Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
18
රටවල් 165කින් වාර්තා වන ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවයි - තුර්කිය සහ බ්‍රසීලයේ සිදුවූ පළමු කොරෝනා මරණයන් අද වාර්තා වෙයි - Video

- රටවල් 165කින් වාර්තා වන ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවයි - තුර්කිය සහ බ්‍රසීලයේ සිදුවූ පළමු කොරෝනා මරණයන් අද වාර්තා වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මේ වනවිට ලොවපුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 8,225 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොව රටවල් 165කින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවන අතර, තුර්කිය සහ බ්‍රසීලයේ සිදුවූ පළමු කොරෝනා මරණයන් අද වාර්තා වුණා.

මේ අතර, අග්නි දිග ආසියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉතා කඩිනමින් ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන යුරෝපානු කලාපයේ වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ ඉතාලියටයි.
 

ගතවූ පැය 24 තුළ නව මරණ 345ක් එරටින් වාර්තා වන්නේ සමස්ත මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 31,500 අධික අතර, ඊයේ දිනයට සාපේක්ෂව එම අගයන් 16%ක වර්ධනයක්.

යුරෝපයේ දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 11,826ක්.

එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 533කට අධිකයි.

ලොව බොහෝ දෙනාගේ සංචාරක ආකර්ශනය දිනාගත් ප්‍රංශයේ ද අද වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 7730ක් වන අතර, වාර්තා වන මරණ ගණ න ද 175ක්.

ජර්මනිය, ඩෙන්මාකය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාවෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 12,000 ඉක්ම වන අතර, එක්සත් රාජධානියෙන් ද ආසාදිතයින් 1950 දෙනෙකු වාර්තා වනවා.

මේ අතර, යුරෝපානු සංගමයට අයත් රටවල් 26ක් සිය බාහිර දේශසීමා දින 30ක කාලයක් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබෙන්නේ වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට ගත් පියවරක් ලෙසයි.

කෙසේ වෙතත්, මෑත කාලයේදී යුරෝපානු සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙය වලංගු වන්නේ නැහැ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 135ක් වාර්තාවීමත් සමඟින් එරට සමස්ත මරණ ගණන 988ක් දක්වා ඉහළ ගියා.

පෙර දිනට සාපේක්ෂව එම අගයන් 13%ක් වර්ධනයක් වන අතර, සමස්ත ආසාදිතයින් ගණන 16000කට අධිකයි.

කොරෝනා ආසාදිතයින් 171ක් වාර්තාවන සෞදි අරාබිය පෞද්ගලික අංශ සේවකයින්ට නැවත දැනුම්දෙනතුරු අනිවාර්ය නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ රාජ්‍ය අංශයේ අවම සේවක පිරිසකගෙන් ජනතාවට සේවාවන් සැපයීමේ අරමුණින්.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඇමරිකාවේ ප්‍රාන්ත පනහම වෛරසයට ගොදුරු වී ඇති බවට අද නිවේදනය කළා.

නාසා ආයතනයද සිය නව මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර, සේවකයින් සඳහා නිවෙස්වලට වි රාජකාරී කිරීමට දැනුම්දී තිබෙනවා.

මෙම මාරාන්තික වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට, කෘතීමව සැකසූ අභයභූමියක සිටින චිම්පන්සියන් සඳහා විශේෂ ලෙස සකසාගත් එළවළු ඇතුළු ආහාර ලබාදීමට ඇමරිකානු බලධාරින් පියවර ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන ගැම්බියාව සහ නැගෙනහිර අප්‍රිකානු කොදෙව් රාජ්‍යයක් වන සැන්සිබාර් රාජ්‍යයෙන්ද අද පළමුවරට කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවූ අතර, තුර්කියේ සහ බ්‍රසීලයේ පළමු කොරෝනා මරණයන් වාර්තාවුණා.

මේ අතර, මානව ජෛව ආරක්ෂන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පියවර ගත්තා.

ඒ අනුව, විශාල වශයෙන් මහජනතාව රැස්වන සෑම අවස්ථාවක්ම එරට තුළ තහනම් වනු ඇති.

එරටින් වාර්තාවන ආසාදිතයින් ගණන472ක්.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඇතුළු ඔහුගේ පරිපාලන නිලධාරීන් සියලුදෙනා කොරෝනා වෛරස සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය වී තිබෙන්නේ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසින්.

දකුණු කොරියාවේ උප සෞඛ්‍ය අමාත්‍යවරයා වන කිම් ගැන්ලිත් ස්වයං නිරෝධායනයකට භාජනය වීමට තීරණය කර තිබෙන්නේ ඔහු කොරෝනා වෛරස ආසාදිතයෙකු සමීපව ඇසුරු කර තිබීම හේතුවෙන්.

මේ අතර, නිරෝධායන මධ්‍යස්ථානයකින් කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් 37 දෙනෙකු පැනයාමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල් කාර්ය මණ්ඩලයටද පහරදී කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් පිරිස සිය ඥාතීන්ගේද සහයෝගය මත මෙලෙස පැනගොස් ඇති බවයි.

පිලිපීනයේ මැනිලා අගනුවර CNN ප්‍රවෘත්ති සේවය පිහිටි ගොඩනැගිල්ලේ සේවකයෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද වාර්තාවීමත් සමග CNN පුවත් සේවයේ පිලිපීන විකාශය පැය 24කට නවතා දැමුණා.

මේ චිලී රාජ්‍යයේ සාප්පු සංකීර්ණයක සේවකයින් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ රජය විසින් ප්‍රකාශයට පත්කර තිබූ නිවාඩු ලබානොදීම හේතුවෙන් විරෝධය පළකරන අයුරුයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ව්‍යාප්තිය ආරම්භවූ මෙම මරාන්තික වෛරසය මුළුමණින්ම මැඩලීමට චීනය සාර්ථකව කටයුතු කර තිබෙන අතර, වෛරසයේ තිඹිරිගෙය වූ හුබෙයි පළාතේ කිසිදු ආසාදිතයෙකු දෙවන දිනටත් වාර්තා නොවීම විශේෂත්වයක්.

මේ අතර, චීනයේ රැඳී සිටින ඇමරිකානු මාධ්‍යවේදීන් පිටුවහල් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊට දැඩි ලෙස අප්‍රසාදය පළකර ඇති බවයි.

මේවන විට අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 276 දක්වා ඉහළගොස් ඇති අතර, හමුදා නිලධාරියෙක්ද වෛරසයට ගොදුරුවී ඇති බවට NDTV ප්‍රවෘත්ති සේවය වාර්තාකළා.

නවදිල්ලි ගුවන් තොටුපොළට පැමිණි ඇතැම් සංචාරකයින් ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අනිවාර්ය කර තිබෙන කොරෝනා වෛරස පරීක්ෂණ සඳහා යොමුවීමට අකමැත්ත පළකිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top