Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
නිරෝධායනය අවසන්වී පිටව යාමට පෙර ලක්වාසීන්, ඉතාලි වැසියන් හමුදාවට දැක්වූ ආචාරය - Video

- නිරෝධායනය අවසන්වී පිටව යාමට පෙර ලක්වාසීන්, ඉතාලි වැසියන් හමුදාවට දැක්වූ ආචාරය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,135 Views
විදෙස් රටවල සිට පැමිණ පොළොන්නරුව, කන්දකාඩු හා මඩකලපුව - පුනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූතවත් පුද්ගයන් 201 දෙනෙකු අද සිය නිවෙස්වලට පිටත්ව ගියා.
 
ඒ, ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බස්රථ වලින්. 
 
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඔවුන් පසුගිය 11 වනදා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි.

ඒ අනුව මඩකලපුව පුනානි නිරෝධා යන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 57 දෙනෙකු හා පොලොන්නරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු අද උදෑසන මෙලෙස මුදාහැරුණා.
 
මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ඉන් පිටව යාමට පෙර පිරිස් ලක්වාසීන්, ඉතාලි වැසියන් හා හමුදා පිරිස් වෙත තම ස්තූතිය පළ කළේ මෙලෙසයි.
 
කොළඹ, ගාල්ල, මාතර හා මහනුවර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් යුද හමුදාව විසින් යුද හමුදා බස් රථවලින් ගෙනගොස් අදාල පොලිස් ස්ථාන වෙත භාරදෙනු ලබනවා.
 
එලෙස පැමිණි පිරිසක් කුරුණැගල වෙළගෙදර ක්‍රීඩාංගනය අසලදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
 
මේ අතර, විදෙස් ගතව සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී සිටින පුද්ගලයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
 
පොලිස් මුලස්ථානය දැනුම් දෙන්නේ  ඔවුන් පිළිබද තොරතුරු වෙතොත් 119, 0112-2444480 හා 0112-444481 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි.
 
මේ අතර, පෙරේදා දිනයේදී පොලිස් මුලස්ථානය ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායන ලක් නොවු පුද්ගලයන් 12 දෙනෙකු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඡායාරූප සහිතව මෙලෙස නිවේදනයක් නිකුත් කළා.
 
පොලිසිය යළි නිවේදනයක් මගින් දක්වා ඇත්තේ පෙරේදා නිවේදනයේ දැක් වු මෙම ඡායාරූපවල සිටින දරුවන් තිදෙනා නිරෝධායනයට ලක්ව දෙමව්පියන් භාරයේ සුරක්ෂිතව පසුවන බවයි.
 
මේ අතර යුද හමුදාපතිවරයා නිරෝධායනයට ලක්ව පුද්ගලයන් සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් දැක්වුවා.
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top