කොරෝනා නිසා අසරණ වුණේ යහමින් සල්ලි තියෙන අයවත් තරමක් සල්ලි තියෙන අයවත් නෙමෙයි. එක දවසකට හම්බකරලා එක දවසක් බඩට කන්න දෙයක් අරගන්න මිනිස්සු.
මේ කියන්න යන්නේ ඇඳිරි නීතිය නිසා තමන්ගේ ගෙදරට යන්න බැරි වෙච්ච අසරණ කොල්ලෙක් ගැන.
ඔහුගේ ගම මාතර.වැඩ කරලා තියෙන්නේ නුවර..
හදිසියේ ඇඳිරි නීතිය දාපු නිසා ගෙදර යන්න ඇවිත්. ගමන මගදි ඇදිරි නීතිය වැටුන නිසා කිරිබත්ගොඩින් බැහැලා පෑලියගොඩට පයින් ඇවිත්. ඊට පස්සේ කොටුවට එන්න වාහනයක් සෙට් වෙලා.එතන ඉදන් යන්න එකක් නැති නිසා රේල් පාර දිගේ පයින් මාතරට යන්න පිටත් වෙලා.
දැනටමත් 45km විතර පයින් ඇවිත්. තව 150km වැඩිය යන්නත් තියෙනවා.විස්තර ඇහුවම කාලත් නෑ.මගදි පොලිසියෙන් ගුටි පූජාවකුත් දීලා.
ඉතින් මේ කොල්ලව නවත්තගෙන දෙවියෙක් වගේ ඉන්න තවත් කොල්ලෙක් කෑම කන්න දීලා තියෙනවා.
ඊට පස්සේ සිද්ඬාලේප එකක් ඉල්ලගෙන කකුලේ ගාගෙන..