Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
"අපි ඉතාලියට සති දෙකක් පිටුපසින්.." - බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අනතුරු අඟවයි - ලෝකයම කැළඹූ කොරෝනාවල අලුත්ම තත්ත්වය මෙන්න - Photos

- "අපි ඉතාලියට සති දෙකක් පිටුපසින්.." - බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අනතුරු අඟවයි - ලෝකයම කැළඹූ කොරෝනාවල අලුත්ම තත්ත්වය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,046 Views
වෛරසයේ තිඹීරිගෙය වූ චීනයේ දැන් තත්ත්වය..
ඉතාලියෙන් ඊයේ දිනයේ පමණක් මරණ 800ක්..
සිංගප්පුරුවෙත් සංචාරක සීමා පනවයි..
 
චීනයෙන් ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 46 දෙනෙකු හමුවී ඇති අතර, ඉන් 45 දෙනෙකුම විදේශයන් හිදී වෛරසය ආසාදනය වී පැමිණි අයයි.
 
විදේශයන් හි සිට පැමිණෙන චීන ජාතිකයන් මෙලෙස වෛරසයට ගොදුරුවීම ඉහළ ගියද චීනය තුළ ගතවූ දින හතරේදී වාර්තාවූයේ එක් නව ආසාදිතයෙකු පමණයි.

පසුගිය දෙසැම්බරයේදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් මේ වනවිට ආසාදිතයන් 81,321ක් සහ මරණ 3,261 ක් වාර්තාවනවා.
 
ඉතාලියෙන් ඊයේ දිනයේදී නව කොරෝනා මරණ 800 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවූ අතර, එරට මුළු මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4,825ක් ලෙසයි.
 
මේ අතර කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් සිංගප්පූරුව, කෙටිකාලීන සංචාරකයන්ට සිය රට තුළට ඇතුලුවීම හෝ රට හරහා ගමන් කිරීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කර තිබෙනවා.
 
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ සෞඛ්‍ය සේවා සහ ප්‍රවාහන ආදී අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් එලෙස රට තුළට ඇතුලුවීමට අවසර ලබාදෙන බවයි.
 
සිංගප්පූරුවේ කොවිඩ් - 19 ආසාදිතයන් 432ක් වාර්තාවී ඇති අතර, එරටින් කොරෝනා මරණ දෙකක්ද වාර්තාවුණා.
 
සිංගප්පූරුවේ කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් සියයට 80 කටම වෛරසය විදේශීය රටවලදී ආසාදනය වීම මෙලෙස සංචාර සීමා පැනවීමට හේතුවයි.
 
ලොව පුරා කොරෝනා වෛරස් මරණ 13,000ක් පමණ දැන් වාර්තාවන අතර, ඉන් තුනෙන් එකක්ම සිදුව ඇත්තේ ඉතාලියේයි.
 
වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස ඉතාලිය අත්‍යාවශ්‍ය නොවන සියලුම කර්මාන්තශාලා වසා දැමීමට නියෝග කර තිබෙනවා.
 
අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි එරට රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීමට පියවර ගන්නා බවයි.
 
මේ අතර කොරෝනා වෛරසය බ්‍රිතාන්‍යය තුළ පැතිරීම වැළැක්වීම සඳහා හැඟීමකින් යුතුව කටයුතු කරන ලෙස අගමැති බොරිස් ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළා.
 
බ්‍රිතාන්‍යය අද මව්වරුන්ගේ දිනය සමරණ අතර, අගමැතිවරයා ඉල්ලා සිටියේ එම දිනය සළකුණු කරමින් වුවද එක් රැස් නොවන ලෙසයි. රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට නම් සමාජ දුරස්ථභාවය සඳහා වූ උපදේශයන් නිසි පරිදි පිළිපැදිය යුතුයි.
 
ඒ සඳහා වීර්යවන්ත ජාතික ප්‍රයත්නයක් ක්‍රියාත්මක විය යුතු බවයි අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ. බ්‍රිතාන්‍යයේ කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව මේ වනවිට 233 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට ආසාදිත සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා.
 
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව අනතුරු අඟවා ඇත්තේ මිලියන 1.5 ක් බ්‍රිතාන්‍යයවාසීන් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි.
 
ඔවුන්ට ඉදිරි සති 12 තුළ ස්වයං නිරෝධායන පියවර ගන්නා ලෙස රජය මගින් කෙටි පණිවුඩ යැවීමට කටයුතු යොදා තිබෙනවා.
 
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වැඩිදුරටත් කියා සිටියේ යුද්ධයේදී හෝ සාමයේදී කිසිදා අත්නොදුටු තත්ත්වයක් දැන් උදාවී ඇති බවයි.
 
සිය රටේ කොරෝනා මරණ සහ ආසාදිත සංඛ්‍යාව ඉතාලියට වඩා සාපේක්ෂව අඩුවුවත් බි්‍රතාන්‍යය සිටින්නේ ඉතාලියට සති දෙකක් පමණ ආසන්න දුරකින් බවට අගමැති බොරිස් ජොන්සන් අනතුරු අඟවා සිටියා.
 
පලස්තීන ගාසා තීරයෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනා හමුවී තිබෙනවා.
 
ඔවුන් පසුගියදා පාකිස්ථානයේ සංචාරය කොට පැමිණි අය වන අතර, නිරෝධායනයට ලක් කර සිටි බව සඳහන්.
 
කෙසේ නමුත් ඔවුන් ඊජිප්තු දේශසීමාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත පුද්ගලයන් හා සම්බන්ධ නොවූ බව පලස්තීන ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළා.
 
වයස අවුරුදු 30 ක් සහ 40 ක් වූ එම පලස්තීනුවන් දෙදෙනාගේ තත්ත්වය ස්ථාවර බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
 
හමාස් සංවිධානය විසින් පාලන බලය අත්පත් කරගැනීමෙන් පසු ගාසා තීරය ඊශ්‍රායලය විසින් අවහිර කොට තිබෙනවා.
 
එහි පැතිරී ඇති දුප්පත්කම සහ ජනාකීර්ණ භාවය මෙන්ම දුර්වල සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවටයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.
 
ලතින් ඇමරිකානු රටවල්වලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 3,700 ක් පමණ වාර්තාවන අතර, මරණ 45ක්ද සිදුව තිබෙනවා.
 
චිලී දේශය සිය ප්‍රථම කොවිඩ් - 19 මරණය ඊයේ වාර්තා කළ අතර, බ්‍රසීලයේ මිලියන 46ක් ජනගහණය සහිත සාවෝ පෝලෝ ප්‍රාන්තය ඊයේ සිට සති දෙකක නිරෝධායන කාලයක් ආරම්භ කළා.
 
තවත් ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාවේ විටින් විට ඇඳිරි නීතිය පනවන්නේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින්.

Image result for coronavirus world sadImage result for coronavirus world sadImage result for coronavirus world sadImage result for coronavirus world sadImage result for coronavirus world sadImage result for coronavirus world sadImage result for coronavirus world sad
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top