සුපිරි ධනවතාගේ අනාගත බලාපොරොත්තුව..
වත්කම පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 110යි!
ලොව දෙවන ධනවත්ම පුද්ගලයා වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, පුණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමටයි.
ගෝලීය සෞඛ්‍ය කටයුතු සහ සංවර්ධනය, අධ්‍යාපනය මෙන්ම කාලගුණ වෙනසට එරෙහිව වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි බිල් ගේට්ස් ප්‍රකාශ කර ඇත්තේ.
බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඔහු වත්කම අතින් දෙවැනි වන්නේ ඇමසන් සමාගමේ නිර්මාතෘවරයා වන ජෙෆ් බෙසෝස්ට පමණයි.