Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
ඊයේ දිනයේදී පමණක් මෙරටින් Covid 19 රෝගීන් 13 දෙනෙකු සොයා ගනී - පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි

- ඊයේ දිනයේදී පමණක් මෙරටින් Covid 19 රෝගීන් 13 දෙනෙකු සොයා ගනී - පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,844 Views
නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 2738 ක්..
IDH කාර්යමණ්ඩලයේ අයට කුලීනිවාසවලින් ඉවත්වන්නලූ..
අත්‍යවශ්‍ය සේවා තවදුරටත් ක්‍රියාත්මකයි..
 
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
 
ඊයේ පස්වරු හයේ සිට සඳුඳා උදෑසන හය දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මේ අතර, මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හැත්තෑ දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
 
එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක් දැක්වුණේ ඊයේ දිනයේදී පමණක් වෛරසය ආසාදිත රෝගීන් 13 දෙනෙකු හඳුනාගත් බවයි.
 
නිරෝධායන මධ්‍යස්ථාන 17 ක නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 2738 දෙනෙකු සිටින අතර, ඉන් 30 දෙනෙකුම විදේශිකයන්.
 
එමෙන්ම, දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් පසුගිය 18 වැනිදා ප්‍රතිකාර ලබාගත් කිහිප දෙනෙකුට සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකටද ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස රෝහල් පාලනාධිකාරිය දැනුම් දී තිබෙනවා.
 
මීට දින කිහිපයකට ඉහතදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු 18 වැනිදා දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම ඊට හේතුවයි.
 
මේ අතර, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුටද ඔවුන් නවාතැන්ගෙන සිටි කුලී නිවාසවලින් ඉවත්වන ලෙසට අදාළ නිවාස හිමියන් දැනුම් දී ඇති බව සඳහන්.
 
ඊයේ දිනයේදී යූ.එල්. 122 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට බුද්ධගයා වන්දනාවෙන් අනතුරුව මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 97 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබෙනවා.
 
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ කවර ආකාරයකින් හෝ ශ්‍රී ලංකාවට පැමිණ දැනට නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී මග හැර සිටින අයවලූන් නිරෝධායන ක්‍රියාවලියට යොමුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
 
අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකෙන වෛද්‍ය, හෙද ඇතුළු සියලූ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා ප්‍රවාහන සේවා අඛණ්ඩව ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
 
ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු යොදා ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
 
එලෙස ප්‍රවාහන පහසුකම් අවශ්‍ය සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සඳහා ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකරුවන් හරහා එම සේවා ලබාගත හැකි අතර, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0777 355 777 දුරකතන අංකයට ඇමතීමෙන් ලබාගත හැකියි.
 
මේ අතර, කොළඹ වරායේ ජයබහළුම් පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය සහ කලම්බු ලොජිස්ටික් යන ආයතනයන්හි මෙහෙයුම් හා සේවා සඳහා පැමිණෙන සේවකයන්ට තමන්ගේ පෞද්ගලික වාහනවලින් වරායට ඇතුළුවීමට අවසර ලබාදී තිබෙනවා.
 
ජාතික හැඳුනුම්පත හා ආයතනික හැඳුනුම්පත පෙන්වා ඔවුන්ට වරායට ඇතුළුවිය හැකියි. එමෙන්ම, ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස ඉදිරිපත් කළ හැකි බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
 
මේ අතර, විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සඳහා 1989 ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සහ පැමිණිලි සඳහා මෙම අංකය පැය විසිහතර පුරා විවෘත බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top