Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
22
Covid 19 ගෙවුණු පැය 24 තුළ ඉතාලියේ 793ක් බිලි ගනී - ලොව පුරා කොරෝනා මරණ 12,973 දක්වා ඉහළට - ආසාදිතයන් තුන් ලක්ෂය ඉක්මවයි - Photos

- Covid 19 ගෙවුණු පැය 24 තුළ ඉතාලියේ 793ක් බිලි ගනී - ලොව පුරා කොරෝනා මරණ 12,973 දක්වා ඉහළට - ආසාදිතයන් තුන් ලක්ෂය ඉක්මවයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,825 ක්..
එක්සත් ජනපදයේ ආසාදිතයින් 25,493ක්...
ප්‍රංශයේ මරණ ගණන 112 කින් ඉහළ ගිහින්..
 
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් දිනක් තුළ මෙතෙක් සිදුවූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තාවුණා.
 
සෙනසුරාදා දිනයේදී පමණක් ඉතාලියේ 793 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූ අතර, එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව ඒ අනුව 4,825 දක්වා ඉහළ ගියා.

එය ලොව මෙතෙක් වාර්තාවී ඇති සමස්ත කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව වන 12,973න් සියයට 38.3 ක ප්‍රතිශතයක්.
 
ඉතාලියේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූයේ මීට මාසයකට පමණ පෙරයි.
 
ඉන් පසු ඊයේ දිනයේදී කොරෝනා මරණ සංඛ්‍යාව සියයට 19.6 කින් ඉහළ යාම කැපී පෙනෙන වර්ධනයක් ලෙසයි සැළකෙන්නේ.
 
ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද දිනක් තුළ 6,557කින් ඉහළ ගොස් ඇති අතර, දැන් එරට මුළු ආසාදිත සංඛ්‍යාව 53,578ක්.
 
ඉන් බහුතරයක් මිලාන් නගරය කේන්ද්‍ර කොටගත් ලොම්බාඩි කලාපයෙන් වාර්තාවන අතර, එහි මරණ සංඛ්‍යාව 3,095ක් ලෙස වාර්තාවනවා. චීනය අභිබවා වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුවු රට බවට ඉතාලිය පත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දායි.
 
මිලියන 60 ක ජනගහණයක් වෙසෙන ඉතාලියේ බොහෝ ප්‍රදේශ පසුගිය මාර්තු 12 වනදා සිට වසා දමා ඇති අතර, ජනයා එක්රැස්වීම් මුළුමනින්ම තහනම් කර තිබෙනවා.
 
කඩසාප්පු බොහොමයක් වසා දමා ඇති අතර, කොරෝනා මර්දන පියවර දැඩි කිරීමට ප්‍රාදේශීය පාලනය ඊයේ පියවර ගත්තා.
 
එම පියවර නිසි ලෙස ක්‍රියාත්මක කිරිම සඳහා ආරක්ෂක අංශ වීථිවල මුර සංචාරවල සඳහා යොදවා තිබෙනවා.
 
මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාවද තුන්ලක්ෂ 4,528 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
චීනය සහ ඉතාලිය හැරුණුකොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 25,493ක්.
 
ඉතාලියෙන් පසු වැඩිම මරණ සංඛ්‍යාවක් එනම්, මරණ 1,566ක් ඉරානයෙන් වාර්තාවන අතර, ස්පාඤ්ඤයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 1,326ක්.
 
මේ අතර, ප්‍රංශයේ කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී පමණක් 112 කින් ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 562 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව 14,459ක් ලෙසයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
 
වෛසරය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන 250 ක් හෙට සිට නිකුත් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබෙනවා.
 
ආසියාකරයේ රටවල් සැළකූ විට මැලේසියාවේ කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිංගප්පූරුවෙන් ඊයේ මරණ දෙකක් වාර්තාවුණා.
 
එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 432 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් සියයට 80 ක්ම පිටතින් වෛරසය රැගෙන ආ අයයි.

Image result for italy coronavirusImage result for italy coronavirusImage result for italy coronavirusImage result for italy coronavirusImage result for italy coronavirusImage result for italy coronavirus
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top