Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
චීනයේ වූහාන් නගරය විවෘත වෙද්දී ලෝකයම ලොක්ඩවුන් වෙයි

- චීනයේ වූහාන් නගරය විවෘත වෙද්දී ලෝකයම ලොක්ඩවුන් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,035 Views
මේ උද්ගතව ඇති තත්ත්වය අනුව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මැඬපැවැත්වීමේ ක්‍රියාවලියෙන් රජය සහ සෞඛ්‍ය අංශ සතුව පවතින්නේ 25%ක ප්‍රමාණයක් පමණක් බවත් ඉතිරි 75%ම රඳා පවතින්නේ ජනතාව මත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මේ පිළිබඳව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙසේ කියයි. ”ඔබ දකිනවා ඉතාලිය තමන්ගෙ රෝගීන් සංඛ්‍යාව නවදාහක් වුණාට පස්සෙ තමයි රට ලොක් ඩවුන් කරන්නෙ. එතකොට ඒක ඔවුන් ගත්ත වැරදි තීරණයක්. යම් අතපසුවීම් මැද්දෙ වුණත් චීනය අවසානයේ එය පාලනය කරගන්නවා. ඒ පාලනය කරගන්නෙ දැඩි නීති රීති පැනවීම තුළින්. මේ වෙනකොට රටක් හැටියට අපට සතුටුවෙන්න පුළුවන් කාරණය තමයි අපි මේක පාලනය කරගනිමින් ඉන්නවා. අපට රෝගීන් 72ක් වාර්තා වෙනකොට අපි අපේ ගුවන් තොටුපල වහලා. එහෙම කරපු ප්‍රධාන රටවල්වලින් එකක්. ඒ කියන්නෙ එකම මරණයක්වත් වාර්තා නොවී රට වහලා ඇඳිරි නීතිය දාලා තීන්දු තීරණ ගත්ත රටක්.

ඇමෙරිකාවේ කොරෝනා මඬින්නට දින 90 ක් නිවසේ සිටින ලෙස නිව්යෝක් වැසියන්ට දැනුම් දී ඇත. එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7000 ඉක්මවද්දී නිව්යෝක් නුවර වැසියන්ට අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැර වන සේ ‘විලම්බන කාලයක්’ පනවා තිබේ. මෙය සැමට ආදර්ශයකි. ඉතාලිය නව කොරෝනා වෛරසය නිසා මරණයේ දේශයක් බවට පත්ව ඇති බව පැහැදිලිය. ඉතාලි ජනගහනයෙන් සෑම මිලියනයකටම සිටින ආසාදිතයන් ප්‍රමාණය 978 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ආසන්න වශයෙන් දහසකට එක් අයෙකු දක්වා ඉහළ යෑමකි. ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 400 ඉක්මවද්දී එරට බිලියනකට අධික ජනතාවට නිවෙස් තුළට වී සිටීමට අණ ලැබී ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා සියලූම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවා මාර්තු 31 වන දා තෙක් අත්හිටුවා තිබේ. එමෙන්ම ප්‍රාන්ත 17කට අයත් දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසාදමා ඇති බවද ඉන්දීය වාර්තාවල සඳහන්ය. 1918 - 20 අතර කාලයේ ස්පාඤ්ඤ උණ වසංගතයට ගොදුරුව මරණයට පත් ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 17ක් 18 ක් පමණ වෙතැයි වාර්තා වී ඇත. එය පළමු ලෝක මහා සංග්‍රාමයේ දී වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාවටත් වඩා අධික සංඛ්‍යාවකි. එය එදා සමස්ත ඉන්දියානු ජනගහනයෙන් 6% ක් වූ අතර, මරණයට පත් වැඩිදෙනා කාන්තාවෝ වෙති. එනිසා මේ වසංගත ගැන ඉන්දියානු ආණ්ඩුවේ විශේෂ අවධානයක් යොමුව ඇත. එවක ඉන්දියාවේ සුප්‍රකට හින්දි ලේඛකයකු වූ සූර්යකාන්ත් ත්‍රීපතිට වෛරසය නිසා ඔහුගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් කීපදෙනෙකුම අහිමි විය. ඔහු එදා මෙසේ සටහන් කර තිබිණි.

‘‘ඇසිපිය හෙලන සැණින් මට මගේ පවුල නැතිව ගියා, මළ සිරුරු ගොඩ ගැහුණා. මොකද? ඒවා පුච්චන්න අවශ්‍ය දර නැහැ. ඒ සමඟ මෝසම් වැස්ස නැතිව නියඟය ආවාම මහජනයාට කන්න නැතිව තත්ත්වය තවත් නරක අතට හැරුණා. ආහාර අහේනියෙන් මහජනයා දුර්වල වුණා. ඒ සමඟ ජනතාව නගරවලට ඇතුල් වෙන්න පටන් ගත්තාම වසංගතය වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තා.” කෙසේ නමුත් මේ කොරෝනා වසංගතය ගැන සටහන් ලියැවෙනු ඇත්තේ කවර ආකාරයෙන්ද? ඒ ගැන කිසිවක් නොකියමි.

මෙහිදී වඩා වැදගත් කාරණය වන්නේ මාස දෙකකට ආසන්න කාලයක් සමස්ත ලෝකයෙන්ම හුදෙකලා කර තිබූ චීනයේ වූහාන් නගරය නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබීමයි. පසුගිය ජනවාරි මාසයේදී කෝවිඞ් 19 ආසාදිතයන් හා ඒ හේතුවෙන් සිදුවන මරණ වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ වූහාන් නගරයෙන් මේ වනවිට ආසාදිතයන් වාර්තා වීම අවම වී තිබීම හේතුවෙන් පනවා තිබූ නීති ලිහිල් කිරීමට එරට රජය තීරණය කර ඇත. ලෝකයම ලොක්ඩවුන් වෙද්දී වූහාන් නගරය ලෝකයට විවර වීම සැබවින්ම අභාවාචක සිදුවීමකි. ඉතාලියේ තත්ත්වය උඩු දුවද්දී චීන බලධාරීන් නිසි පියවර ගැනීම නිසා නව කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගත හැකි විය එනිසාම සමස්ත ලෝකයම චීනයෙන් ආදර්ශ ගත යුතුය.

චතුර පමුණුව
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top