Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
"දවස් ගානකින් කුලියක් නෑ මහත්තයෝ.. පොඩි උන් ටික බඩගින්නේ, කන්න මොනව හරි ඉල්ලලා අඬනකොට වාවන්නෙ නෑ..." - කොරෝනා අස්සෙ ඇහුණු හිත රිදෙන කතාවක් - Photos

- "දවස් ගානකින් කුලියක් නෑ මහත්තයෝ.. පොඩි උන් ටික බඩගින්නේ, කන්න මොනව හරි ඉල්ලලා අඬනකොට වාවන්නෙ නෑ..." - කොරෝනා අස්සෙ ඇහුණු හිත රිදෙන කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,431 Views
ඉක්මනට යන්න ඇදිරිනීතිය දාන්න කලින්...
හංගගෙන හිටිය කදුලු පැන්නා එලියට..
ඒ මනුස්සයා ළඟ හිත නතරවෙලා වගේ..
 
ලංකාවට ආපු ආගන්තුක "කොරෝනා" නිසා මේ මොහොතෙත් අපේ රටේ මිනිස්සු ඉන්නේ කැළඹීමෙන්. විටින් විට ඇහෙන, පේන දේවල් එක්ක අද වෙනකොට එළියට බහින්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
 
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද ඇඳිරි නීතිය මොහොතකට ඉවත් වෙද්දි මිනිස්සු හිස් ලූ අත දුවන් යන්න ගත්තේ අතවශ්‍ය බොහෝ දේ මිලදී ගන්න අදහසින්. ඉතින් මේ මහා ජන ගඟ ගැලුව හැටි සමාජ මාධ්‍යයෙන් ඔබත් නිරන්තරයෙන් දකින්න ඇති.. ඒත් ඒ අතරතුර අපිට හම්බවුණා තවත් එක සංවේදී කතාවක්..

මේ ඒ ගැනයි..................
 
"821 යි"
මෙතන කීයක් විතර තියනවද නෝනා
"කෝ දෙන්න බලන්න"
මෙතන තියෙන්නෙ රුපියල් 573 යි නේ
 
ආ ..එහෙමද එහෙනම් නෝන ඔය ගානට බඩු අඩුකරල දෙනවද
 
හ්ම්ම්ම්..ඒත් මේවයින් මොනවයෙන්ද අඩු කරන්නේ
 
ඇත්ත නේන්නම්,පොඩි ශොපින් කවරයක් පියෙන්න තිබුන දේවල් වලින් මොනව අඩු කරන්නද,,උපරිම උනොත් හාල්කිලෝ 3 ක් ඇති...
 
කමක් නෑ නෝන .ඔය හාල් ටික විතරක්දීල ඉතුරු ඒවයින් අඩු කරන්න.හාල් ටික හරි නොගෙනිච්චොත් පොඩි උන්ටික හාමතේ.
 
හිතේ තියන වේදනාව වහගෙන ඒ මනුස්සයා හිනාවෙන්න උත්සාහ කලත් ඇස්අග දිලිහෙන කදුලු කැටයක් දැක්කා මම එලියට නොපෙන්නන.
 
අයියේ ඔයාඔය බඩු ටික ගන්න.මිස් ආ මේකෙන් ගන්න ඉතුරු සල්ලි.
 
සුපර් එකේ කෙල්ලට අදහගන්න බෑ...අනේ එපා මහත්තයො.
කමක් නෑ අන්කල්. ඔයා ඔය ටික අරගෙන යන්න.
 
බොහොම පින් මහත්තයො.
 
දවස් ගානකින් කුලියක් නෑ මහත්තයෝ.. පොඩි උන් ටික බඩගින්නේ, කන්න මොනව හරි ඉල්ලලා අඩනකොට වාවන්නෙ නෑ.
 
ඒ මනුස්සයා පිණ් දීල යන්න ගියත් ඒ මනුස්සයා ලග හිත නතරවෙලා වගේ..ඉක්මනට ගත්ත පොඩි දේට බිල ගෙවලා ආයෙත් ගියා ඒ මනුස්සයා ලගට.
 
තව සතියක් ඉන්න ඕනනේ මහත්තයෝ..ඒ අතරෙ මොනව හරි කුලියක්වත් කරන්න ඕනෙ.
 
ආ අයියේ මේක තියාගන්න.පර්ස් එකේ තිබුනේ පොඩිගානයි.එතනින් රුපියල් 500 දුන්නා ඒ මනුස්සයට.හංගන්න කොච්චර හැදුවත් මෙච්චර වෙලා හංගගෙන හිටිය කදුලු පැන්නා එලියට..සල්ලි එපා මහත්තයො...
 
ම්ම් එහෙනම් පොඩ්ඩක් ඉන්නකො..
 
මම එක පිම්මට දිව්වෙ කඩේට.ඒත් පෝලිම .පෝලිමේ හිටියොත් තව පැය ගානක් ඉන්න වෙනව.ඔය මහත්තයාඑන්න. සිකියුරිටි කතා කලා.
 
මම බලාගෙන හිටියේ මහත්තයො..මොනවද ගන්න ඕන.
 
අනේ අයියේ හාල් කිලෝ 5 ගෙනත් දෙන්න.
 
ආ.මේකගන්න .ඉක්මනට යන්න ඇදිරිනීතිය දාන්න කලින්...
 
"මේ අද මම මූනදුන්න අත්දැකීමක්.යාලුවනේ පුලුවන් කමක් තියනවනම් මේ විපත් කාලෙදි පුලුවන් තරමින් මනුස්සයයෙකුට උදව් කරන්න.එහෙම කලා කියලා අපට නැතිවෙන්නෙ නෑ.හැබැයි ඒ සතුට කියල නිමකරන්න බෑ."


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top