Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
27
චීනය සහ ඉතාලිය ඉක්මවා යමින්, ඇමරිකාවෙන් COVID 19 ආසාදිතයින් 84, 911ක් හමුවෙයි - ලොව පුරා මරණ 24, 000ත් පන්නයි - මෙන්න අලුත්ම තත්ත්වය - Photos

- චීනය සහ ඉතාලිය ඉක්මවා යමින්, ඇමරිකාවෙන් COVID 19 ආසාදිතයින් 84, 911ක් හමුවෙයි - ලොව පුරා මරණ 24, 000ත් පන්නයි - මෙන්න අලුත්ම තත්ත්වය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,445 Views
COVID 19 ඉතාලියේ 8215ක් බිලි ගනී..

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව චීනය සහ ඉතාලිය ද අභිබවා තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඇමරිකාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 84,911ක් වී ඇති අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1300ට ආසන්න වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වන විට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 24,000කට ආසන්න වී තිබෙනවා.

ලොව පුරා රටවල් 198 කින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද පන්ලක්ෂ 29,669 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 8215ක් වාර්තා වන ඉතාලිය කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා දියත් කළ සටනින් පරාජය ලබමින් සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ගත වූ පැය 24 තුළ ද ඉතාලියෙන් නව කොරෝනා මරණ 712ක් වාර්තා වූ අතර, එරට ආසාදිත සංඛ්‍යාව ද ඊයේ දිනයේදී 6153කින් ඉහළ ගොස් 80,539ක් ලෙස සටහන් වුණා.

මේ සතිය මුලදී ඉතාලියේ කොරෝනා මරණවල සාපේක්ෂ අඩුවීමක් දක්නට ලැබුණ ද දැන් උතුරුදිග ලොම්බාඩි සහ වෙනිටෝ කලාපවල සිට දකුණුදිග ඉතාලියට ද වෛරසය පැතිරීමේ අවදානමක් පවතිනවා.

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ ප්‍රථම වරට දිනකදී 100 ඉක්ම වූ අතර, එරට එරටින් කොරෝනා මරණ 578ක් වාර්තා වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ආසාදිත සංඛ්‍යාව ද මේ වන විට 11,812 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිටින හිරු විශේෂ වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා බි්‍රතාන්‍යය ආරක්ෂක හමුදා කැදවා ඇති බවයි.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 05 ක මුදලක් ගෝලීය ආර්ථිකයට ලබාදීමට ජී-20 රටවල් පොරොන්දු වී තිබෙනවා.

සෞදි අරාබියේ අනුග්‍රාහකත්වයෙන් ඊයේ පැවති සමුළුවකින් අනතුරුවයි ජී-20 රටවල් මේ බව නිවේදනය කළේ.

මේ අතර, කොරෝනා වෛරසයේ දරුණු බලපෑමට ලක්ව ඇති දෙවන රට වන ස්පාඤ්ඤය එරට නගර වසා දැමීම් අප්‍රේල් 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,089ක් ලෙස ඉහළ යාමත් සමඟයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

එරට කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 56,188 දක්වා 18% කින් වැඩි වී තිබෙනවා.

මුඛ ආවරණ, කෘතිම ශ්වසන ආධාරක, හදිසි පරීක්ෂණ කට්ටල සපයා ගැනීමේ සැබෑ යුද්ධයක ස්පාඤ්ඤය පසුවන බව එරට රජයේ ප්‍රකාශක මාරියා ජේසස් මොන්ටේරෝ ප්‍රකාශ කර තිබෙනවා.

ස්පාඤ්ඤය දැනටමත් චීනයෙන් යුරෝ මිලියන 432 ක මුඛ ආවරණ, අත්වැසුම් සහ පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර, අසල්වැසි ඉන්දියාවේ මාර්තු 31 දක්වා පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම අප්‍රේල් 14 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම තහනම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා බලපැවැත්වෙන්නේ නැහැ.

People Are Dying”: The Front Lines of the COVID-19 War Are in the ...Coronavirus Updates: Economic Aid Package Grows to $6 Trillion ...U.S. News | ReutersCoronavirus: A visual guide to the pandemic - BBC NewsThe World Bank Group and COVID-19 (coronavirus)Why New York is the epicenter of the American coronavirus outbreak ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top