Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි - තවත් ක්‍රීඩකයින් රැසක් ස්වයං නිරෝධායනයක - Photos

- ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වෙයි - තවත් ක්‍රීඩකයින් රැසක් ස්වයං නිරෝධායනයක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,093 Views
ස්කොට්ලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු වන මජීඩ් හක්ට කොවිඩ් 19 වෛරසය ආසාදානය වී තිබෙනවා.

ඔහු ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නා බවටයි ඔහුගේ ට්විටර් ගිණුමේ පණිවිඩයක් උපුටා ගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

37 හැවිරිදි මජීඩ් ග්ලාස්ගෝහී පයිස්ලි ප්‍රදේශයේ රාජකීය ඇලෙක්සැන්ඩ්‍රා රෝහලේ ප්‍රතිකාර ලබන බව පවසමින් පසුගියදා ට්විටර් පණිවුඩයක් තබා තිබුණා.

එහි වැඩිදුරටත් සටහන් කර තිබුණේ කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ සේවක මණ්ඩලය ඔහුට හොදින් සලකන බවයි.

කෙසේ වෙතත් ස්කොට්ලන්තය වෙනුවෙන් එක්දින තරග 54ක් සහ විස්සයි -20 තරග 21ක් ක්‍රීඩා කළ මජීඩ් අවසන් වරට 2015 වසරේ එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානයට ක්‍රීඩා කර තිබුණා.

ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 60ක් දවා ගනිමින් ස්කොට්ලන්ත වැඩිම කඩුලු ලාභියා වන ඔහු, මේ වන විට ස්කොට්ලන්ත දේශීය තරග බිමේ ක්‍රීයාකාරී ක්‍රීඩකයෙකු ද වනවා.

ඔහු 2019 වසරේ ග්‍රීෂ්ම සෘතුව සඳහා ස්කොට්ලන්ත ලීග් තරගාවලියේ නැගෙනහිර රාජකීය කෝර්ස්ටෝෆින් කණ්ඩායාමේ නායකත්වය ද දරා තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසය වසංගතයක් ලෙස පැතිරයාම හේතුවෙන් සියලුම ක්‍රිකට් තරග දින නියමයක් නොමැතිව අත්හිටුවන බව ස්කොට්ලන්ත හා එංගලන්ත ක්‍රිකට් ආයතන පසුගියදා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමගම සියලු ක්‍රිකට් තරගාවලි අත්හිටවූ අතර විදෙස් සංචාරවල නිරත වූ ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයක නිතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top