කොවිඩ් 19 හේතුවෙන් මූලික ආර්ථිකයට එල්ලවී තිබෙන බලපෑම හමුවේ විද්වත් කමිටුවකින් සිදුකළ පරීක්ෂණයකට අනුව ජනපති විසින් නව ආර්ථික පැකේජයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එහිදී අවශ්‍ය පිරිවැය දැරීම සඳහා ජනපති විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය ලබාදී තිබෙනවා.
2019 වර්ෂයේ දී රජයේ කොන්ත්‍රාත් සිදුකරනලද ස්වජාතික සැපයුම්කරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එසේම ඖෂධ සඳහා පෞද්ගලික ආයතන සඳහා රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක මුදලක් වෙන්කර තිබෙනවා.
සුළු හා මාධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට හිඟමුදල් ගෙවීමට රුපියල් බිලියන 5 ක් වෙන්කර තිබෙනවා.
එසේම මෙම නව ආර්ථික පැකේජය හරහා කුඩා තේ වතු හිමියන්ට වියලි කාලගුණයෙන් සිදුවූ පාඩුව වෙනුවෙන් රුපියල් බිලියන 3 ක් වෙන්කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොරෝනා හේතුවෙන් ඍජු බලපෑම් සිදුවූ ක්ෂේත්‍ර 4ක් සඳහා හඳුනාගෙන ඇති අතර ඒවා නම් සංචාරක, රෙදිපිළි ඇඟලුම්, විදේශ සේවා නියුක්තිකයන්, සුළු පරිමාණ ව්‍යවසායකයන් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා.