කොරෝනා වෛරසයෙන් පවතින තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
වෛරසයේ තර්ජනයට ගොදුරුවීමේ වැඩ අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙසටයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.
බහුපාර්ශවීය හා ද්වීපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මෙම සහනය උපකාරී වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.