කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමේ අවදානම සැළකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින14ක කාලයක් තහනම් කෙරුනද විවාහ උත්සව තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
එවැනි උත්සවයක් පවත්වන්නේ නම්, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර නිරෝධායනයට පියවර ගන්නා ලෙසටත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.