Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
නිරෝධායන කටයුතු අවසන් කළ පළමු පිරිස තම නිවෙස් වෙත ගිය හැටි මෙන්න - Photo

- නිරෝධායන කටයුතු අවසන් කළ පළමු පිරිස තම නිවෙස් වෙත ගිය හැටි මෙන්න - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,263 Views
ඉතාලිය සහ දකුණු කොරියාවෙන් පැමිණි පුද්ගලයින් 311 දෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු පුනානි සහ කන්දකාඩු නිරෝධයන මධ්‍යස්ථානවලින් මුදා හැර තිබෙනවා.

දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වන සහතිකය ද ලබාදුන් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

යුද හමුදාවට අයත් බස් රථ මගින් ඔවුන් ගම්බිම් වෙත පිටත් කර හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදනය වූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 96 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, අයි.ඞී.එච් රෝහලේ කොව්ඩි 19 හෙවත් කොරෝනා වෛරස් අසාදිතයින් 86 දෙනෙකු තව දුරටත් ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ආසාදනය වු අයි.ඞී.එච් රෝහලේ ප්‍රජා වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබනවා.

ඔහු කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර ලබා දී නොමැති වුවත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී කොරෝනා අසාදිතයෙකුට ප්‍රතිකාර ලබා දී ඇත්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

එමෙන්ම, වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන් 8ක් සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් රෝගියෙකු දැනට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 229 දෙනෙකු පසුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top