගමය මඟින් ආරෝග්‍යශාලාවක් විවෘත කරන්නට දුම්බර රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රි ඒ. රත්නායක මැතිතුමෝ මුල්ව කටයුතු කළහ. එය විවෘත කිරීමට පැමිණියේ පළාතේ ඒජන්ත මහතාය. මෙහිදී සියල්ලන්ම අමතමින් කතා කළ දුම්බර මන්ත්‍රි ඒ. රත්නායක මහතා වැඩිදෙනකු නොදන්නවා වුණාට මෙම මැලේරියා වසංගතය ආරම්භ වනවාත් සමඟම අපේ මෙම ආයුර්වේද වෛද්‍යවරුන් ඔවුනට ප්‍රතිකාර කළා. මින්පසු තුම්පනේ ආයුර්වේද ආරෝග්‍යශාලා හතරකුත් හාරිස්පත්තුව, මහනුවර, පාතදුම්බර මෙවන් ආරෝග්‍යශාලා අටකුත් පිහිටුවීමටද කටයුතු යොදා තිබෙනවා” යැයි පැවැසුවේය. එය ඒජන්තතුමාගේ පැසසුමටද ලක්වූ කතාවක්ද විය.

එදා මැලේරියා වසංගතය නැතිකර දමීමට මුල්වූ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මෙම යුගයේ ලොවට තර්ජනයක් වී ඇති කොරෝනා වසංගතය මැඩීමටද ප්‍රයෝජනවත් වන බව හෙළි වී තිබේ.

මාස දෙකක් පමණ කල් ගතවන තෙක්ම මුළු කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පැතිර යමින් පැවැති මෙම මැලේරියා වසංගතය රට පුරාම පැතිර නොයනු පිණිස රාජයත්, සෞඛ්‍ය අංශත් ගත් පියවර ඉතා සාර්ථක වූ බව පෙනිණි. එහෙත් අන්තිමේදී වැඩිහිටියන් හා ළදරුවන් දස දහසකටත් එකොළොස් දහසකටත් අතර ප්‍රමාණයක් මැලේරියා වසංගතයෙන් මළ බව වාර්තාගත වී තිබේ.

මැලේරියාවෙන් මියගිය පිරිස අතර වඩාත්ම ප්‍රකට පුද්ගලයා ලෙස ඉතිහාසගතව ඇත්තේ වැල්ලම්පිටිය උද්‍යාන මන්දිරයේ ජයරාම් දාස ජයවර්ධන මහතාය. එකල වේයන්ගොඩ මන්ත්‍රිවරයා වූ හොරගොල්ලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන ගුරුවරයා විය.

සෝමසිරි කස්තුරිආරච්චි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top