විශ්වවිද්‍යාලයෙනුත් විනය ක්‍රියාමාර්ග..
අත්අඩංගුවේ පසුවන සිසුන්ට සිද්ධ වෙන දේ...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී ටයරයක් වැදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් හයදෙනෙකු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සිසුන් අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද වන බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එම විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ තත්ත්වය තවදුරටත් බරපතල බව රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ කියා සිටියා.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් ශිෂ්‍යයින් අටදෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත්ත ලියනගේ ප්‍රකාශ කළා.
එම සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් විශේෂ පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන සිසුන් හයදෙනා සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.