Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
25
ගත වූ පැය 24 තුළ ඉතාලියේ මරණ 743ක් වාර්තා වෙයි - මුළු මරණ සංඛ්‍යාව 6820 යි

- ගත වූ පැය 24 තුළ ඉතාලියේ මරණ 743ක් වාර්තා වෙයි - මුළු මරණ සංඛ්‍යාව 6820 යිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views
ඉතාලියේ පමණක් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 743ක් වාර්තා වන අතර, ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6820ක්.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 69,176ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ඉන්දියාවම දින 21 ක කාලයක් සඳහා බාහිර ලෝකයට වසා තැබෙන බව ප්‍රකාශයට පත් කළා.

ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම සෑම පුරවැසියෙකුම ආරක්ෂා කර ගැනීමට මෙම තීරණය ගත් බවයි.

බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටවල් අතර එකක් වනවා.

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ දැනටමත් යුරෝපයේ රටවල් රැසක් ද මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා මරණ 10 ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 536ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤයේ ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 680ක් වාර්තා වන අතර ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 2991ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

නව ආසාදිතයන් 6922 වාර්තා වන අතර ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 42,058ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා වෛරසයේ ආරම්භය වූ චීනයේ ඊයේ දිනයේ කිසිදු මරණයක් හෝ ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර වෛරසයේ තිඹිරිගෙය වූ වූහාන් නගරයට මෙතෙක් පැවති තහනම දැඩි ක්‍රමවේදයක් යටතේ ලිහිල් කිරීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව වූහාන් වැසියන්ට මාස කිහිපයකට පසු නිවෙස්වලින් බැහැරට පැමිණීමට අවස්ථාව හිමිව ඇති අතර වෙනත් ප්‍රාන්තයක සිට වූහාන් නගරයට සේවකයන් රැගෙන දුම්රියක් ද පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමකට මුහුණ දී ඇති ඇමරිකාවේ ද පසුගිය පැය 24 තුළ නව මරණ 145ක් වාර්තා වන අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 698 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව ආසාදිතයින් 9875ක් සමඟ ඇමරිකාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 53,609ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ප්‍රංශයේ නව මරණ 240ක් සමඟ වාර්තා වූ මුළු මරණ ගණන 1100 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. නව ආසාදිතයන් 2448 දෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 22,304ක්.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 10ක් සමඟ ආසාදිතයින් 2317 දක්වා ඉහළ යාමත් සමඟ එරට රජය ජනතාව වෙත සීමා කිරීම් රැසක් පනවා තිබෙනවා.

ඒ අතර අවමංගල්‍ය උත්සවයකට සහභාගි විය හැකි පිරිස 10ක් දක්වා සීමා කර ඇති අතර, මංගල උත්සවයකට සහභාගි විය හැක්කේ 5 දෙනෙකුට පමණයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top