Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 5 දක්වා ඉහළට - ලොව පුරා මරණ 5000 ඉක්මවයි - ඇමරිකාවට හදිසි තත්ත්වයක් - පැය 24ක් තුළ ඉතාලියේ 250ක් වෛරසයට බිලි - Photos

- ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 5 දක්වා ඉහළට - ලොව පුරා මරණ 5000 ඉක්මවයි - ඇමරිකාවට හදිසි තත්ත්වයක් - පැය 24ක් තුළ ඉතාලියේ 250ක් වෛරසයට බිලි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45 Views
එක්ලක්ෂ 44,824කට වෛරසය ආසාදනය වෙලා..
ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව 17,660ක් දක්වා ඉහළට..
ස්පාඤ්ඤයේ, මරණ සංඛ්‍යාවත් 133 දක්වා ඉහළ යයි..
 
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු අලුතින් හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළා.
 
මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වුණේ ජර්මනියේ සිට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසගෙන් දෙදෙනෙකුයි.

ඒ අනුව, ඔවුන් තිදෙනාගෙන් ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ජර්මනියේ සිට පැමිණි පුද්ගලයා අයි.ඩී.එච්.රෝහලෙත් සහ අනෙක් ඉතාලියේ සිට පැමිණි පුද්ගලයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 
ඒ අනුව මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යනවා.
 
මේ අතර, එම වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් 64 දෙනෙකු දිවයින පුරා වෙන් කළ රෝහල් දාහතක, ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
 
එසේම, සියලු රජයේ විශ්වවිද්‍යාල අද සිට සති දෙකක කාලයක් වසා දැමෙන අතර, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාල ලබන සඳුදා සිට 29 වනදා දක්වා දෙසතියක් වසා තැබෙනවා.
 
වෘත්තිීය පුහුණු ආයතන ද සති දෙකක කාලයකට වසා දැමීමට නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය ඊයේ තීරණය කරනු ලැබුවා.
 
මේ අතර, කුඩා දරුවන්ට මෙම වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා දෙමාපියන් නිරන්තර සිය අවධානය යොමුකළ යුතු බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.
 
මේ අතර, ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 5398 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම, එම වෛරසය එක්ලක්ෂ 44,824කට මේ වනවිට ආසාදනය වී තිබෙනවා. ඉතාලියෙන් ආසාදිත සංඛ්‍යාව 17,660ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 1266 ක් දක්වා වැඩි වී තිබෙනවා.
 
ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 250කින් ඉහළ යාම විශේෂත්වයක්.
 
ඉරානයේ මරණ සංඛ්‍යාව 514 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට ආසාදිත සංඛ්‍යාව 11,364ක්.
 
ස්පාඤ්ඤයේ, මරණ සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් ඇත්තේ දකුණු කොරියාව සහ ප්‍රංශය අභිබවමින්.
 
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ද 40 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 1992ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව වෛරසය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
 
එමගින් මධ්‍යම රජයේ හදිසි සහන අරමුදලින් ඩොලර් බිලියන 50ක් වෛරසය මැඩලීමේ කටයුතු සඳහා යෙදවීමට හැකි වනු ඇති.
 
ඇමරිකානු ප්‍රාන්ත රැසක් දැනටමත් කොවිඞ් නයින්ටීන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පියවර රැසක් ගෙන ඇති අතර, ජනයා එක්රැස් වන ක්‍රීඩා උත්සව ආදිය අවලංගු කර ඇති අතර පාසල් වසා දමා තිබෙනවා.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ජෙබ්‍රියාසියස්, ජීනිවා නුවර දී ඊයේ ප්‍රකාශ කළේ මේ වන විට කොරෝනා වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රය යුරෝපය වෙත සංසරණය වී ඇති බවයි.
 
මෙතෙක් එහි කේන්ද්‍රය ලෙස සැලකුණේ චීනයේ වූහාන් නගරය ඇතුළු හුබෙයි ප්‍රාන්තයයි. චීනය හැරුණු කොට ලොව අනෙක් රටවල් සියල්ලේම එකතුවට වඩා යුරෝපයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දුන්නේ.
 
ජනමාධ්‍යවේදීන්ට වෛරසය ආසාදනය වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෛනික මාධ්‍ය හමුව ඊයේ පැවැත්වුණේ සැබවින්ම ඔහු එහි පෙනී නොසිට අතත්‍ය ආකාරයෙන්.

Image result for coronavirus worldImage result for coronavirus worldImage result for coronavirus worldImage result for coronavirus worldImage result for coronavirus worldImage result for coronavirus world
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top