Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
කොරෝනා අවුරුදු 43 ක ප්‍රේම සම්බන්ධයක් නතර කළ හැටි - කිවිසුම් පිටවීම හේතුවෙන් සැමියා ගෙදරින් එළියට

- කොරෝනා අවුරුදු 43 ක ප්‍රේම සම්බන්ධයක් නතර කළ හැටි - කිවිසුම් පිටවීම හේතුවෙන් සැමියා ගෙදරින් එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,684 Views
දෙන්නාම නාන්න යන්නෙත් එකට..

ඔයාට කොරෝනා ද දන්නේ නෑ..

තම බිරිඳට කොවිඞ් 19 හෙවත්, කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට සැක සිති, ඇයගේ
සැමියා නිවෙසේ අගුපිළක නිදාගෙන තිබෙනවා.

වයස අවුරුදු 77 ක් වූ මෙම වයෝවෘද්ධ අදාළ පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය දින රාත්‍රීයේ බිරිඳට හදිසියේ කැස්ස හා කිවිසුම් පිටවීම හේතුවෙනුයි අදාළ පුද්ගලයා මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ.

තිදරු යුවළක් වන මොවුන් මීට වසර 43 කට ඉහතදී ඇති කරගත් පෙම් සම්බන්ධයකින් විවාහ කරගෙන ඇති බව ද සඳහන්.

එම දරුවන් තිදෙනාගෙන් දෙදෙනකුම විවාහවී ඇති අතර මොවුන් දෙපළ සිය බාල දියණිය සමඟ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියා.

අද දක්වාත් මොවුන් දෙදෙනා ඉතා ආදරයෙන් යුතුව එදිනෙදා කටයුතු සිදු කරමින් සිටි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

“ මේ දෙන්නා නාන්න යන්නේ එකට, කෑම උයන්නෙත් එකට, කන්නෙත් එකට ” යනුවෙන් ප්‍රදේශවාසීන් තවදුරටත් කියා සිටියා.

පසුගිය අඟහරුවාදා දින දෙදෙනාම සුපුරුදු පරිදි ඇඳේ නිදාගැනීමට ගොස් තිබුණා.

අනතුරුව රාත්‍රී 11ට පමණ වයෝවෘද්ධ කාන්තාවට කිවිසුම් කිහිපයක් සහ කෑස්සක් ඇතිවී තිබු බව සඳහන්.

අනතුරුව ඉන් අවදී වූ සැමියා ඇයගෙන් විමසා තිබුණේ, “ ඔයාට කොරෝනා වෛරසය ද දන්නේ නෑ නේ ද, ඇයි ඔච්චර කිවිසුම් යන්නේ ” යනුවෙන්.

ඒ හේතුවෙන් ඇයට තනිව නිදාගැනීමට පවසා එම වයෝවෘද්ධ පිරිමි පුද්ගලයා පැදුරක් සහ කොට්ටයක් රැගෙන ගොස් නිවෙසේ අගු පිළෙහි නිදාගැනීමට පිටත්ව ගොස් තිබුණා.

පසුදා සිය බිරිඳ හට තනිව ගොස් ප්‍රතිකාර ගන්නා ලෙසයි සැමියා උපදෙස් ලබාදී ඇත්තේ.

කෑගල්ල මහ රෝහලේ සේවය කරමින් සිටින තරුණ වෛද්‍යවරියක අදාළ කාන්තාව පරීක්ෂාකිරීමෙන් අනතුරුව එවැනි වෛරස් ආසාදනයක්වී නොමැති බව පවසා ප්‍රකාශ කර තිබෙනවා.

පෙර දවසේ සිදු වූ සිද්ධිය ද එම වයෝවෘද්ධ කාන්තාව විසින් වෛද්‍යවරීය වෙත පවසා ඇති බව ද සඳහන්.

ඉන් අනතුරුව වෛද්‍යවරීය පවසා ඇත්තේ, කොරෝනා ආසාදනයක් සිදුව නොමැති බව ඇයගේ සැමියාට පවසන ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top