Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
25
"මගේ තාත්තා මේසන් වැඩ කළේ, අම්මා උදේ සවස රබර් කිරි කැපුවා..ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි සතුටින් ජිවත් වුණා.." - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - Photos

- "මගේ තාත්තා මේසන් වැඩ කළේ, අම්මා උදේ සවස රබර් කිරි කැපුවා..ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි සතුටින් ජිවත් වුණා.." - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ තාරුණ්‍යයේ හිත් බොහොමයක් ඔහු වෙතට ඇදගත් ගායකයෙක්. බොහෝ දෙනෙක් ආදරය කරන ඔහු විරහව වගේම ආදරය ගැන ගයමින් ජනතාවට සමීප වුනා. අලුත් ගීත එක්ක ජනතාව අතරට නාවත් තවමත් එදා වගේම ඔහු ජනප්‍රියයි. මේ ඔහු ගැනයි.

ඔබේ ළමා අවධිය ගෙවුණේ ගමක. ඒ සොඳුරු අවධිය ගැන කතා කළොත්?
යටියන්තොට ගරාතොට ගමේ තමයි මගේ ඒ සොඳුරු අවධිය ගෙවුණේ. මම අධ්‍යාපනය හැදෑරුවේ යටියන්තොට ගරාතොට සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ. දැන් වගේ නෙවේ පාසල ඇරුණ ගමන් යාළුවෝ සෙට් එකත් එක්ක අපි කරන්නේ ඇළක, දොළක පැනලා නාන එක තමයි.

ඔබගේ කලා කුසලතා උපන්නෙත් ඔය කියපු යටියන්තොටින්මද?
පුංචි කාලේ ඉඳලම මම පැරැණි ගීත මුමුනන පුරුද්දක් තිබුණා. මගේ අම්මයි, තාත්තයි හවසට අපිවත් එකතු කරගෙන ගීත ගායනා කරනවා. මගේ අම්මාට, තාත්තාට හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. මගේ ගෙදර හවසට ඉතින් සතුට පිරුණු කලාගාරයක්.

කොහොමද ඒ කාලේ ජීවිතය?
ආර්ථික පැත්ත නැතුවාමත් නොවේ. මගේ තාත්තා මේසන් වැඩ කළේ. මගේ අම්මා උදේ සවස රබර් කිරි කැපුවේ. ඉතින් මොන අඩුපාඩුකම් තිබුණත් අපේ පවුල හැමදාමත් සතුටින් හිටියේ. පාසලෙන් ඉවත් වුණාට පස්සේ මොකද කළේ?
මගේ දක්‍ෂතාව දැන හඳුන ගත්තා මගේ මව්පියෝ සහ ගමේ පිරිස නිතර දෙවේලේ මගේ සින්දු අහලා මට ප්‍රශංසා කරනවා ඉදිරියටම යන්න කියලා. ඉතින් 1979 ජාතික තරුණ සේවා සභාවේ සංගීත කණ්ඩායමකට බැඳෙන්න කියලා ෂර්ලි වෛජයන්ත මට යෝජනා කළා. ඔහු මට ගොඩාක් උදව් කළා. මම ඉතින් අයැදුම්පතක් දැම්මා.

ජාතික තරුණ සේවා සභාවේ තෝරා ගැනීමේ තරගයේදී මොකද වුණේ?
අයැදුම්පතට ලිපියක් ආවා තෝරාගැනීමේ තරගයට ඉදිරිපත් වෙන්න කියල. ඇත්තටම මට එහිදී ලොකු බයක් දැනුණා. හැබැයි මගේ දක්‍ෂතාව මම දැන හඳුනාගෙන හිටියේ. විවිධ අය සංගීත කණ්ඩායම් සමඟ පැමිණ හිටියා ගීත ගායනා කිරීමට. හැබැයි ඔවුන්ට මට තරම් ගායනා කරන්න බැරි බව මම එහිදී තේරුම් ගත්තා. නොබියව මම තරගයට ඉදිරිපත් වුණා.

ඔබේම ගීතයක්ද එහිදී ගායනා කළේ?
ඔව්. මගේ පද රචනයෙන්, සංගීතයෙන් නිමවුණු ‘ජය භූමි ශ්‍රී ලංකා දේශාභිමානී’ ගීතය මම සංගීතය සපයමින් ගායනා කළා.

ඉතින් ඊට පස්සේ?
පස්සේ ඉතින් මගේ ගෙදරට ලිපියක් ආවා කෑගල්ලේ දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා විදියට මම තේරී පත්වුණා කියා. නැවැත දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථමයා තෝරලා කොළඹ ජිනරතන පුහුණු මධ්‍යස්ථානයේ නැවැත තරගයක් තිබෙන බව එහි සඳහන් කරලා තිබුණා. එයට සහභාගි වුණු අවස්ථාවේ විනිශ්චය මණ්ඩලයට හිටියේ සෝමදාස ඇල්විටිගල මහතා සහ තවත් කිහිප දෙනකු තමයි. ඔවුන් මගේ ගීත අහලා මට ගොඩාක් ප්‍රශංසා කරලා මට සුබ පැතුවා. එදත් ලොකු තරගයක් තිබුණා. දින කිහිපයකට පසු ගෙදරට ලිපියක් ආවා යෞවන සම්මාන උළෙලේ ප්‍රථමයා ලෙස මම තේරුණ බවට සඳහන් කරලා.

ඉන්පසුද එළිමහන් ප්‍රසංග කලාවට පිවිසියේ?
ඔව්. තවලම, සීත කඳුයායෙ, යෙහෙළියක සේ, ලොව සත හට සෙත සෑදේ ගීත මම එළිමහන් ප්‍රසංග වේදිකාවේ ගායනා කළා.

තවලම කැසට් එක එළියට ආවේ ඔය කාලයේද?
මගේ සින්දු ගොඩාක් ජනප්‍රිය වුණා. මගේ මුල්ම කැසට් එක තවලම නමින් නිර්මාණය කළා. මමත්, සෝමසිරි මැදගෙදරත්, චන්ද්‍රලේඛාත් එකතුවෙලා ගීත ගායනා කළා. ඔය විදියට කැසට් පට දහතුනක් විතර නිර්මාණය කළා. පසුකාලීනව කැසට්පටවලින් පසු සංයුක්ත තැටි පහළොවක් විතර නිර්මාණය කළා.

ඔබේ කැසට් සහ සී.ඩී. තැටිවලට හොඳ අලෙවියක් ඔය කාලවකවානුවේ තියෙන්න ඇති?
අනිවාර්යයෙන්ම නිතර දෙවේලේ මාධ්‍යවල මගේ ගීත ප්‍රචාරය වුණා. හොඳ අලෙවියක් තිබුණා. ඔය කාල වකවානුවේ දෙස්, විදෙස් ප්‍රසංගවලට මට හොඳ ඉල්ලුමක් තිබුණා.

ඔබේ ගීතවලට මුලින්ම අය කළේ කීයද?
ගුවන්විදුලියේ කර්තෘ භාගය වෙනුවෙන් මට රුපියලක් තමයි මුලදිම ලැබුණේ. ඒ රුපියලත් තුන්දෙනෙක්ට බෙදෙනවා. සරල ගී කළොත් රුපියල් දෙසිය පනහක් විතර ලැබෙනවා.

සමහර අවස්ථාවල ඔබව මුළාවට හසුවුණු අවස්ථාත් ඇති නේද?
ඔව්. ඉතින් මුල් කාලයේ කලාව ගැන ලොකු දැනුමක් නැහැ. ගී පද ලියලා දෙන්න කිව්වත් සමහරු ලියලා දුන්නේ නැහැ. බැරිම තැන මට හොඳට ලියන්න පුළුවන් නිසා මගේ ගීත මමම නිර්මාණය කළා. තවත් සමහර අවස්ථාවල ගී තැටි ගහලා දෙන්නම් කියලා මගේ සල්ලි ගත්තා. අවසානයේ සල්ලිත් නැහැ, ගී තැටිත් නැති වුණා. හැබැයි මට කැපිලි කෙටිලි තිබුණේ නැහැ.

පසුකාලීනව ඔබත් හින්දි ගීත කොපිකරණයට යොමුවුණා නේද?
තරුණ සේවා සභාවේ සභාපති චරිත් රත්වත්ත මහතාට වුවමනා කළේ නව ගීත කලාවක් හඳුන්වා දීමට. ඉතින් හින්දි ගී අනුකරණය කරමින් ගීත නිර්මාණය කළා. හරිම ලස්සන විදියට ගීත නිර්මාණය වුණා. ඒ ගීත අදටත් ජනප්‍රියම තලයේ ගීත බවට පත්ව තිබෙනවා.

එතරම් ජනප්‍රිය ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට යොමු නොවුණේ ඇයි?
ඔය කාලේ චිත්‍රපටවලට ගීත ගායනා කිරීමට බැඳුණු පිරිසක් හිටියා. ඒ රාමුවෙන් ඔවුන් පිට පැන්නේ නැහැ. ඉතින් තරග කරලා වැඩක් නැති නිසා මම මගේ පාඩුවේ හිටියා. සමහරවිට මගේ හඬ සිනමාවට ඔබින්නෙ නැතුව ඇති.

ඔබ නොමිලේ ප්‍රසංග පවත්වන්නේ ඇයි?
මගේ මුල් අවධියේ ගෙවුණු ජීවිතය මට අමතක කරන්න බැහැ. මට ඒ කාලේ පුදුම ආශාවක් තිබුණා එළිමහන් ප්‍රසංග නරඹන්න. ඒත් මට ප්‍රවේශපත්‍රයක් ගන්න වත්කමක් තිබුණේ නැහැ. ප්‍රවේශ පත්‍රයක් නැති නිසා සංවිධායකවරුන් මාව ඇතුළට ගන්නේ නැහැ. ඉතින් මම කරන්නේ පාරට වෙලා ඉඳගෙන සින්දු අහපු එක තමයි. එදා මම ඒ විඳපු වේදනාව වෙනුවෙන් මම හිතුවා අවුරුදු පහකට සැරයක්වත් ප්‍රසංගයක් පවත්වලා මගේ ජනතාවට එය නොමිලේ රසවිඳීමට ඉඩකඩ සලස්වන්න. ඉතින් මම මේ ප්‍රසංගය පවත්වන්නේ තරුණ සේවා සභාවේ තමයි. තරුණසේවා සභාව එක්ක මගේ තියෙන්නේ ලේ බැඳීමක්.

වසන්ත විතාරණගේ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top