මේ corona virus නිසා හැමෝම වගේ පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවක්. ඔබේ පවුලේ කිසිවකු මෙම රෝගය වැලඳිලා නැතිවුනත් සමාජයේ යහපත සඳහා ලබාදී ඇති නිවාඩුවෙ ඔබ ගෙදරටම වෙලා ඇති
සියලුම උත්සව කණ්ඩායම් ගැසීම ක්‍රීඩා හා සන්දර්ශන නවත්වා තිබෙනවා.ගමනාගමනය දුෂ්කරයි රථ වාහනභාවිතය සීමාවෙලා නිසා.
ඔබට ආගමික වැඩසටහනකට හෝ එම ස්ථානයකට පවා යාමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ
මේ සියලුම දේ සිදුවෙලා තිබෙන්නේ පුද්ගලයන් අතර පරතරයක් පවත්වා ගන්නේ මේ වයිරසය පැතිරීම වළක්වා ගන්න
මෙසේ සමාජයෙන් වෙන් වෙලා සිටීම විශාදය වැනි මානසික රෝග තිබෙන අයට ඉතා අපහසු දෙයක් .සමහරවිට මේ නිසා විශාදය ලක්ෂණ උග්‍ර වෙන්න වගේම විශාදය වූ කෙනෙකුට එය නැවත මතු වෙන්නත් බලපාන්නට පුළුවන්.
ඇයි එහෙම කියන්නේ
සමාජයෙන් වෙන්ව සිටීම නිසා (රැකියාවෙන් වගේම එදිනෙදා ජීවිතයේදී )විශාදය තිබෙන අයට ඔවුන්ගේ මානසික තත්වය යහපත් කරගන්න උදව් වෙන දේවල්වලිනුත් ඈත්වෙන්න වෙනවා
විශාදයෙන් පෙළෙන බොහෝ අයට වෙනත් අය හමුවෙන එක ,කතා කරන එක ,රැකියාවක නිරත වෙලා ඉන්න ලැබෙන අවස්ථාව ,යහළුවෙක් එක කෑමකට යාම ක්‍රීඩා තරඟයක් බැලීම වගේම නාට්‍යයක් ,සංගීත සංදර්ශනයක් නැරඹීම වැනි දේ විශාදයේ දුක අඩුකරගන්න හේතු වෙනවා හිතේ දුකෙන් ඉන්න වෙලාවට බඩු මිලදී ගත්තේ නැතත් ෂොපින් ගිහිල්ලා දුක අඩු කරගන්න බොහෝ අයට අත්දැකීම් ඇති.මේවා හරහා අපට අනාගතය ගැන බලාපොරොත්තු ,සැලසුම් වගේම අභියෝගවලට හිත යොමු කරන්නත් ඉඩ ලැබෙනවා.මේ වගේ දේවල් නැති උනහම ඒ අයට හුදෙකලාව, දුක දැනෙනවා වගේම පාලනය කළ නොහැකි අසුබවාදී සිතිවිලි වැඩි වෙන්නත් පුළුවන් .
කොහොම වුණත් මේ වෙනස් වන ජීවන රටාව වෙනුවට හා ඒ නිසා ඇතිවන මානසික බලපෑම අඩු කරගන්න කරන්න පුළුවන් දේවලුත් රාශියක් තිබෙනවා
ඔබ විශාදයෙන් පෙළෙන එම තනිකම දරාගන්න බැරි වූ කෙනෙක් නම් පහත උපදෙස් පිළිපදින්න
1. ඔබට විශාදයේ ලක්ෂණ තිබේනම් ඔබේ වෛද්‍යවරයා හෝ උපදේශකවරයා සමඟ දුරකථනයෙන් නිතර කතා කරන්න.උපදෙස් ගන්න
2. ඔබේ පවුලේ අය හා ආදරය කරන අය සමඟ නිතර දුරකථනයෙන් විශේෂයෙන්ම videos calls මගින් සම්බන්ධ වන්න
3. මාධ්‍ය වාර්තා ගැන සැලකිලිමත් වන්න ඔබ අලුත් තොරතුරු ලබාගෙන දැනුවත් වීම වගේම ඔබට එම තොරතුරු වලින් මානසික බලපෑමක් තිබේ නම් එය සීමා කරන්න.විශ්වාස කළ හැකි ක්‍රම මඟින් ලැබෙන තොරතුරු පමණක් පිළිගන්න
4. දැනට ඔබේ ක්‍රියාකාරිත්වය සීමා වුණත් අනාගතය ගැන සැලසුම් කරන්නට දැන් පුළුවන් .මෙම අපහසු කාලය අවසන් කළ පසුව ඔබේ අධ්‍යාපනය රැකියාව හා විනෝදාස්වාදය ගැන දැන් සැලසුම් කරන්න.
5 ඔබේ ආහාර සීමා සහිත වුවත් ඔබම පිසගන්නා අලුත් වට්ටෝරුවකට සකස් සකස් කළ ආහාරයක රස විදින්න
6 කාර්යබහුලත්වය නිසා වෙනදා කළ නොහැකි වූ දේ. දැන් කරන්න. චිත්‍රයක් අඳින්න .පොතක් ලියන්න .නිවෙස අස්පස් කරන්න .මැහුම් ගෙතුම් කරන්න පොත් කියවන්න දැන් පටන් ගන්න පුළුවන්
7 ආගමික කටයුතු ගෙදරදීම කරන්න පුරුදුවෙන්න.හැමදාම වැන්දාට ,පූජා කරාට ඔබේ ආගම ගැන ඔබ හරියට දන්නවාද දැම්ම කියවන්න පටන් ගන්න
8 තමන්ගේ මිදුලට බහින්න බාධාවක් නැහැ.පැලයක් ඉන්දන්න එයට සාත්තු කරන්න ඔබට පුළුවන්
9 අන්තර්ජාලය විනෝදය හා අධ්‍යාපනය සඳහා භාවිතා කරන්න .එය හරියට ඉමක් නොපෙනෙන පුස්තකාලයක් වගේ දෙයක්
මේක අසීරු කාලයක් මේ අසීරු කාලය ගත කරන්න මිනිසුන්ට පුළුවන්.ඒකට ශක්තිය හැමෝටම තිබෙනවා ඒ සඳහා මේ උපදෙස් ඔබට වැදගත් වේවි.