Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
24
"මගේ හස්බන්ඩ් විද්‍යා උපාධියකුත් තියාගෙන කර කර හිටිය රස්සාවෙන් අයින් වුණේ මං වෙනුවෙන්..' - ශෂිකා නිසංසලා

- "මගේ හස්බන්ඩ් විද්‍යා උපාධියකුත් තියාගෙන කර කර හිටිය රස්සාවෙන් අයින් වුණේ මං වෙනුවෙන්..' - ශෂිකා නිසංසලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

102 Views
"මගේ දරුදෙන්නා බලා ගන්නෙ අම්මයි තාත්තයි.."

"අවුරුදු විස්සකට කලින් කාපු බීපු විදිහට නොවේ අද කන්නෙ බොන්නේ.."

ශෂිකා නිසංසලා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. නිරන්තරයෙන්ම ජනතා සම්මානයෙන් පිදුම් ලබන ඇය පසුගියදාත් සම්මානයක් හිමි කරගත්තා. මේ ඇය ගැනයි.

මේ වෙනකොට මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් මේ අවුරුදු ‘‘විස්සට මට සම්මාන විස්සක් ලැබිලා තියෙනවා. තවත් රාශියකට නිර්දේශ වෙලා තියෙනවා.

හොඳම ගායිකාව ජනප්‍රියම ගායිකාව විදිහට සිනමාවෙන් ටෙලිනාට්‍යයෙන් සම්මාන ලැබිලා තියෙනවා. රාජ්‍ය සංගීත උළෙලෙන් සම්මාන ලැබිලා තියෙනවා. හැබැයි ඒ සම්මාන වලට වඩා මේ සම්මානය වෙනස් අර සම්මාන ලැබෙන්නෙ මගේ දක්ෂකමට මේ සම්මානය ලැබෙන්නේ මගේ ජනප්‍රියත්වයට’’

කොහොමද මේ විදිහට දිගටම ජනප්‍රියත්වය රැකගන්නේ
ඒක මට ලැබෙන දෙයක්එහෙම නැතුව මම හොයාගෙන ගිය දෙයක් නොවෙයි.

මම කොතැන ගියත් විවිධ වයස්වල අය ගැහැණු පිරිමි ඇවිත් මගෙත් එක්ක කතා කරනවා මගේ විවිධ ගීත ගැන කියනවා මගේ හඬ ගැන කියනවා මගේ ඇදුම් ගැන කියනවා, මගෙත් එක්ක සෙල්පියක් අරගන්නවා. දෝතින්ම අල්ලගෙන මට සුබපතනවා. ඒ සුබ පැතුම් වලින් ඒ රසික ආදරයෙන් මගේ ගමනට මට උත්තේජනයක් ලැබෙන්නේ.

එහෙත් එපමණක්ද? අපේ රටේ බොහෝ දෙනා ශෂිකාට ආදරය කරන්නේ ඇගේ යහපත් ආදර්ශවත් ජීවිතයටත් එක්කමද ..?.
වෙන්නත් ඇති කොච්චර කළත් මේක බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්නෙ. ඉතින් අපේ අය බලනවා අපි අඳින පලදින විදිහ ගැන. පවුල් ජීවිතය ගැන.හුඟක් අය මට කියලත් තියෙනවා මගේ ඇඳුම් එහෙම හරිම ලස්සනයි විනීතයි කියලා.

මාව ගායිකාවක් කරන්න ඕනෑ වුණේ මගේ තාත්තට පුංචිම කාලෙ මුතුහර උදාර වගේ වැඩ සටහන්වලට තාත්තා මාව එක්කගෙන ගියා. ඒ යද්දී තාත්තා බැලුවේ මං අඳින ඇඳුම් දිහා මම සංවර ඇඳුම් අඳිනවද කියලා.

ඊට පස්සෙ කාලේ හඳ මාමා නැවුම් මිහිර වගේ ගුවන් විදුලි වැඩ සටහන් වලටත් තාත්තා මාව එක්කගෙන ගියා.

ඒ විදිහට පුහුනුවකුත් එක්කයි මම තුරුණු ශක්ති වැඩ සටහනට සහභාගී වෙන්නේ. මට ඕනෑ කරලා තිබ්බෙ තාත්තගෙ සිහිනය සැබෑවක් කරන්න විතරයි.’’

කාලෙන් කාලෙට ඕනෑම කේෂත්‍රයක වෙනස් කම් සිද්ධ වෙනවා...?
අපි කන බොන විදිහ පවා කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ මීට අවුරුදු විස්සකට කලින් කාපු බීපු විදිහට නොවේ අද කන්නෙ බොන්නේ. ඒ වගේ ගීත කේෂත්‍රයත් මේ වෙද්දි වෙනස් වෙලා. ඒ වෙනසත් එක්ක වෙනස්කම් කරන්නත් වෙනවා. ඇරත් මං කැමතියි මගේ හඬින් වෙනස්කම් කරල බලන්න. ඔය අතරේ මට ගායනා කරන්න ලැබුණු ටෙලි නාට්‍ය වල ගීතත් වෙනස් ශෛලින් වල ගීත වුණා මම ඒ ගීත ගායනා කලෙත් බොහෝම කැමැත්තෙන්

සමහර දවස්වලට ප්‍රසංග දෙක තුනකට කතා කරනවා ඒත් ඉතින් ගෘහස්ත ප්‍රසංග නම් දවසකට කරන්න පුළුවන් එකක් විතරයි. මොකද ගෘහස්ත ප්‍රසංගෙක ගීත හතක් අටක් කියන්න වෙනවමනෙ.

එත් ඉතින් එළි මහන් සංදර්ශන නම් දෙකක් වුණත් බාර ගන්න පුළුවන්. ප්‍රසංග දෙක අතරෙ දුර අනුව එළිමහන් ප්‍රසංගයක නම් ගීත තුනකට වඩා ගායනා කරන්න ඕනෑ වෙන්නෙත් නැහැනෙ.

ගෘහස්ත ප්‍රසංග වලයි එලිමහන් ප්‍රසංග වලයි ගයන්නේ එකම ගීත ටික ​ෙනවෙයි නේද?
ඔව් ගෘහස්ත ප්‍රසංග වල ගායනා කරන්නේ සුබාවිත ගීත මේ ප්‍රසංග වලට ඇදෙන්නේ නිවුණු හිතට දැනෙන ගීත පාඩුවේ ඉඳගෙන අහල යන්න කැමැති රසිකයෝ මේ අය වෙනුවෙන් මං කියන අලුත් ගීතයක් වුණත් දෙන්න පුළුවන්.

එළිමහන් ප්‍රසංගවල ඉල්ලන ගීත වෙනස් හුඟක් වෙලාවට ඒවයේදි මම ගායනා කරන්නේ පාරමිතා සඳඑළිය වගේ මගේ මුල් කාලයේ ජනප්‍රිය වූණ ගී ශෂිකා නිසංසලා කියපු ගමන් තවමත් රසිකයන්ට මතක් වෙන්නෙ මගේ ඒ මුල්කාලීන ජනප්‍රිය ගී’’

ඒ කියන්නෙ ඔයා පදමාලා තෝරලා බේරලා ගායනා කරන්නේ..?
අනිවාර්යයෙන්ම. කොහොමටත් මම නව රැල්ලෙ ජනප්‍රිය ගී ගයන්නේ අවුරුද්දකට එකක් විතරයි. අනෙක් ගීත සුභාවිත ගීත. අලුත් අලුත් අරුත් දනවන පදමාලා තියෙන නිසා හොඳ සුභාවිත ගීත ලැබුණාම ගායනා කරනවා.

මම මේ ළඟදී සරල ශාස්ත්‍රිය ගීතයක් ගායනා කළා. අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය හදාරපු හැම ගීල්පියෙකුටම වගේ සරල ශාස්ත්‍රීය ගීතත් කිහිපයක්වත් තියෙනවා. ඒත් මට එහේම ගීතයත් තිබුණෙ නැහැ.

ඒ නිසා මම රෝහණ වීරසිංහ සර්ට හැමදාම කිය කියා හිටියේ මටත් සරල ශාස්ත්‍රීය ගීතයක් කරගන්න ඕනෑ කියලා.

පස්සේ මම කුලරත්න ආරියවංශයන්ට කිව්වා මට සිංදුවක් ලියලා දෙන්න කියලා. සතයක් වත් ගන්නේ නැතුව මට ලස්සන සිංදුවක් ලියලා දුන්නා.

රෝහණ සර්ගෙ ලස්සන මෙලඩියට ඒ ගිතය ළඟදිම එළිදක්වනවා. මේ ගීතය මගේ සල්ලි වලින් නිෂ්පාදනය කරන්න තරම් ශක්තියක් මට ලැබීම ගැනත් මට තියෙන්නෙ සතුටක්.

විශේෂයෙන් මගේ අම්මගෙයි තාත්තගෙයි කැපවීම පුංචි දා ඉඳලා මාව ගායිකාවක් කරන්න ඕනෑ වුණු තාත්තා මාව හැමතැනම අරගෙන ගියා. දැන්නම් මං ප්‍රසංගවලට ලංකාව වටෙයි ලෝකෙ වටෙයි යන්නෙ මගේ හස්බන්ඩ් එක්ක. ඒ ගමන් වලට මට නිදහස දිලා මගේ දරුදෙන්නා බලා ගන්නෙ අම්මයි තාත්තයි ඒක මට ලොකු ශක්තියක්.

එවගේම මගේ හස්බන්ඩ් එයා විද්‍යා උපාධියකුත් තියාගෙන කර කර හිටිය රස්සාවෙන් අයින් වුණේ මං වෙනුවෙන්. ඒක මං වෙනුවෙන් කළ ලොකුම කැපකිරීමක්. එයා රස්සාවෙන් අයින් වුනේ. මගේ සංගීත ගමනට පිටු වහලක් වෙන්න.

එතකොට මගේ මල්ලි එයා අද ලංකාවෙ නැතත් ඒ දවස්වල මං වෙනුවෙන් ලොකු කැපකිරීම් කළා.

එතකාට මගේ ගීත ලියපු සංගීතය නිර්මාණය කළ කැසට් නිෂ්පාදනය කළ මට අවස්ථාව දෙන ටෙලිනාට්‍ය චිත්‍රපට නිර්මාණය කළ ශිල්පීන් ඇතුළු හැමෝමත් මගේ මේ ගමනේ කොටස් කාරයෝ එතකොට මට ආදරය කරන සහෘද රසිකයෝ. ඔය හැමෝම නිසායි මම පස්වැනි වතාවටත් ජනතාවගේ ගායිකාව වුණේ.

ශාන්ත කුමාර විතාන





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top