කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන ස්ථානවල දෑත් පිරිසිඳු කරගැනීම සඳහා පහසුකම් සළසා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ කළා.
කොටුව දුම්රියපල, පිටකොටුව බස් නැවතුම්පල ඇතුලූ තවත් ස්ථාන කිහිපයක මෙලෙස පහසුකම් සළසා ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර චීනය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් අද දිනයේ වාර්තා නොවුණත් රට තුලට පැමිණෙන විදේශිකයින් නිසා යළි එම වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රෝගය පාලනය කිරිමට චීනය දැඩි පියවර අනුගමනය කිරීමත් සමඟ එරටින් රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුණා.