Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
16
ලොව පුරා කොරෝනා මරණ 6,000 ඉක්මවයි - ආසාදිතයින් 169,000ක් - දිනක් තුළ ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයෙන් වාර්තාගත මරණ සංඛ්‍යාවක් - අලුත්ම තත්ත්වය මෙන්න - Photos

- ලොව පුරා කොරෝනා මරණ 6,000 ඉක්මවයි - ආසාදිතයින් 169,000ක් - දිනක් තුළ ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤයෙන් වාර්තාගත මරණ සංඛ්‍යාවක් - අලුත්ම තත්ත්වය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61 Views
ඉතාලියේ දිනක් තුළ මරණ 368 ක් වාර්තා වෙයි..
රුමේනියාවටත් හදිසි තත්ත්වයක්..
සෞදි ආරාබියේ වෙළඳසැල් වැසේ...
 
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6,515ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටවල් 157කින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 69,415ක්.
 
යුරෝපයේ රටවල් තුනක එක්දිනක් තුළ වාර්තාගත ලෙස කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
 
චීනයට පසුව වැඩිම බලපෑමක් සිදුව ඇති ඉතාලියේ දිනක් තුළ මරණ 368 ක් වාර්තාවී ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 1,809 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්පාඤ්ඤයේද නව මරණ 97ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 292ක්.
 
ප්‍රංශයේද දිනක් තුළ නව මරණ 26ක් වාර්තාවීමත් සමඟ මුළු මරණ සංඛ්‍යාව 127 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ලක්සම්බර්ග් සහ ඔස්ටි්‍රයාව සමඟ පවතින තම දේශසීමා අද සිට වසා දැමීමට ජර්මනිය පියවර ගෙන තිබෙනවා.
 
රුමේනියාව ද එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර චෙක් ජනරජය ද සිය දේශසීමා වසා දමා රට පුරා නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බව සඳහන්.
 
මේ අතර, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා දායකත්වයෙන් හදිසි අරමුදලක් ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ යෝජනා කළා.
 
එම අරමුදල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක මුදලක් ලබාදීමට සූදානම් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දකුණු ආසියානු රටවල නායකයන් සමඟ ඊයේ පැවැත්වූ ඒකාබද්ධ වීඩියෝ සංවාදයේදී ප්‍රකාශ කර ඇත්තේ.
 
වයස අවුරුදු 70ට වැඩි සෑම බි්‍රතාන්‍ය ජාතික පුරවැසියෙකුටම ඉදිරි සති කිහිපය තුළ නිවෙස්වලින් බැහැරට නොයා නිවසේ රැදී සිටින ලෙස එරට සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් දැනුම් දීමක් කර තිබෙනවා.
 
කෙසේ වෙතත්, මෙය බල කිරීමක් නොවන අතර, යුද සමයේ මෙන් මෝටර් රථ නිෂ්පාදකයන්ට වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන ලෙසත් හෝටල්, රෝහල් බවට පත් කරන ලෙසත් ඔහු ඉල්ලීමක් ද කර ඇති බවයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
 
මේ අතර සෞදි අරාබිය සිය රට තුළ අත්‍යාවශ්‍ය ආහාර අලෙවිසැල් සහ ඖෂධ අලෙවිසැල් හැර සියලුම වෙළඳසැල් වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
බෙදාහැරීමේ සේවාවන්ට පමණක් ඉඩ දෙමින් අවන්හල් සහ ආපනශාලාවල ආහාර සැපයීමද තහනම් කර තිබෙනවා.
 
දකුණු අප්‍රිකාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
පුද්ගලයන් 100 කට වැඩි මහජන රැස්වීම් තහනම් කර ඇති අතර, පාසල් මෙන්ම පොදු ස්ථානද වසා දමා ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
 
එමෙන්ම ඇතැම් රටවලට සංචාරක තහනම් පැනවීමටද දකුණු අප්‍රිකානු රජය පියවර ගෙන තිබෙනවා.

Image result for coronavirus chinaImage result for coronavirus chinaImage result for coronavirus chinaImage result for coronavirus chinaImage result for coronavirus chinaImage result for coronavirus china
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top