"මගේ දරුවන්ට මේ විදිහට ඉන්න සිදුවීම කණගාටුදායකයි.."
COVID 19 හෙවත් කොරෝනා වෛසරය මුළු ලොව පුරා පැතිර යද්දි, ජනප්‍රිය සරාගී නිළි "සනී ලියෝන්" සමාජ මාධ්‍යයට මුදා හැර ඇති ඡායාරූප කිහිපයකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
කොරෝනා භීතිය හේතුවෙන් ඇය ඇගේ දරුවන්ට පවසා ඇත්තේ නිවසින් පිටව යාමට පෙර "මාස්ක්" හෙවත් "මුඛ ආවරණ" පැළඳිය යුතු බවයි.
"මගේ දරුවන්ට මේ ආකාරයෙන් ජීවත් වීමට සිදුවීම කණගාටුදායකයි.." ඇය එසේ සටහන් කර තිබුණා.
මෙම ඡායාරූප අතර ඇගේ දරුවන් සමඟ ඇය සිටින ඡායාරූප කිහිපයක්ද ඇති අතර ඔවුන් කළු පැහැති "මාස්ක්" පැළඳ සිටිනවා.
මේ අතර, ජනප්‍රිය බොලිවුඩ් නළුවන් වන රන්බීර් කපූර්, අර්ජූර් කපූර් ඇතුළු පිරිසක් ද "මාස්ක්" පැළඳ සිටින ඡායාරූප කිහිපයක් මීට පෙර නිකුත්ව තිබුණා.