Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
26
"මම ලඟ ඉඳලා තියෙන්නේ ගැහැණු කෙනෙක් නෙවෙයි මිහිපිටට බැහැපු දෙවඟනක්"- බේත් ගන්න ආපු වයසක සීයා කෙනෙක්ට පිහිට වූ කාන්තාවක් ගැන තරුණයෙක් මුහුණු පොතේ දැමූ අපූරූ සටහන - Photos

- "මම ලඟ ඉඳලා තියෙන්නේ ගැහැණු කෙනෙක් නෙවෙයි මිහිපිටට බැහැපු දෙවඟනක්"- බේත් ගන්න ආපු වයසක සීයා කෙනෙක්ට පිහිට වූ කාන්තාවක් ගැන තරුණයෙක් මුහුණු පොතේ දැමූ අපූරූ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,129 Views
" අටදාස් හාරසිය හතලිහයි" - "සති දෙකකටයි ඕනේ දුවේ"
මේ වගේ රත්තරන් මිනිස්සු අඩුයි,
 
මේ වන විට මුහුණු පොත හරහා නොයෙකුත් ආරංචි පැතිරෙනවා.
 
අසරණ මිනිසුන් වෙනුවෙන් කැපවෙන ඔවුන්ගේ දුක සැපට පිහිට වෙන නොයෙක් චරිත මේ වන විට සමාජ මාධ්‍යයේ කැපී පෙනෙනවා.
 
මේ කතාවත් එවැනි සංවේදී කතාවක්.

මුහුණු පොතේ පළවූ එම කතාව පහතින්
 
===වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවඟනක් දුටුවෙමි===
 
මේ පුංචි ලංකාව කියන්නේ වාසය කරන්ඩ හොඳම රට කියලා මේ වසංගතය හින්දා මට අවබෝධ වෙමින් යනවා,
සුළු පිරිසක් ඇරෙන්ඩ මේ ලංකාවේ බහුතරය හදවත උණුවෙන,
විනය ගරුක,
රත්තරං මිනිස්සු කියලා ඔප්පුවෙන කතාවක් මේ දැන් වුණා මම කියන්නම්,
 
අද ලෙඩෙක්ට බේත් වගයක් ගන්න මම ෆාමසියකට ගියා,
බොහෝම හොඳට අපේ මිනිස්සු අඩි 3ක පරතරය තියාගෙන ෆාමසියේ හිටියා,
ඒ ෆාමසියට එක වරකට ගත්තේත් 6ක් විතරයි.
හැමෝම මාස්ක් දාගෙන වැඩකලේ සහ බෙහෙත් ගත්තේ.
ඔය පින්තූරේ ඉන්න වයසක සීයා බොහොම අමාරුවෙන් ආවා ෆාමසියට,
බේත් ගන්න,
සීයාත් පෝලිමේ ඉඳලා බේත් ගන්න තැනට ගියා,
සීයා දැක්කාම ගොඩක් දුප්පත් අසරණ කෙනෙක් කියලා තේරුණා,
බෑග් එකේ උණුසුම් බෝතලයක් එහෙමත් තිබුණා,
ඈත පලාතක ඉඳන් ආව කෙනෙක් වගේ,
එක්කෝ බේත් සීයාට,
එහෙමත් නැත්නම් වෙන අමාරු ලෙඩෙක්ට.
 
සීයා බේත් තුන්ඩුව දුන්නා,
"සති දෙකකට නේද බේත් ඕනේ?"
"ඔව් දුවේ"
බේත් ටික ගත්තු කැශියර් එකේ ගැහැණු කෙනා ගාන හැදුවා බේත් වලට.
" අටදාස් හාරසිය හතලිහයි"
"සති දෙකකටයි ඕනේ දුවේ"
"සති දෙකට තමයි ඔය ගාන"
ඒ සීයා සෑහෙන්ඩ අසරණ වුණා,
"එහෙනම් සතියකට දෙන්න දුවේ"
ඇත්තටම මේ දෙබස් ටික මම අහගෙන හිටියා,
මම ලඟ හිටපු තවත් ගැහැනු කෙනෙක් අහගෙන හිටියා
මටත් කරගන්න දෙයක් නෑ,
එච්චර ගානක් මම අතේ නෑ...
මම ලඟ ඉඳලා තියෙන්නේ ගැහැණු කෙනෙක් නෙවෙයි මිහිපිටට බැහැපු දෙවඟනක් කියලා මම දැනගත්තේ,
ඒ ගැහැනු කෙනා ඒ සීයා ලඟට ගිහිල්ලා රුපියල් 5000 කොලයක්
"මේක තියාගන්න"
කියලා හොරෙන්ම සීයාට දෙද්දී,
මේ වගේ රත්තරන් මිනිස්සු අඩුයි,
ඒත් තාම මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවා,
අපේ රටට ආදරේ කරන්න,
අපේ තාම මෙහෙම මිනිස්සු ඉන්නවා කියල අමතක කරන්න එපා,
අපේ රට රැකගම්මු,
මේ ව්‍යසනයෙන් රට බේරාගන්න පුලුවන් හැම ආරක්ශක පියවරක්ම ගම්මු.
*මම ෆොටෝ එකක් ගත්තා ඒ කෙනාගේ.
Tharu Rajapaksha-


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top