Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
චීනයෙන් එන අලුත් අනතුර - නවතම පරීක්ෂණවලින් හෙළිවූ දේ මෙන්න - Video

- චීනයෙන් එන අලුත් අනතුර - නවතම පරීක්ෂණවලින් හෙළිවූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,038 Views
කොවිඩ් 19  හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ ව්‍යාප්තවීමේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බවටයි.
 
එමෙන්ම ගතවූ පැය 24 තුළ චීනයෙන්  කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට දෙවන කොවිඩ් 19 රැල්ලක් ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.
 
කෙසේ වෙතත්, නව ආසාදිතයන් 74 දෙනෙකුම විදෙස් රටවල සිට වෛරසය ආසාදනය වී පැමිණි අයයි.

මේ අතර, දින 6කට පසු වෛරසයේ තිඹිරිගෙය වූ වූහාන් නගරයෙන් ද අලුතින් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීම විශේෂත්වයක්.
 
මේ අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට වාතය මත පැය කිහිපයක් හෝ දිනක් නොනැසී පවතිය හැකි බවට නවතම පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
 
එම අධ්‍යයනවලට අනුව කොරෝනා වෛරසයට තඹ පෘෂ්ඨ මත පැය 4ක්, ප්ලාස්ටික් සහ වානේ මත දින 3ක්  හා කාඩ්බෝඩ් මත පැය 24ක පමණ කාලයක් නොනැසී පැවතිය හැකි බවයි.
 
මෙම තත්ත්වය හමුවේ කොරෝනා ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top