මෙසේ මියගොස් ඇත්තේ, දොන් ගුසෙප් බෙරාඩෙල්ලි නම් පුජකවරයෙක්.
අවුරුදු 47 ක් තිස්සේ පූජකයෙකු වූ දොන් ගුසෙප් බෙරාඩෙල්ලි උතුරු ඉතාලියේ බර්ගමෝ රදගුරු පදවියේ කැස්නිගෝහි අගරදගුරු ලෙස සේවය කරමින් සිටියා.
මෙම ප්‍රදේශය කොරෝනා වැඩි වශයෙන් අරක්ගත් ප්‍රදේශයක් ලෙසටයි සැලකෙන්නේ.
පූජකවරයා ශ්වසන රෝගයකින් පෙළුණු අතර ඔහුගේ අනුගාමීකයින් විසින් ඔහුට හුස්ම ගැනීම සඳහා වන ශ්වසන යන්ත්‍රයක් මිල දී ගෙන තිබුණා.
ෆියෝරානෝ නගරයේ නගරාධිපති ක්ලාරා පොලි, මෙම පුජකවරයාගේ මරණය සම්බන්ධයෙන් ඉතා සංවේදීව සිහිපත් කිරීමක් සිදු කර තිබුණා.
"ඔහු අපිට සාමය හා ප්‍රීතිය ලබා දුන්නා. ඒ වගේම ඔහු සෑම දෙනාටම ඇහුම්කන් දුන්න පූජකයෙක්..."
චිකාගෝ හි පුද්ගලයෙක් ට්විටර් පණිවුඩයක් තබමින් පූජකවරයාගේ වියෝව ගැන සිය සංවේගය පළ කර තිබුණා.
"මේක මොන තරම් කුඩා ලෝකයක්ද? ඔහු මගේ පවුල සමඟ ඉතා සමීපව සිටියා. දුප්පත් ආදරණීය මිනිසා"
පල්ලියේ පිරිස් විසින් ඔහු වෙත ලබාදුන් ශ්වසන යන්ත්‍රය, තමාට වඩා බාල කෙනෙකුට දෙන්නැයි ඔහු ඉල්ලීමක් කර තිබුණා.
"යමෙකුගේ මිත්‍රයන් උදෙසා ජීවිතය පූජා කිරීම ඇරුණු කොට වඩා උතුම් ප්‍රේමයක් මෙලොවෙහි නැත.." පුජකවරයා ගැන සඳහන් කරන පිරිස් එසේ පවසනවා.
පූජකවරයාගේ මරණය සම්බන්ධයෙන් අවංමගල්‍ය උත්සවයක් නොපැවැත්වූ නමුත් එරට මාධ්‍ය සඳහන් කළේ කැසර්ටාහි ජනයා ඔහු වෙනුවෙන් බැල්කනිවල සිට අත්පොළසන් දෙමින් උපහාර කළ බවයි.
BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ මේ දක්වා ඉතාලියේ කිරීටක වෛරසයෙන් පූජකවරුන් 50 දෙනෙකු මියගොස් ඇති බවයි.