Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
කොරෝනා නිසා, ඕස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්තවල අත්‍යවශ්‍ය නොවන සේවා නවතයි - කොරෝනා බිළිගත් ජීවිත ගණන දහතුන්දහස ඉක්මවයි - Video

- කොරෝනා නිසා, ඕස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්තවල අත්‍යවශ්‍ය නොවන සේවා නවතයි - කොරෝනා බිළිගත් ජීවිත ගණන දහතුන්දහස ඉක්මවයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,777 Views
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ සියළු ප්‍රාන්තවල අත්‍යවශ්‍ය නොවන සේවා නතර කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1315 දක්වා ඉහළ යාමත් සමඟ හදිසි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සියළු අවහන්හල් සහ ආපනශාලා, පාසල් ඇතුළු පොදු ස්ථාන වසා දැමෙනු ඇති.

අග්නිදිග ආසියාතික රටවල් රැසක කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත්වී තිබෙනවා.
 

තායිලන්තයෙන් අද දිනයේදී පමණක් නව ආසාදිතයන් 188 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව 599 ක්.

නව ආසාදිතයන් බහුතරයක් එරට බොක්සිං ක්‍රීඩාගාරයක සිටි අය බව සඳහන්.

සමාජ ක්‍රියාකාරකම්වල නිරතවූ තරුණ පිරිස්ද නව ආසාදිතයන් අතර වනවා.

කෙසේ නමුත් තායිලන්තයෙන් මෙතෙක් වාර්තාවී ඇත්තේ එක කොරෝනා මරණයක් පමණයි.

පිලිපීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු සහ තවත් මරණ 6 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගියා.

පිලිපීනයේ මෙලෙස කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවන්නේ මුළු රටම නිරෝධායනයට ලක් කර තිබියදී වීම විශේෂත්වයක්.

ඉන්දුනීසියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව දිනකදී 81 කින් ඉහළ ගොස් 450 ක් වී ඇති අතර, එරටින් කොරෝනා මරණ 38 ක්ද වාර්තාවනවා.

එම තත්ත්වය යටතේ ජකර්තා අගනුවර ඉදිරි සති දෙකක කාලය සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම 2018 වසරේ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඉදිකළ ක්‍රීඩා ගම්මානය කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා තාවකාලික රෝහලක් බවට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ මැලේසියානු වෛද්‍යවරයෙකු අද එම රෝග තත්ත්වය උත්සන්න වී මියගොස් තිබෙනවා.

ඒ අනුව එරට කොවිඞ් - 19 මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ යන අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 1,183 ක්. කොරෝනා වෛරසයෙන් මියගිය මැලේසියානු වෛද්‍යවරයා පසුගියදා තුර්කියේ සංචාරයක නිරතවී ඇති බව සඳහන්.

මේ අතර, ඉන්දියාව තුළ ද පැය 14ක ඇඳිරි නීතියක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාලය තුළ කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට තම පුරවැසියන්ට ඇති හැකියාව පරීක්ෂා කර බලන බවයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 315ක් හඳුනාගෙන ඇති අතර, මරණ 5ක් වාර්තා වී තිබෙනවා.

වෛරසය බිහි වූ චීනය ද අභිබවා යමින් ඉතාලියේ කොරෝනා මරණ වාර්තා වෙමින් පවතින අතර, මේ වන විට එරට මරණ සංඛ්‍යාව 4825ක් ලෙසයි දැක්වෙන්නේ.

එලෙස මරණයට පත්වන සියයට 86ක්ම වයස අවුරුදු 70 ඉක්ම වූ අය වන අතර, අවුරුදු 60ත්, 69ත් අතර වයසේ පසුවන සියයට 10ක් ඒ අතර වන බව සඳහන්.

ඉතාලියේ දරුණු ලෙස කොරෝනා වසංගතයට ලක්වූ ලොම්බාඩියා නගරයේ මළ සිරුරු එක්රැස් කිරිම සඳහා හමුදා ට්‍රක් රථ යොදවා තිබූ අයුරු දැක්වෙන සී.සී. ටීවී දර්ශන මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

ලොව පුරා රටවල් 188කින් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව තුන්ලක්ෂ අටදහස් 615ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද 13,071ක් ලෙසයි දැක්වෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top