කොරෝනා වෛරස් රෝගය නිසා උතුරේ ජනතාව දැඩි බියකින් පසු වෙද්දී අනුරාධපුරයේ සිට ව්‍යාපාරිකයෙකු යාපනයට මිනීපෙට්ටි ප්‍රවාහනය කළ පුවතක් වාර්තා වනවා.
මෙම ව්‍යාපාරිකයා විසින් ඊයේ (18) මෙසේ මිනීපෙට්ටි ප්‍රවාහනය කිරීමත් සමඟම ජනතාවගේ දැඩි අප්‍රසාදය එම ව්‍යාපාරිකයා වෙත එල්ල වී තිබෙනවා.
මිනී පෙට්ටි විශාල ප්‍රමාණයක් රැගෙන යාපනයට පැමිණි මෙම ලොරිය යාපනයේ කෝවිලක අසල නවතා තිබියදී මහජනතාව මිනී පෙට්ටි ප්‍රවාහනය කල ව්‍යාපාරිකායට දොස් නගා ඇත්තේ ජනතාව බියට පත්ව සිටින අවස්ථාවක ඔවුන්ගේ බිය තවත් වැඩි නොකරණ ලෙස ප්‍රකාශ කරමිනුයි.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ - මව්බිම