කොරෝනා වසංගතය අපේ රට තුළ පැතිරෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා රටේ වගකීම් කරට ගත්ත යුධ හමුදාවේ සහෝදර නිලධාරීන් ජනතාව වෙනුවෙන් වේලාවක් නොබලා වෙහෙස මහන්සි වෙන හැටි විටින් විට දකින්න අවස්ථාව ලැබුනා.
තමන් ගැන හිතන එක මොහොතකට අමතක කර සමස්ත රට වෙනුවෙන් යුකුකම් ඉටු කිරීම හැමදාමත් ඔවුන්ට වැදගත්වුනා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.
කොහොම වුනත් මේ දිනවල පවතින ඇඳිරි නීතිය කාලය අතරතුර ඔවුන් කරපු තවත් උතුම් වැඩක් ගැන සමාජ මාධ්‍ය වල කතාබහට ලක් වෙලා. මේ වැඩේ කරලා තිබුනේ නාවික හමුදාවේ අපේ සහෝදර නිළධාරීන් පිරිසක්.
ඇඳිරි නීතිය නිසා වැඩිපුරාම අපහසුතාවයට පත් වුන පිරිස් කිහිපයක්ම ඉන්නවා. ගෙයක් දොරක් නැතුව පාරේ ජීවිතය ගෙවන අය වගේම ඇඳිරි නීතියට කලින් ගෙදරට යා ගන්න බැරුව අතරමං වෙලා අසරණ වුන පිරිසකුත් ඒ අතර ඉන්නවා.
මේ ඇඳිරි නිතිය නිසා වෙනදා වගේ ඔවුන්ට කෑමක් බීමක් හොයාගෙන කන්න බොන්න අවස්ථාව නෑ. මොකද වෙනදා වගේ ඔවුන්ට උදව් කරන්න කිසිවෙක් මේ මොහොතේ එලියට බහින්නේ නෑ.
මේ ගැන මතක් වුන නාවික හමුදාවේ සහ හමුදාවේ නිළධාරීන් පිරිසක් අද මෙහෙම අසරණ වෙලා ඉන්න අය හොයාගෙන ගිහින් තියනවා. නිකන්ම නෙමෙයි ඔවුන්ට රසවත් ආහාර වේලක් අරන් තමයි ඔවුන් මෙහෙම ගිහිල්ල තිබුනේ.