මෙරටින් වාර්තා වන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පිරිස 50 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අද දිනය තුළ හඳුනා ගැනුණු නව රෝගීන් 9 දෙනෙකු සමඟින්.
වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රාජගිරියේ පිහිටි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.
කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගෙන දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන ලාබාලතම රෝගියා වන්නේ අවුරුද්දයි මාස 5ක දරුවෙක්.
මව්පියන් සමඟ ඉතාලියේ සිට පසුගියදා දිවයිනට පැමිණ ඇති එම දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, දරුවාගේ මවට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
දරුවාගේ පියාට රෝගය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.
රෝගය ආසාදනය වූ බවට තහවුරු වූ තවත් රෝගියෙකු IDH රෝහල වෙත අද මෙලෙස රැගෙන ආවා.
මේ අතර, කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන කාන්තාවක බලපිටිය රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මේ අතර, වෛරසය වැළඳීම හේතුවෙන් IDH රෝහලට ඇතුළත් කර සිටින කටුනායක ගුවන්තොටුපළේ සෞඛ්‍ය අංශ සේවකයා සමඟ සමීපව කටයුතු කළ සියලුම ගුවන්තොටුපළ සේවකයින් ස්වයං නිරෝධායනයකට ලක්කර තිබෙනවා.
අදාළ සේවකයා සේවය කළ ස්ථානය අද පෙරවරුවේ ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ද ලක්කළා.
මේ අතර, කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානා සඳහා අද මධ්‍යම රාත්‍රීයේ සිට ගුවන්තොටුපොළ වසා දැමෙන අතර, දඹදිව වන්දනාවේ ගිය වන්දනාකරුවන් 900කට ආසන්න පිරිසක් අද මධ්‍යම රාත්‍රීයට පෙර දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානා දෙකක් පිටත් කර හැරී බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළා.
දිවයිනට පැමිණෙන ගුවන් මඟීන් නිරෝධායනය කිරීමේ වැඩසටහන වෙනුවෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ සිව් මහල් ගොඩනැගිල්ලක් නව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කර තිබෙනවා.
136 දෙනෙකුට පහසුකම් සැපයිය හැකි මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ කටයුතු සඳහා නාවුක හමුදා සාමාජිකයින්ට පුහුණුව ලබා දී ඇත්තේ කරාපිටිය රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් ලෙස වැලිකන්ද මූලික රෝහල තෝරා ගැනීමත් සමඟ එම රෝහල ඒ සඳහා සූදානම් කරමින් තිබුණේ මෙසේයි.
අනුරාධපුර පිහිටි මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය, නිරෝධායන මධ්‍යස්ථානයක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් අද එහි නිරීක්ෂණයක නිරත වුණා.
ඉතාලිය ඇතුළු විවිධ රටවලින් මෙරටට පැමිණි නාත්තන්ඩිය, කටුනේරිය, මාවිල සහ මාරවිල ප්‍රදේශ වල පදිංචිකරුවන් 65 දෙනෙකුට අත්‍යවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කටයුත්තකට තමන් පදිංචි නිවාස වලින් දින 14 ක කාලයක් බැහැර නොවන ලෙස මාරවිල ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින්.
වර්ග කිලෝ මීටර් 74.4 ක භූමියක 68406 ක ජනගහනයක් වෙසෙන නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය ප්‍රකාරව සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(ආ) වගන්තිය අනුව මෙම ඉල්ලීම සිදු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය සහ රුසියාව යන රටවලින් පසුගිය මාර්තු මස පළමු වැනිදාට පසු මෙරටට පැමිණි 1015 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිටින බවට හඳුනා ගෙන තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක දී නිරෝධායන කටයුතු සිදු කෙරෙන අතර, සෙසු පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම ප්‍රදේශයේ නිරෝධායන කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා සිටින බවයි.
මේ අතර, විදේශ ගතව සිට මෙරටට පැමිණ දින 14ක ස්වයං නිරෝධායන කාලය අවසන් කළ නාත්තන්ඩියේ වෙසෙන පළමු පවුල වෙත සාමාන්‍ය ජන ජීවිතයට අවතීර්ණ විය හැකි බවට වන දැනුම්දීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙලෙස සිදුකළා.
මෙරටට පැමිණි, දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන විදේශීකයින් රැඳී සිටි තිස්සමහරාම ප්‍රදේශයේ හෝටල් 4ක් සහ එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.
මේ අතර, වෛරසය වැළඳුණු බවට හඳුනා ගැනුණු රත්තපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ නිවස සහ ඒ අවට ප්‍රදේශය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ අතර, යුරෝපීය රටකින් පැමිණ නිරෝධායනයට ලක්විය යුතුව සිටි විදේශීකයෙකු සොයා ගැනීම සඳහා සහාය ඉල්ලා පොලීසිය සිදුකළ ඉල්ලීමට අනුව මහජන සහය යටතේ එම පුද්ගලයා සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළා.
ඔහු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර, පරිප්පු සහ සැමන් මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පහළ හෙළීමට රජය ගත් තීරණයත් සමඟ එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෝලීම් ගැසී සිටිනු මෙලෙස දක්නට ලැබුණා.
කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන අවස්ථාවක ජනතාව වැඩි වශයෙන් ඒකරාශී නොවන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙන පසුබිමක ජනතාව මෙලෙස එක්රැස්වීම කෙතරම් සුදුසුද..?
මේ අතර, ඇතැම් ප්‍රදේශවල ජනතාව චෝදනා කළේ, රජය පරිප්පු සහ සැමන් මිල පහත දැමීමට නියෝග කර තිබියදීත් ඇතැම් වෙළෙඳුන් එම භාණ්ඩ පැරණි මිලටම අලෙවි කරන බවයි.
මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තීරණය කර තිබෙනවා.
ඒ, මෙරට සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙනයෑමේ අරමුණ ඇතිව එම භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කරමින්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ කොළඹ වරාය වෙත ඉදිරියේදී යාත්‍රා කිරීමට නියමිතව තිබූ මගී නෞකා 5ක් අතරින් තුනක සිටි සංචාරකයින් මෙරටට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා තිබීම හේතුවෙන් එම නෞකාවල පැමිණීම අවලංගු කළ බවයි.
මේ අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ආගමන විගමන දෙපාර්තමේන්තුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය පසුගිය 14 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ඒ අනුව වීසා ගාස්තු ගෙවා තම ගමන් බලපත්‍රය පිටිසන් කර ගැනීම සඳහා අප්‍රේල් මස 8 සහ 9 යන දිනවල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණිය හැකි බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් සීගිරියට ඇතුළුවීම දෙස් විදෙස් සංචාරකයන්ට තහනම් කිරීමත් සමඟ සීගිරිය මෙන්ම සීගිරිය නගරය ද දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබෙනවා.
සීගිරියේ සංචාරක නිකේතනවල නැවතී සිටි විදේශිකයන් බොහෝ දෙනෙකු ආහාර ලබාගැනීමට සහ ගමන් කිරීමට නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින බව ඔවුන් පවසනවා.
සංචාරක ක්ෂේත්‍රයන්හි නියැලී සිටි බොහෝ දෙනෙකු කියා සිටියේ පවතින තත්ත්වය නිසා තමන්ටද විශාල ආර්ථික හානියක් සිදුව ඇති බවය.
මේ අතර, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා විනෝද චාරිකා යාම වළකින ලෙස රජය ඉල්ලීමක් කර තිබුණත් එය නොතකා ඇතැම් පිරිස් විනෝද ගමන්වල යෙදෙන ආකාරය ද දක්නට ලැබුණා.
මාර්තු මස 16 වැනිදා සිට අප්‍රේල් මස 15 වැනිදා දක්වා වන කාලය ඇතුළත වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය ජුනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණා.
එසේම මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී සිදුකෙරුණු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මාðතු මස 31 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එම කාලය තුළ හිඟ මුදල් සහ දඩ අය කිරීමක් සිදු නොකෙරෙන අතර, online ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාගත හැකි බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මාර්තු 31 වැනිදා දක්වා රථ වාහන පරීක්ෂාවලදී සහනයක් සලසන ලෙස පොලීසිය දැනුවත් කර ඇති බවයි.
මේ අතර, දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය මඟීන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් නොකර ගමන් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සිය දෙපාර්තමේන්තුව කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.
දුම්රිය ධාවනය හෝ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් නිසි බලයක් නොමැති ඇතැම් පිරිස් සිදුකරන වගකීම්වලින් තොර ප්‍රකාශ පිළිබඳ අවධානය යොමුවිය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ ත්‍රිකුණාමල දුම්රිය ස්ථානය විෂබීජ හරණය සඳහා නාවික හමුදාව දායක වී සිටි ආකාරයයි.
මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ පෞද්ගලික බස්රථ සේවය මුහුණදී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ අතර, පවතින තත්ත්වය හමුවේ රජයේ දන්ත ශල්‍යවරුන්ගේ සංගමය ඇතුළු කණ්ඩායම් ගනු ලැබූ තීරණ පිළිබඳ දැනුම්දීමට ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ අතර, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස සිය දෙපාර්තමේන්තුව සපයන සේවා කිහිපයක් මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බවයි.
(ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල් සාමාන්‍ය ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම, සේවක සේවක අර්ථ සාධක අරමුදල් 30% ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම සහ එහි නිවාස ණය අයදුම්පත් භාර ගැනීම යන සේවා අත්හිටුවනු ඇති.)
VIDEO