Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
බාල සහෝදරයාගේ බිරිද ඝාතනය කිරීමට සැලසුම් කළ වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට

- බාල සහෝදරයාගේ බිරිද ඝාතනය කිරීමට සැලසුම් කළ වැඩිමල් සහෝදරයා අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,399 Views
කාන්තාවක ඝාතන කිරීමට සූදානම් වූ පුද්ගලයෙකුව ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අදාල කාන්තාවකගේ ගෙල රෙදි පටියකින් සිර කර හිස මතට ගලක් අතහැර ඇයව ඝාතනය කිරීමටයි එම පුද්ගලයා විසින් සැලසුම් කර තිබුණේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ඔහු මොරවක අධිකරණයට ඉරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ බෙරලපනාතර කොබෝමෑල්ලවත්තේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
 
ඊයේ (23) පෙරවරු 6ට රජය විසින් පනවා තිබූ ඇඳීරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව සිය නිවසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම සදහා ඌරුබොක්ක නගරයට පාගමනින් යමින් සිටී 34 හැවිරිදි දෙදරු මවගේ ගෙල සිරකර පසුව අසළ පිහිටි තේ වත්තට ඇදගෙන ගොස් එහි තිබූ කළු ගලක් හිස මතට අතහැර ඇය ට බරපතල තුවාල සිදුකර තිබෙනවා.
 
ඇය ගේ දකුණු ඇසට සහ කණට බරපතල තුවාල සිදුව ඇති අතර තුවාල ලැබූ කාන්තාව ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවනු ලැබුවා.
 
ඇය මේ වනවිට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි, එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.
 
එම කාන්තාවට වයස අවුරුදු 14 සහ 11 වයස්වල පසුවන පාසල් යන දරුවන් දෙදෙනෙකු සිටින බවත් ස්වාමි පුරුෂයා බේරුබැවුල වත්තේ තේ කර්මාන්ත ශාලාවේ මුරකරුවකු ලෙස රැකියාව කරන බවත් සිද්ධියට සම්බන්ධ සැකකරු තුවාල ලබා සිටින කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ අයියා වන බවත් වාර්තා වනවා.
 
සැකකරු බෙරලපනාතර කොබෝමෑල්ල වත්තේ පදිංචිකරුවකු වන අතර සති දෙකක පමණ කාලයක සිට සිය මල්ලීගේ නිවසේ සිටිමින් මල්ලීට සහ නෑනා ඇතුළු දරුවන්ට උදව් කරමින් සිටි බව සදහන්.
 
සිද්ධිය වූ දිනයේ සැකකරු, තුවාලකාරිය ඌරුබොක්කට යාමට පැමිණීමට පෙර පැමිණ තේ කර්මාන්ත ශාලාවට යන මාර්ගයේ රැඳී සිට ඇති අතර එම මාර්ගයෙන් පැමිණි තම නෑනා සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර පසුව එය දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.
 
ගෙල රෙදි පටියකින් සිර කර තේ වත්තට රැගෙන ගොස් හිසට ගලක් අතහැර දැමීමෙන් පසුව කාන්තාවගේ සිහි මුර්ජා වී ඇති අතර ඇය මිය ගොස් ඇති බවට සිතූ සැකකරු ඌරුබොක්ක පොලීසියට පැමිණ මේ බව දන්වා තිබෙනවා.
 
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන කාන්තාව මරා දැමූවා කියන ස්ථානයට පොලීසිය ගොස් සොයා බැලීමේ දී කාන්තාව මියගොස් නැති බවට තහවුරු වීමෙන් පසුව ඇය ව රෝහල්ගත කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
 
ඌරුබොක්ක- අතාවුද පතිරණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top