කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 4018 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව වාහන 1033 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
එසේම ඊයේ උදෑසන 6 සිට අද පෙරවරු 6 දක්වා පැය 24ක කාලසීමාව තුළ පමණක් පුද්ගලයන් 533 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 98 ක් ද එහිදී පොලිස් භාරයට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.