Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
Covid 19 ගෙවුණු පැය 24 තුළ ඉතාලියේ 601ක් බිලි ගනී - ලොව පුරා මරණ 16, 500 ඉක්මවයි - බ්‍රිතාන්‍ය සති තුනකට lockdown වෙයි - Photos

- Covid 19 ගෙවුණු පැය 24 තුළ ඉතාලියේ 601ක් බිලි ගනී - ලොව පුරා මරණ 16, 500 ඉක්මවයි - බ්‍රිතාන්‍ය සති තුනකට lockdown වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,351 Views
Covid 19 අලුත්ම තත්ත්වය මෙන්න..

්‍කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පැතිරීම වේගවත් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.
 
වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට තුන් ලක්ෂ 78,000 ඉක්මවා ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 16,500කට ආසන්නයි.

ඉතාලියෙන් මරණ 6077ක් වාර්තා වන අතර, චීනයේ මරණ 3270ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 2311ක් වාර්තා වනවා.
 
ඉතාලියේ ඊයේ දිනයේත් මරණ 601ක් වාර්තා වූ නමුදු එම සංඛ්‍යාව තුන්වන දිනටත් අඩුවීම විශේෂත්වයක්.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ලක්ෂයක් වීමට දින 67ක් ගත වූ බවයි.
 
දෙවන ලක්ෂය දින 11කින් වාර්තා වූ අතර, තුන් වන ලක්ෂය ඉන් දින 4කට පසු උදා වීම කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දුන්නා.
 
කෙසේ නමුත්, මෙම ප්‍රවණතාව වෙනස් කිරීමට තවදුරටත් අවස්ථාවක් පවතිනවා.
 
ඒ සඳහා ලොව සියළු රටවල් ආසාදිතයන් හඳුනා ගැනීමට පුළුල් ක්‍රමවේද භාවිත කළ යුතුයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව කියා සිටියේ කොරෝනා වෛරසය පිළිබද ලෝකවාසීන් දැනුවත් කිරීම සඳහා ලෝක පාපන්දු ක්‍රීඩකයන් සමඟ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.
 
ඒ සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැටිනෝ ද එක්වුණා.
 
එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ පාපන්දු තරඟයක් ජය ගැනීමට නම් ආරක්ෂිත පියවර පමණක් ගැනීම ප්‍රමාණවත් නොවන බවයි.
 
ඒ සඳහා ප්‍රහාරාත්මක ලෙස ප්‍රතිවාදියා මෙල්ල කළ යුතු බව ඔහු කියා සිටියේ එය කොරෝනා වෛරස් මර්දන ක්‍රියාවලියට සමාන කරමින්.
 
විශේෂයෙන් කොවිඞ් නයින්ටීන් ව්‍යාප්තිය මැඬලීමට නම් වෛරසයට එරෙහිව ප්‍රහාරාත්මක පියවර දියත් කළ යුතුයි.
 
එහිදී ආසාදිතයන් හඳුනා ගැනීම සහ හුදෙකලා කිරීම වැදගත් වන අතර, ආසාදනය වූ සියළුම පුද්ගලයන් සහ ඔවුන් හා සම්බන්ධවූවන් හඹා ගොස් නිරෝධායනය කිරීම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළා.
 
මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා ලොව පුරා නගර වසා දමද්දී, බ්‍රිතාන්‍යය ද සති තුනක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
අගමැති බොරිස් ජොන්සන් ජාතිය අමතා ප්‍රකාශ කළේ සාමය පවතින යුගයක දරුණුතම ඛේදවාචකයට රට මුහුණ දෙන මොහොතේ දැඩි පියවර ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.
 
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන කඩ සාප්පු සහ සේවාවන් සියල්ල වසා දැමෙන අතර, පුද්ගලයන් දෙදෙනෙකුට වඩා එක්රැස් වීම තහනම් වනවා.
 
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 335 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 6726ක්.
 
කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඉන්දියාවේ අගනගරය, වාණිජ අගනුවර ඇතුළු ප්‍රාන්ත 30ක් වසා දමා තිබියදී එරටින් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
 
ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවේ 8 වන කොරෝනා මරණය ද ඊයේ වාර්තා වුණා.
 
මියන්මාරයේ ප්‍රථම කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් ඊයේ වාර්තා වූ අතර, සිංගප්පූරුවේ ආසාදිත සංඛ්‍යාව ද ගත වූ පැය 24 තුළ 54කින් ඉහළ ගොස් තිබෙනවා.
 
ඉන් 48 දෙනෙකුම පිටතින් වෛරසය රැගෙන ආ අය වන අතර, ඒ අනුව සිංග්පූරුවේ මුළු ආසාදිත සංඛ්‍යාව 509ක්. සිංගප්පූරුවෙන් කොරෝනා මරණ දෙකක් ද වාර්තා වුණා.


Image result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italy
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top