Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
23
"අපි සුපිරි වීරයන් නොවෙයි. අපි විප්ලවවාදී වෛද්‍යවරු.." - ලෝකයම කම්පා කරමින්, Covid 19 නිසා මිය යන ඉතාලියට පණ දෙන්න ආ, කියුබානු සුදු ලෝගු හමුදාව - Video & Photos

- "අපි සුපිරි වීරයන් නොවෙයි. අපි විප්ලවවාදී වෛද්‍යවරු.." - ලෝකයම කම්පා කරමින්, Covid 19 නිසා මිය යන ඉතාලියට පණ දෙන්න ආ, කියුබානු සුදු ලෝගු හමුදාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
"අපි හැමෝම බියයි, නමුත් අපිට විප්ලවීය රාජකාරියක් තිබෙනවා.."
"ඒ නිසා අපි බිය පසෙකට දමනවා."
"ගෞරවනීය කාර්යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.."
 
කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා වෛරසයයෙන් මේ වනවිට වැඩිම බලපෑමකට ලක්වූ රට බවට ඉතාලිය පත්ව අවසන්.
 
මෙම වෛරසයය අසාදනය වීමෙන් 5,476 දෙනෙකු මේ වන විට ඉතාලියේ මියගොස් තිබෙනවා. ඉතාලියේ පුද්ගලයින් 59,138 දෙනෙකුට මෙම වෛරසය අසාදනයවී ඇති බවයි වාර්තා වන්නේ.

චීනයට පසු නව කොරෝනා වෛරසය නිසා ලොව වැඩි වශයෙන්ම ආපදාවට ලක්ව සිටින්නේ ඉතාලිය යි. රෝගය පැතිර යාම වළක්වා ගැනීමට පවා මේ වන විට ඉතාලිය අපොහොසත්ව තිබෙනවා.
 
දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව හමුවේ ඉතාලි ජනතාව දැඩි මානසික පීඩාවන් වලට ද ලක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
 
ඒ සියලු අවදානම් තත්ත්වයන් නොතකා, ඉතාලියට සහයවන්නට කියුබානු ජනතාව සිය මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම මනුෂ්‍යත්වයේ හැරවුම් ලක්ෂයක්.
 
කියුබාව නමැති කැරිබියානු දූපත සිය සුදු ලෝගු හමුදාව මිනිසා වෙනුවෙන් සේවය කරන්නට යොදා ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි.
 
1959 විප්ලවයේ සිට ලොව නන් දෙසින් වූ දුප්පත් රාජ්‍යයන්ට සිය වෛද්‍ය සේවය ලබා දීමට ඔවුන් කැප වී සිටියා. මීට වසර 10 කට පමණ පෙර හයිටියේ කොළරාවට එරෙහි සටනේ දී සහ බටහිටර අප්‍රිකාවේ එබෝලා වසංගතයට එරෙහි සටනේ පෙරමුණ ගත්තේ ද කියුබානු සුදු ලෝගු හමුදාවයි.
 
කියුබාව, ලෝකයේ ධනවත්ම රටක් වන ඉතාලියට 52 දෙදෙනකුගෙන් යුත් ශක්තිමත් වෛද්‍ය බලකායක් යැවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
 
කොරෝනා වසංගතය හා සටන් කිරීමට කියුබාව විදෙස් රාජ්‍යයන් වෙත යැවූ සිය 6 වැනි වෛද්‍ය බලකාය මෙයයි. ඒ අනුව කියුබාව, සිය සමාජවාදී මිත්‍ර පාක්ෂිකයන් වන වෙනිසියුලාව සහ නිකරගුවාව මෙන්ම ජැමෙයිකාව, සුරිනාම් සහ ග්‍රෙනාඩා වෙතත් සිය සුදු ලෝගු හමුදාවන් යවා තිබෙනවා.
 
"අපි හැමෝම බියයි, නමුත් අපිට විප්ලවීය රාජකාරියක් තිබෙනවා ඉටු කරන්නට. ඒ නිසා අපි බිය පසෙකට දමනවා." යනුවෙන් එම වෛද්‍ය කණ්ඩායමේ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍ය 68 හැවිරිදි ලියනාඩෝ ෆර්ඩිනෑන්ඩස් මාධ්‍ය වෙත සිය අදහස් පළ කර තිබුණා.
 
"තමා නිර්භය බව පවසන්නා සුපිරි වීරයෙක්. නමුත් අපි සුපිරි වීරයන් නොවෙයි. අපි විප්ලවවාදී වෛද්‍යවරු." ෆර්ඩිනෑන්ඩස් වැඩි දුරටත් කියා සිටියා.
 
''සහයෝගීතාවයේ ප්‍රතිපත්තිය මත පදනම්ව අපි ගෞරවනීය කාර්යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා." 64 හැවිරිදි කියුබානු වෛද්‍ය ග්‍රැසිලියානෝ ඩියාස් පැවසුවා.
 
ඒ අනුව, කොරෝනා වෛරසයෙන් දැඩි හානියක් වාර්තා වුණු ඉතාලියේ ලම්බෝර්ඩි වෙත කියුබානු සුදු ලෝගු හමුදාව සිය ක්‍රියාන්විතය සඳහා යනු ඇති.
 
By Tharaka Samman




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top