කුඩා දරුවෙකු මවුපියන් සමග ඥාති නිවසක පැවති පිංකමක් සඳහා සහභාගී වූ අවස්ථාවක දී මුළුතැන් ගේ පිළියෙළ කර තිබු උණසුම් අල හොද්දක් සහිත භාජනයකට වැටී මියගිය පුවතක් ගිරාදුරුකෝට්ටේ ප්රදේශයෙන් වාර්තා වනවා.
ගිරාදුරුකෝට්ටේ, මිගහහේන අංක 131 යන නිවසේ විසු වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති වෙනුල නිශාන් ඒකනායක දරුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බව පොලිසිය සඳහන් කළා.
දරුවාට ආහාර කැවිම සඳහා මව සමග දරුවා මුළුතැන්ගෙට ගිය අවස්ථාවේ දී පය පැකිලී බිම තිබූ ලිපෙන් බාන ලද උණසුම් අල හොද්දක් සහිත බඳුනට දරුවා වැටී තිබෙනවා.
දරුවා ප්රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා පේරාදෙණිය ළමා රෝහල වෙත ඇතුළත් කළ ද දිවි ගලවා ගැනීමට නොහැකි වුණා.