Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
21
දිවයින පුරා ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය කැඩූ 130 දෙනෙකුට වැඩ වරදියි

- දිවයින පුරා ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය කැඩූ 130 දෙනෙකුට වැඩ වරදියිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

91 Views
දිවයින පුරා මේ වනවිට ක්‍රියාත්මක වන පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 130 දෙනෙකු ප්‍රදේශ රැසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ පුද්ගල ඒකරාශීවීම්, මාර්ගවල අත්‍යාවශ්‍ය සේවාවන් නොවන කාර්යයන් සඳහා ගමන් කිරීම යන හේතූන් පදනම් කරගනිමින් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබූ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගැනුනා.
 

මේ අතර වේයන්ගොඩ - කළගෙඩිහේන මාර්ගයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක්, ගිලන් රථයක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 17 හැවිරිදි පසුපැදිකරු මියගිය අතර, 23 හැවිරිදි යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මේ වනවිට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

යතුරුපැදියේ ගැටුණු ගිලන් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, යක්කල නගරය ආසන්නයේදී පොලිසිය එම ගිලන් රථය ලූහුබැද ගොස් එහි රියදුරා අත්අඩංගුවට ගත්තා.

පෞද්ගලික රෝහලකට අයත් එම ගිලන් රථයෙන් රෝහල් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර වියලි ආහාර සලාක ලබාදීමේ කටයුතු සම්බන්ධීකරණය කරගැනීම සඳහා කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි මහජන ආධාරලාභීන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 071 447 32 30 යන දුරකථන අංකයට අමතා අදාළ තොරතුරු ලබාගන්නා ලෙසයි කොළඹ නාගරික කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම නාවික හමුදාවද රාගම, වත්තල සහ කඳාන යන ප්‍රදේශවල මහාමාර්ග අවට ජීවත්වන දිළිඳු ජනතාව වෙනුවෙන් දිවා ආහාරය ලබාදීම අද සිදුකළා.

එසේම සමූපකාර වෙළඳසැල්වලට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතීනම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් ඒවා ලබාගැනීමට කටයුතු කරන ලෙස සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා සියලූම විවිධ සේවා සමූපකාර සමිතිවලට දන්වා සිටිනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top