චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 78 දෙනෙකු වාර්තා වීමත් සමඟ එරට දෙවන කොවිඞ් නයින්ටීන් රැල්ලක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා.
කෙසේ නමුත්, එයින් 74 දෙනෙකුම පිටතින් වෛරසය ආසාදනය වී පැමිණි අයයි.
එමෙන්ම, සතියකට පමණ පසු වූහාන් නගරයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම විශේෂත්වයක්.
කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බරයේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.
චීනයේ මිය ගිය සංඛ්‍යාව 3277ක් ලෙස සටහන් වන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,000කට අධිකයි. කෙසේ නමුත්, පසුගිය සති කිහිපය තුළ චීනයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබුණා.
ඉන් අනතුරුවයි මෙලෙස විදේශයන් හි සිට පැමිණෙන චීන ජාතිකයන්ගෙන් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ.