Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
07
"මට මතකයි, මම තාත්තාගෙන් ඇහුවා, අපි දෙන්නාම පිළිකා රෝගීන් නම් මොකද වෙන්නේ කියල.." - පියයුරු පිළිකාවට එරෙහිව සටන් වැදුණු සොඳුරු යුවතියකගේ සංවේදී කතාව - Photos

- "මට මතකයි, මම තාත්තාගෙන් ඇහුවා, අපි දෙන්නාම පිළිකා රෝගීන් නම් මොකද වෙන්නේ කියල.." - පියයුරු පිළිකාවට එරෙහිව සටන් වැදුණු සොඳුරු යුවතියකගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,413 Views
එයාට ස්පර්ශ සංවේදීතාවය අහිමි වෙන්න පුළුවන්...
ප්‍රතිඵල ලැබෙන තෙක් මම හිටියේ සහමුළින්ම දුර්වල තත්ත්වයක..
"ඒ කාන්තාවගේ පපුවට රළ ස්පර්ශය දැනෙන්නේ නැහැ."
 
තමා පියයුරු පිළිකාවට ගොදුරුවීමේ දැඩි ඉඩකඩක් ඇති බව දැනගත් වහාම සරෆිනා නැන්සි (Sarafina Nance) එය වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් පියයුරු ඉවත් කිරීමේ ද්විත්ව ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට සහ ඉන් අනතුරුව යළිත් පියයුරු බද්ධ කර ගැනීමේ ක්‍රියාමාර්ගයකට යොමු වූවාය.
 
එම ශල්‍යකර්මය මගින් ඇය මුහුණ දී සිටි අනතුර පුදුම සහගත මට්ටමින් අවම කරන ලද නමුත්, වෙනත් ප්‍රශ්නයකට මුහුණ දීමට සරෆිනා නැන්සිට සිදු විය.
 

එනම් ඇයගේ පපුවේ සංවේදීභාවය අහිමි විය හැකි තත්වයක් මතුවීමය.
 
විසිහය හැවිරිදි තරුණිය ඇයගේ ජීවිතයේ වෙනසක් සිදු කිරීමට හේතු වූ සැත්කම සඳහා සිරුර හිරි ගැන්වෙන අවස්ථාව දක්වා ඊට මුහුණ දීමට සම්පූර්ණ සූදානමකින් පසු වූවාය.
 
පියයුරු පිළිකාව සම්බන්ධයෙන් පිරික්සීමට සරෆිනාගේ සිරුර විනිවිද පරීක්ෂණයකට (screening) ලක් කළ වෛද්‍යවරුන්ගේ ඇස ගැටුණේ කිසියම් කනගාටු දෙයකි.
 
සිය පියා වෙනත් ඉන්ද්‍රියයන් කරාද පැතිර ගිය ප්‍රොස්ටේට් පිළිකාවෙන් (advanced prostate cancer) පෙළුන අතර ඔහුගෙන් තමාට ද BRCA2 ජානය උරුම වී තිබුණ බව ඒ වනවිට සරෆිනා දැන සිටියාය. ඇයගේ පියාගේ වෛද්‍යවරුන් ඔහු සිය සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන් කරාද පැතිර ගිය ප්‍රොස්ටේට් පිළිකාවෙන් පෙළෙන බව තීන්දු කර තිබුන අතර, සරෆිනාත් ජාන පරීක්ෂණයකට මුහුණ දී තිබුණාය.
 
ඇයගේ සිරුරේ ඇතුළත් ජානය මගින් පියයුරු පිළිකාව ඇතුළුව වෙනත් වර්ගයේ පිළිකාවන්ට ගොදුරුවීමේ අන්තරායක් වර්ධනය වෙමින් පැවතුණි.
 
සරෆිනා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවැසි තරුණියකි. වසරකට දෙවතාවක් සිරුර විද්‍යුත් විනිවිද පරීක්ෂණයකට (screening) ලක් කරන ලෙස ඇයට උපදෙස් ලැබුණි.
 
මේ අතර ඇයගේ පළමු MRI පරීක්ෂණයෙන් පසු ජීව පටක පරීක්ෂා කෙරෙන 'බයෝප්සි' (biopsy) පරීක්ෂණයකට සහභාගි වෙන ලෙස සරෆිනාට උපදෙස් ලැබුණි.
 
"බයෝප්සි පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මම හිටියේ සහමුළින්ම දුර්වල තත්වයක," ඇය ප්‍රකාශ කළාය.
 
"මට මතකයි - මම තාත්තාගෙන් ඇහුවා - අපි දෙන්නාම පිළිකා රෝගීන් නම් මොකද වෙන්නේ කියල."
 
සිදුවීම් යහපත් වෙමින් තිබුණත් නිරන්තරයෙන් සිරුර 'ස්කෑන්' කෙරෙන පරීක්ෂණ සඳහා සහභාගි වීමට තමාට අනවශ්‍ය බව සරෆිනා වටහා ගත්තාය.
 
වයස අවුරුදු විසි ගණනක් වූ සරෆිනා පියයුරු පිළිකාව වළක්වා ගැනීමේ අරමුණෙන් පියයුරු ඉවත් කිරීමේ ද්විත්ව ශල්‍ය කර්මයකට සහ යලි පියයුරු බද්ධ කිරීමේ ක්‍රියාමාර්ගයක් සඳහා යොමුවීමට තීන්දු කළාය.
 
එම ශල්‍ය කර්මය මගින් සිදු කෙරෙන්නේ ඇයගේ සියලු පියයුරු පටක ඉවත් කරනු ලැබීම සහ අලුත් පියයුරු නිර්මාණය කිරීමට අවශ්‍ය බද්ධ කිරීමකි.
 
සාමාන්‍යයෙන් යළි බද්ධ කිරීමක් ද ඇතුළත් පියයුරු ඉවත් කිරීමේ ද්විත්ව ශල්‍යකර්ම සඳහා සහභාගී කෙරෙන්නේ කාණ්ඩ දෙකකි.
 
ඉන් පළමු කණ්ඩායම; පිළිකාවක් වැළඳී ඇතැයි රෝග විනිශ්චයක් සිදු කරන ලද පිරිසය. පියයුරු පිළිකාවක් වැළඳීමට ඉඩකඩ සහිත අධි ජාන ප්‍රවණතාවක් (high genetic tendency) ඇති පිරිස දෙවැනි කණ්ඩායම වෙයි. එම දෙවැනි කණ්ඩායමට පිළිකාව වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් ශල්‍ය කර්මයකට සහභාගි වීම තෝරාගත හැකිය.
 
වෛද්‍ය එමා පෙනරි (Dr Emma Pennery) එක්සත් රාජධානියේ ශුභසාධක ආයතනයක් වන Breast Cancer Now සංවිධානයේ සායනික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නීය.
 
"එවැනි අවස්ථාවක් ලැබීමට ඉඩකඩ ලැබෙන සරෆිනා වැනි කාන්තාවන් සහ දැනටමත් පිළිකාවකට ගොදුරු වී ඇති කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග අතර ප්‍රභේදනයක් තිබෙනවා," වෛද්‍ය එමා පෙනරි පවසන්නීය.
 
පිළිකා රෝගයට විධිමත්ව ප්‍රතිකාර කරනු ලැබීම උපරිම වැදගත් ක්‍රියාමාර්ගයකි.
 
"පියයුරු පිළිකා සෛල තන පුඩුව පිටුපස ප්‍රදේශයේ පවතින්න පුළුවන්. ඒ වගේම තන පුඩුව අවට තන මඩලෙහිත් තියෙන්න පුළුවන්. එම සියලු පිළිකා සෛල ඉවත් කරනු ලැබීම පිළිකාව පරාජය කිරීම සඳහා ආරක්‍ෂිත පියවරක්," වෛද්‍යවරිය වැඩිදුරටත් පවසයි.
 
සරෆිනා කැලිෆෝනියා සරසවියේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා හදාරන ශිෂ්‍යාවකි.
 
ඇය ඇයගේ කාය චිකිත්සක තෝරාගැනීම් සඳහා පර්යේෂණ ආරම්භ කළ විට ඇයගේ විද්‍යා ක්‍ෂේත්‍රයේ අධ්‍යාපන පසුබිම උත්තේජනයක් විය.
 
"මම කළ යුත්තේ කුමක්ද? යන්න තේරුම් ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වුණා," සරෆිනා පවසන්නීය.
 
"පියයුරු ඉවත් කිරීමේ ද්විත්ව ශල්‍ය කර්මයකට සහ නැවත පියයුරු නිර්මාණය කිරීමකට භාජනය කෙරුණ කාන්තාවකට එයාගේ පියයුරු ස්පර්ශ සංවේදීතාවය අහිමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ චුම්බනයක දී හැඟීමක් දැනෙන්නේ නැහැ. හිතන්න! එවැනි කාන්තාවක් මුහුදේ ඉන්නවා කියල. ඒ කාන්තාවගේ පපුවට රළ ස්පර්ශය දැනෙන්නේ නැහැ."
 
පිළිකා කල්තබා වළක්වා ගැනීමේ අටියෙන් පියයුරු ඉවත් කර ගැනීමේ ද්විත්ව ශල්‍ය ක්‍රම සඳහා සහභාගි වෙන කාන්තාවන් මුහුණ දෙන අතුරු ආබාධ අවම කිරීමට ප්‍රයත්න දරන ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් සමඟ තමා කටයුතු කරන බව වෛද්‍ය එමා පෙනරි පවසන්නීය.
 
"පයෝධරයේ සහ තනපුඩුවල ප්‍රමාණය සහ තනමඩලේ ප්‍රමාණයත් ඒ වගේම එහි ප්‍රමුඛතාවත් නිසා පියයුරු ඉවත්කොට අලුත් පියයුරු නිර්මාණය කිරීම විශාල කාර්යභාරයක්. එය පියයුරුවල හැඩයට බලපානවා. එම නව පියයුරු උල් නැහැ. පහතට එල්ලෙනවා," වෛද්‍යවරිය සඳහන් කළාය.
 
අලුතින් පියයුරු නිර්මාණය කළත් ඒවා සංවේදීතාවයෙන් යුක්ත නොවීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ඇය පවසන්නීය.
 
"පියයුරු ඉවත් කෙරෙන ද්විත්ව ශල්‍ය කර්මයකදී ශල්‍ය වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රවේශය සඳහා ඇතැම් නහර ඔස්සේ කැපුම් සිදු කරනවා. එම කැපුම් හිරිවැටීමක් ඇති කිරීමට හේතු විය හැකියි."
 
පියයුරු ඉවත් කෙරෙන ද්විත්ව ශල්‍ය කර්මයකින් සහ නව පියයුරු වර්ධනයකින් අනතුරුව එම පියයුරු සංවේදීතාව විශාල මට්ටමකින් අහිමි විය හැකි බව 'රාජකීය මාර්ස්ඩන් ආයතනයේ' අධ්‍යයනයකින් අනතුරුව 2016 වසරේ පළ කරන ලද ප්‍රකාශනයක් මගින් කියවෙයි.
 
එහෙත් එවැනි ශල්‍යකර්මවලට සහභාගි වෙන කාන්තාවන්ගෙන් බහුතරය එක්තරා මට්ටමක භාවෝද්දීපනයක් ලබන බවත් එහි දැක්වෙයි.
 
"ඉන්ද්‍රිය සංවේදීතා වෙනස් කෙරෙන පශ්චාත් පියයුරු නිර්මාණය කිරීම් පිළිබඳව අතීතයේ දී විශාල වශයෙන් අවධානය යොමු කෙරුණා. එම ශල්‍යකර්ම කාන්තාවකගේ ශරීරයට ගැළපෙන්න ඕන. ඒ වගේම ශරීරය විසින් එය භාරගත යුතුයි. එය කාන්තාවකගේ ජීවිත තෘප්තිය කෙරෙහි තීරණාත්මකව වැදගත් දෙයක්," ඉහත කී අධ්‍යයනයේ එක් කතුවරියක සහ පිළිකා රෝගීන් සඳහා ප්ලාස්ටික් පියයුරු බද්ධ කරන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වන අයේෂා ඛාන් (Ayesha Khan) පවසයි.
 
"පියයුරු නැවත නිර්මාණය කිරීමකින් අනතුරුව වඩාත් හොඳ සංවේදීතාවක් ඇති කිරීමේ අලුත් තාක්ෂණ වැඩි දියුණු වෙමිනුයි පවතින්නේ. අනාගතයේ දී කාන්තාවන්ට එමගින් හොඳ ප්‍රතිලාභ සැලසෙන ආකාරයක් පවතිනවා."
 
තම ප්‍රශ්නයට පිළිතුරක් සොයමින් සිටි සෆරිනාට වෛද්‍ය ඈන් පෙලෙඩ් (Dr Anne Peled) ගැන තොරතුරු ලැබුණි. ඇය මෙන්ම වෛද්‍ය ඈන් පෙලෙඩ් ද කැලිෆෝනියා නිවැසි කාන්තාවකි. වෛද්‍ය ඈන් පෙලෙඩ් පිළිකා රෝගය මෙන්ම පියයුරු නැවත වර්ධනය කිරීම කෙරෙහි යොමු වූ ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥවරියකි.
 
එපමනක් නොව වෛද්‍ය ඈන් පෙලෙඩ් පියයුරු පිළිකාවට ගොදුරුව ජීවිතය බේරුණ කාන්තාවකි. ඇය සිය අත්දැකීම මෙසේ විස්තර කළාය.
 
"මම පියයුරු පිළිකාවට ගොදුරු වී ඇති බවට රෝග විනිශ්චය කෙරුණ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මට ඉතා දුෂ්කර කාරණයක් වුණා. වයස අවුරුදු තිස් හතේදී (37) මගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා මගේ ලැම ප්‍රදේශයේ කිසිදු සංවේදීතාවක් නැතිව ගත කිරීමට සිදුවෙතැයි සිතීම මට මහා අසීරු කාරණයක් වුණා."
 
එම ගැටලුව තුළ වෛද්‍ය ඈන් පෙලෙඩ් විකල්ප ශල්‍ය කර්මයක් තෝරා ගත්තාය. ඇගේ සැමියා සංවේදීතාව සුරක්‍ෂිත කිරීම සඳහා නව ප්‍රවේශයන් ගවේෂණය කරන ස්නායු විශේෂඥයෙකි.
 
ඈන් පෙලෙඩ් වෛද්‍යවරිය 2019 වසර අවසාන අදියරෙහි සෆරිනා පියයුරු ඉවත් කිරීමේ ද්විත්ව ශල්‍යකර්මයකට සහ අනතුරුව පියයුරු යළි නිර්මාණය කිරීමේ සැත්කමකට භාජනය කළාය.
 
සිහි මූර්ඡා කරනු ලැබ සිටි සෆරිනා පියෙවි සිහිය ලද වහාම ඇය තුළ වූ හැඟීම සැහැල්ලුව විය. ඇය යළිත් සාමාන්‍ය අතට හැරීම හොඳින් සිදුවෙමින් පැවතුණි.
 
පියයුරු පිළිකාව වළක්වා ගැනීමේ ද්විත්ව පියයුරු සැත්කම සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීමට සෆරිනා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනිමින් සිටී.
 
ඒ අතරම ඇය අභ්‍යවකාශගාමිණියක් වීම සඳහා ඉල්ලුම් කිරීමට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වන්නීය.
 
මෙය සෆරිනාගේ පවුලට විශේෂයෙන්ම ඇයගේ පියාට අභියෝගාත්මක කාල වකවානුවකි. ඇයගේ පියා පිළිකා රෝගය සඳහා තවමත් ප්‍රතිකාර ලබයි.
 
"මගේ ජාන ඉවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තාත්තා ඉන්නේ හරිම කනගාටුවෙන්. මම ඒ ශල්‍යකර්මයට යා යුතුව තියෙනවා. එමගින් පැන නගින තත්වයට මුහුණ දෙන්න වෙනවා. මම හිතනවා - ඔහුගේ ප්‍රාර්ථනය මම එවැනි තත්වයකට මුහුණ දිය යුතු නැතැයි කියන එකයි," සෆරිනා පවසන්නීය.
 
"නමුත් මම හිතනවා සියල්ල හොඳින් සිදුවීම සම්බන්ධයෙන් තාත්තා ඇත්තෙන්ම ආඩම්බර වෙනවා කියල. බොහෝ සැහැල්ලුවෙන් ඉන්නවා කියල. ඒ වගේම මම සීයට සීයක්ම මා ගැන සතුටුයි."
 
BBC සිංහල


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top